මතින් වැනසෙන්නෝ දේව අභිමතයට පිටුපාන්නෝය.


October 15, 2017 8:57 am

මතින් වැනසෙන්නෝ දේව අභිමතයට පිටුපාන්නෝය.

‘‘දුක කාටද ?
කාළකන්නිකම කාටද ?
අඩදබර කාටද ?
මැසිවිලි කාට ද ?
සුරා බෝතලය ළඟ පමා වන මිනිසාටය.
තව තවත් මත්පැන් බොන්න යන මිනිසාටය.’’
(හිතෝපදේශය 23/29)

ඇස් ඇර බලන්න අපේ රට දෙස

දුම්වැටි නිසා හැම දිනකම 55 දෙනෙකු මියයි.
වසරකට 20 000 ක් මිය යයි.
මත්පැන් නිසා වසරකට 30 000 ක් මිය යයි.
ඇස් ඇර බලන්න ලෝකය දෙස
දුම්වැටි නිසා සෑම තත්පර 6 කට එක් අයෙක් මිය යයි.
මත්පැන් නිසා සෑම තත්පර 10 කට එක් අයෙක් මිය යයි.
දුම්වැටි නිසා වසරකට 6 000 000 මිය යයි.
මත්පැන් නිසා වසරකට 4 000 000 ක් මිය යයි.

මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය

 ඔබට ඔබව අහිමි කරයි. ඔබේ පවුලේ අය, මිතුරන් මරණයට පත් කරයි.
 ඔබේ පවුලේ අය, මිතුරන් රෝගීන් බවට පත් කරයි.
 ලිංගික බෙලහිනතාවය, වඳභාවය ළඟා කර දෙයි.
 ඔබව දුගියෙක් බවට, ඔබේ පවුල දුප්පත් පවුලක් බවට. ඔබේ රට දුප්පත් රටක් බවට පත් කරයි.
 ඔබව, ඔබේ පවුලේ අයව කැත, අවලස්සන. දුගද හමන අප‍්‍රිය ජනක පුද්ගයින් බවට පත් කරයි.

මත්ද්‍රව්‍ය නිසා ලැබෙන ත්‍යාග මොනවාද ?

 ඉස්තරම් වර්ගය පිළිකා.
 ඉස්තරම් වර්ගයේ හෘදයාබාධා
 ඉස්තරම් වර්ගයේ ස්වසන රෝග
මිතුරුකම් වැඩි කර ගන්න, ෆන් එකක්, ආතල් එකක් ගන්න, දුම්වැටි මධ්‍යසාර මත්පැන් අවශ්‍යයි කියන්නේ වෙළෙන්දෝ මිසක් වෛවරු නොවෙයි. සියළු ආගම් මේවායෙන් වැලැකීම යහපත් ජීවිතයකට අත්‍යාවශ්‍ය බව පවසා ඇත.
දුම්වැටි, මත්පැන් නැතිව ආතල් ගන්න පුළුවන්.
දුම්වැටි, මත්පැන් නැතිව ප‍්‍රශ්න විසඳන්න පුළුවන්.
දුම්වැටි, මත්පැන් නැතිව දුක්තැවුල් දරා ගන්න පුළුවන්.
බොරු ප‍්‍රචර වලට රැුවටෙන්න එපා. කුඩා ප‍්‍රමාණවලින් වුවත් මේවා මිනිස් සිරුරට අහිතකරයි. විශේෂයෙන් වර්ථමානයේදි දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය වෙළඳුන්ගේ ඉලක්කය
පාසල් සිසුන්,
නව යෞවනයන්,
කාන්තාවන්,
ඔබ, ඔබගේ පවුලේ අයෙකු මේවාට ගොඳුරු වී ඇත්නම් ඉන් මිදීමට උපකාර කරන්න. එය රෝගී තත්වයකි. එයට ප‍්‍රතිකාර ඇත. රජයේ රෝහල් වලින් වුවද ඇබ්බැහි වීමට ප‍්‍රතිකාර ගත හැකිය.
 මත්ද්‍රව්‍ය, දුම්කොළ සමාගම්වල ආධාර අනුග‍්‍රහ කිසිවකට නොගනිමු.
 පල්ලි, පන්සල් වලට මේවා අලවි කරන අයගේ ආධාර නොගනිමු.
 ඇබ්බැහි වූවත් මුදවා ගැනීමට ක‍්‍රියා කරමු.
 නිනිපතා අඛණ්ඩව දැනුවත් කිරිම් සිදු කරමු.

‘‘මධ්‍යපානය කේලාම්කරුවෙකි, සුරාපානය කලහකරුවෙකි. බීමත් කමට මුලාවන්නා මෝඩයෙකි’’ (හිතෝපදේශ 20/1)
‘‘මධ්‍යසාරය රතට රතේ දිලිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න. අන්තිමේදි එය නයෙකු මෙන් සපාකයි. පොළගෙකු මෙන් දෂ්ට කරයි.’’ (හිතෝපදේශ 23/31)
‘‘ඔබ ඔබට ආදරෙයිද ?
ඔබ ඔබේ පවුලට, දරුවන්ට, ආදරෙයිද ?
ඔබ ඔබේ රටට, ලෝකයට ආදරෙයිද ?
එසේ නම්
මතින් තොර වෙන්න.’’

jesustodaysl 33 සතිය 2017 ඔක්තෝම්බර් 15


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696