සමකාමි සොයුරු පෙමක කථාවක්.


October 8, 2017 5:34 am

සමකාමි සොයුරු පෙමක කථාවක්.


සංක‍්‍රාන්ති ලිංගිකයින් හා සමරිසි ලිංගිකයින් පිළිබඳ අද දවසේ ජේසු වෙබ් අඩවියේ ඵල වු ලිපි දෙක නිසා එවැන්නන්ගේ මව්පියන් සොයුරු සොයුරියන් සමඟ ඔවුන් ගත කරන ජීවිතය පිළිබඳ සිතන්නට මා තුළ පෙළඹවීමත් ඇති වුණා. පහත දැක්වෙන සත්‍ය කථාව මට හමුවුනේ අසිරි සිරිනි – 2 ග‍්‍රන්ථයෙන්.
චිත‍්‍රා අයි පෙරේරා පරිවර්තනය කළ එම ග‍්‍රන්ථයේ අතුලත් පහත කථාව ඔබට තව දුරටත් ඔවුන් තුළ සිටින මිනිසා හඳුනා ගැනීමට උපකාරි වනු ඇත.
පුනරාලෝකනය
අයියා මට වඩා අවුරුදු තුනක් වැඩිමහල් මම උපන්නේ අගොස්තු 28 වෙනිදා. ජොනී අයියා අගොස්තු 29 වෙනිදා.
‘සැල් ඔයා තමයි මගේ උපන් දින තෑග්ඟ’ අයියා බොහෝ අවස්ථාවලදි කියනවා. අයිය විතරයි මට සැල් කියලා කතා කරන්නෙත්.
අම්මයි. තාත්තායි වැඩට යද්දී අයියා තමයි මාව බලා ගන්නේ ඉස්කෝලේ ඉඳලා ආවට පස්සේ මගේ ඕනැ එපාකම් හොයා බලනවා. සීත කාලේදි උණුසුම් ඇඳුමක් ඇඳගන්න කියා අයියා බල කරනවා. වැස්ස දවසට අයියා කරන්නේ රෙකොඞ් ප්ලේයර් එකේ ගී වාදනය කරන එකයි. ඊට පස්සේ අපි ගේ පුරා නටනවා.
ජොනී අයියා උසස් විiාලයට ගියා. සාදය පවත්වන දවසේ අයියාගේ සහකාරිට යන්න වුනේ මටයි. අපි දෙන්නා ? පුරා නැටුවා. ඒකට හේතුවුනේ අයියාට යාළු ගෑණු ළමයි නැතිවීමයි. අයියා සමලිංගික සේවනයට ඇබ්බැහි වුණු කෙනෙක්. මට ඕනෑ කළේ මගේ අයියව සතුටෙන් තියන්න විරතයි. අයියට මගේ ආදරය විතරක් නෙමෙයි මගේ දරුවන්ගේ ආදරයත් නොඅඩුව ලැබුණා.
මගේ පුත්තු දෙන්නා නිවුන්නු. නිකලස් හා මැතිව්, එයාලට මාමා නැතිවම බැහැ. ආදරේට ඒ දෙන්නා අයියට කීවේ නොනී කියලයි. ඒ නම ස්ථාවර වුණා.
මගේ සැමියා හෝවාර්ඞ්. අපි දෙන්නා බොහොම සතුටින් ජීවත් වුණා. අපේ ගෙදර ලොකුයි. නිදන කාමරම පහක් තියෙනවා. මට ඕනැ වුනේ මගේ දරුවෝ ගේ පිරෙන්න හදන්නයි. කාමර පහේම ඉන්න දරුවෝ පස්දෙනෙක් හිටියා නම් හොඳයි. ඒත් අවාසනාවට මට අවුරුදු තිස්දෙක වෙනකොට මගේ දරුබොක්කේ ආබාධයක් නිසා එය ඉවත් කරන්න සිදු වුණා. දැන් අපිට කරන්න තියෙන්නේ තවත් දරුවෙක් හදාගන්න එක විතරයි. අපි පොරොත්තු ලේඛනයේ අපේ නම සඳහන් කළා.
සමහර විට ? නැගිට්ටාම මට නින්ද යන්නේ නැහැ. ඒ වෙලාවට මම අයියාට කතා කරනවා.
‘‘අයියේ, මට ආයෙමත් දරුවෙක් ලබාගන්න බැහැ’’ මම හඬමින් අයියාට කීවා.
‘‘උත්සාහය අත්හින්න එපා සැල්. මගේ නංගිට තව දරුවෙක් ලැබේවි.’’ අයියා මාව සනසවමින් කියනවා.
1990 දී මගේ ලෝකය දෙදරා ගියා. අයියට ඒඞ්ස් හැදිලා. මගේ ආදරණීය අයියා මැරේවි කියා මට හිතාගන්නවත් බැහැ. මම හඬමින් අයියාව වැළඳ ගත්තා. මගේ අයියාව ආරක්ෂා කරගන්න පුළුවන් නම් මම ඕනෑම පරිත්‍යාගයක් කරනවා. අයියා ජීවත් වුනේ අපේ ගෙදරට නුදුරින් පිහිටි නිවසකයි. මම හැම තිස්සේම ගිහින් අයියට සාත්තු කරනවා. සමහර වෙලාවට අයියගේ ඇස් බැබලෙනවා. පුංචි කාලේදි වගේ අයියා මාව බදාගෙන ගේ පුරා නටමින් යනවා. පසුව ටිකෙන් ටික අයියා දුර්වල වුණා.
1992 වන විට අයියාගේ අවසානය ළඟ බව මට වැටහී ගියා. සැප්තැම්බරයේ දවසක අම්මයි. තාත්තායි මායි අයියාගේ ඇඳ වටා රොක් වුණා.
