සංක‍්‍රාන්ති ලිංගිකයා – 4


November 26, 2017 6:00 am

ලංකාවේ හා ඉන්දියාවේ අත්දැකිම් දෙකක්

පළමු කතාව
ශී‍්‍ර ලංකාවේ කතෝලික පිරිමි පාසලකි. ගැහැණු ළමයෙකු පාසලේ කාර්යාලයට පැමිණේ.. ඇය තම පාසල් හැර යාමේ සහතිකය ඉල්ලා සිටින්නීය.
විමතියට හා කලබලයට පත් පාසල් අධිකාරිය ඇයට වරදක් සිදු වී ඇති බව කියන්නට උත්සහ කරද්දී ඇය අගේ සත්‍ය කථාව කියා සිටියාය.
ඔහු මේ පිරිමි පාසලට පිරිමි ළමයෙකු ලෙස ඇතුලත් වූවත් සංක‍්‍රාන්ති ලිංගික ලක්ෂණ වලින් යුතු ඔහු / ඇය අද මුළුමනින්ම ස්ත‍්‍රීයක බවට පත් ව සිටි.
පිරිමි පාසලක ඉගෙනීම් සහතිකයක් ඇතිව අනාගතයට මුහුණ දීමට යන මේ යුවතියව යුවතියක ලෙස බාර ගැනීමට අප සූදානම් විය යුතුය.
ශී‍්‍ර ලංකාව තවමත් සුළුතර ලිංගික අනන්‍යතාවයක් සහිත මිනිසුන් ගැන වපරැුසින් බලන බොහෝ විට ගර්හාවට ලක් කරන රටකි. වැිමිඑදා්හ වෙබ් අඩවිය මේ ලිපියේ ශීර්ෂය යටතේ ලිපි කීපයක්ම ඵල කරනු ලැබුවේ සුළුතර ලිංගික අනන්‍යතා සහිත මිනිසුන් ගැන දේව සිත හඳුනාගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව සිතන නිසාය.
දෙවන කතාව
මෙය ඉන්දියාවෙන් වාර්තාවන කතාවකි. ඒ කතාව ඉන්දියාවේ ප‍්‍රථම සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවක හා සංක‍්‍රාන්ති ලිංගික පිරිමියෙකු අතර සිදුවීමට යන ප‍්‍රථම විවාහය ගැනයි. රේඛා නිලූක්ෂි හේරත් 2017.10.29 දින රාවය පුවත්පතට ඒ ගැන සවිස්තර තොරතුරු ඇතුලත් ලිපියක් එක්කොට තිබුණී.
මේ ප‍්‍රබල ආරවි අප්පුකුට්ටන් හා සුකන්යා ක‍්‍රිෂ්ණාය. ආරම් ඉපිද ඇත්තේ ජීව විiාත්මකව ගැහැණු සිරුරක් ඇතිවය. සුකන්යා ඉපිද ඇත්තේ ජීව විiාත්මකව පිරිමි සිරුරක් ඇතිවය. ඔවුන් ශාරීරික දෙදෙනාම සංක‍්‍රාන්ති ලිංගිකයන් සිදු කළ යුතු ශාරීරික වෙනස්කම් සඳහා වන සැත්කම් වලට යොමුව සිටිති.
ඔවුන්ගේ විවාහ තීරණය ඇතැමුන්ගේ දැඩි දෝෂ දර්ශනයටත් විශේෂයෙන් සංක‍්‍රාන්ති ලිංගික ප‍්‍රජාවන්ගේ ඇගයීමටත් ලක් වී ඇත. සමහරුන් මරණ තර්ජන පවා ඔවුන්ට එල්ල කොට තිබෙනවා. ඔවුන් හුදෙක් හැඟීම් බරව එක්වන යුවලක් නොවෙයි. ඔවුන් දැනුවත් ව විවාහ ජීවිතයට ඇතුලත් වන යුවලක්.
”අපි සැලසුම් කරලා තියෙන්නේ විවාහයෙන් පස්සේ ඉන්දියාව පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් රැුසකට සහභාගී වෙන්න. විශේෂයෙන් සංක‍්‍රාන්ති ලිංගිකයින් ගැන මව්පියන්ව දැනුවත් කරන්න. මේවා අපි කාලයක් පෞද්ගලිකව කළ දේවල්. විවාහයත් එක්ක අපට ලොකු වේදිකාවක් හැදුනා. අපි ඒක සමාජ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා”
සංක‍්‍රාන්ති ලිංගිකයින් වීම පාපයක් ලෙස සලකා ඔවුන්ට විවිධ කතා කියන අයට ඔවුන්ගේ මේ පිළිතුර නැවත සිතා බැලීමකට ආරාධනා කරනවා.
”මැරුනාට පස්සේ  ඕගොල්ලන් දිව්‍ය ලෝකයට යන්න ආස නැද්ද කියලා සමහරු අපෙන් අහනවා. ඔවුන් කියන්නේ අපි විවාහ වුනොත් අපිව දිව්‍ය ලෝකයත් ප‍්‍රතික්ෂේප වෙනවා. සංක‍්‍රාන්ති ලිංගික බව පාපයක්ලූ. අපිට නම් දිව්‍ය ලෝකය කියන්නේ මේ මහා පොළවේ අපේ අනන්‍යතාවය සමඟ එකට ආදරයෙන් ජීවත්වීම.’’
ඉන්දියාවේ කතෝලික සභාව මෙන්ම කිතුනු සභාත් සංක‍්‍රාන්ති ලිංගිකයන් ගැන අවධානය යොමු කොට සංවාද හා ක‍්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඔවුන් දෙස දෙවි ඇසින් බලන්න ඔවුන් ආරම්භ කර තිබේනවා”
 මේ ආරව් හා සුකන්යාගේ විවාහය වෙනුවෙන්. ශී‍්‍ර ලංකාවේ තරුණයෙකු ලියු සංක්ෂිප්ත කවියක්.

jesustodaysl 39 සතිය 2017 නොවැම්බර් 26

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696