’අයියා නැතුව වැඩියෙන් පාළුව මටයි. අයියේ ලස්සන ආලෝකයක් පෙනේවි. එතනට යන්න’’ මම පහත් වී අයියාව සිප ගනිමින් කීවා. දිග හුස්මකින් අයියාගේ ප‍්‍රාණය නිරුද්ධ වී ගියා.
අයියා අසනීප වුණු කාලයේ ඉඳලා අතේ තියාගෙන හිටියා පුංචි පදක්කමක්. ඒක ආගමික සංකේතයක්. දුක වාව ගන්න බැරුව මම ඒක අතට ගත්තා. ඒක පපුවට තද කරගෙන මම ඇඬුවා. ගෙදර ආ මම ඒක ප‍්‍රවේසමෙන් රාක්කයේ තැබුවා.
මගේ අයියා නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ. මගේ අයියා මීට පස්සේ මාත් එක්ක නටන්න එන්නේ නැහැ. සැල් කියා මට කතා කරන්නේ නැහැ. මම පදක්කම තියාගෙන දුක වැඩිවෙන කොට යාඥා කරනවා.
සති කීපයක් ගෙවී ගියා. එක උදැසනක මගේ දරු දෙන්නා කුස්සියට දුවගෙන ආවේ සතුටින් කෑ ගසමින් ‘‘අම්මේ, නොනී ඉන්නවා’’
මගේ කකුල් දෙක ගැහෙන්න වුණා.
‘‘මොනවාද මේ කියන්නේ ?’’ මම තතනමින් ඇසුවා.
‘‘මාමා ආවා. රතු කමිසයක් ඇඳලා හිටියේ’’
පුතාලගේ කීම විශ්වාස කරන්න මට ඕනැ වුණත්, එයාලා මාමට කොයි තරම් ආදරේද කියා මම දන්නවා. ඒ නිසා මේ දෙන්නා කතාව හිතින් මවා ගන්න ඇති.
මාස ගණනාවකට පස්සේ මාමා එනවා කියන කතාව නැවතුණා. ජීවිතේ ගෙවෙනවා. ඉස්සර වගේ නොවෙයි. දැන් ජීවිතය අඳුරු වෙලා.
‘‘අඩුතරමින් ළමයෙක්වත් හදාගන්න ගනිමු’’ මම දවසක් දා ? හෝවාර්ඞ්ට කීවේ හඬමින්.
‘‘අපිට ජීවිතේ බලාපොරොත්තුවක් තියෙන්න ඕනැ.’’
දෙවැනි සැරේටත් අපි ළමයින් හදාවඩා ගැනීමට දෙන ආයතනයක ගියා. සති, මාස ගණන් ගෙවී ගියත් අපට පිළිතුරුක් ලැබුනේ නැහැ. අයියා වෙනුවෙන් තියෙන ආදරය දරුවකුට පිරිනමන්නවත් මට ඉඩක් නැහැ.
‘‘උත්සහය අත්හරින්න එපා සැල්’’ අයියා ඇතැම් අවස්ථාවලදි කොඳුරා කියනවා මගේ හිතට දැනෙනවා.
මමත් උත්සහය අත්හැරියේ නැහැ. අවුරුදු දෙකකට පසුව අපිට පණිවුඩයක් ලැබුණා. ඈන්ට වයස අවුරුදු දෙකයි. එයා රුසියානු අනාථ දැරියක්. කියන්නත් පළමුවෙන් මම ගුවන් යානයට නැඟුණා. කටුක ජීවිතයක් ගත කළත් ඈන් නිරෝගී දැරියක්. එයාට ඉංගී‍්‍රසි බැහැ. අපිත් එක්ක සම්බන්ධ වුනේ හිනාවෙන්, හාඳුවලින්,
ඈන් අපේ ගෙදරට ඇවිත් මාස කීපයක් ගතවුණා. එක දවසක් මම සාප්පු ගිහින් එද්දී හෝවාර්ඞ් මා එනතුරු දොරකඩට වෙලා නොඉවසිල්ලකින් බලා ඉන්නවා. මගේ අතින් අල්ලා ගත් හෝවාර්ඞ් මාව ඈන් ගාවට එක් කරගෙන ගියා. ජොනීගේ පදක්කම ඈන් අතේ. මා දිහා බැලූ ඈන් නොනී කියමින් පදක්කම මගේ දෙපා ළගීන් තැබුවා.
එයා හවස තිස්සේම ඔය නම කියනවා.
මගේ දෑස කඳුළින් පිරුණා. ඈන් ඉදිරියේ ඒ නම මම කවදාවත් කියලා නැහැ. අපේ ගෙදරදීම ඒ නම කියවුනේ නැහැ. පුතාලා දෙන්නා අයියා ගැන කතා වුණා නම් එයා පදක්කම ගැන දන්නේ කොහොමද?
ජොනී අපේ ගෙදර ආවද, රුසියාවට ගියාද, මගේ අයියා ඇත්තේ ඉටු දෙවියාද, එයා දැකපු නිසා ඈන් ඒ නම කියනවාද? මට හිතුණේ අයියා මගෙන් සඳහටම ඈත්වුණු කියලයි. ඒක වැරදි අදහසක්.
ඊයේ ? ඈන් සෙල්ලම් කිරීම නවත්තලා ඇවිත් මාව බදාගත්තා. ඈන්ගේ මූණා දිහා බැලූ මට පෙනුණේ අයියාගේ ප‍්‍රීතිමත් මූණයි. ආදරයේ බැඳීම් කිසිදිනෙක මිය යන්නේ නැහැ. අයියා හැම තිස්සේම අපිත් එක්ක ඉන්නවා. ඒ ඈන්ගේ ලස්සන මඳහස මැද්දේ.
ඊවා උන්ගා

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696