ජෙරුසලම, අදාල නෑනේ !


December 31, 2017 6:06 am

ජෙරුසලම, අදාල නෑනේ !

පරණ අවුරුද්ද ගෙවෙන දවසේ තරුණ අපිට ජෙරුසලම අමතක කරන්න බෑ කියලා මම කියන්නේ. ”යකෝ මේ රට ඇතුලේ අනන්ත ප‍්‍රශ්න තියෙද්දී කොහේවත් තිබෙන ජෙරුසලම අදාළ ම නෑ නේ ” කියලා කියන්න එපා. විශේෂයෙන් කිතුනු තරුණයන් ලෙස ‘අද ජේසුව’ හඳුනාගත්දී ජෙරුසලම අදාළයි.
”ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියන අපේ දිනපතා යැදුමේ එන දේව රාජ්‍යය ‘නව ජෙරුසලම’ කියලත් හඳුන්වනවා.
ඇත්තටම මේ නව ජෙරුසලම මේ පෘතුවී තලය තුළ අත්දකින්න බාධාවක් බවට පරණ ජෙරුසලම පත්වෙලා.
ජේසු හා ජෙරුසලම.
බයිබලයේ කථාව අනුව දාවිත් අගනුවර ලෙස තෝරාගත්තේ තමා අයත් බෙන්ජමින්ගේ පරපුරට අයත් ප‍්‍රදේශයේ අගනුවර වන බෙත්ලෙහෙම නොවේ. ඔහු ජෙබ‍්‍රසයිට්වරුන් පරදවා අල්ලාගත් ජෙරුසලම් නගරයයි. ජුදා ජනයාගේ (ඊශ‍්‍රායල් ජනයාගේ) රාජ්‍යයේ අගනුවර බවට ජෙරුසලම පත්වන්නේ ඒ අනුවය. ඒ අනුව ජෙරුසලම ‘බලයේ’ නගරය වේ.
දාවිත්ගේ පෙළපතින් එන ගැලවුම්කාරයාණන් වන ජේසු තුමන් උපත ලබන්නේ ජෙරුසලම් නොවේ. බෙත්ලෙහෙම් පුරයේය. දෙවියන් වහන්සෙගේ කැමැත්ත එයයි. දාවිත්ගේ පෙළපතේ විශිෂ්ඨ රජු වන ජේසුස් වහන්සේව, මරණයට පත් කරන්නේ ජෙරුසලමේය.
ජේසුස් වහන්සේ ජෙරුසලම උත්කර්ෂයට නංවන්නේ නැත. ඒ වෙනුවට ජෙරුසලමේ අපකීර්තිමත් බව පෙන්වා දෙයි.
”අහෝ ජෙරුසලම ! දිවැසිවරුන් නසන තී වෙත එවු දූතයන්ට ගල් ගසන ජෙරුසලම ! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක් රැුස් කරන්නාක් මෙන් තීගේ දරු කැළ එක් රැස් කරන්නට මම කී වරක් කැමැති වූයේම්ද ? එහෙත් තී කැමැති නොවුවාය. බලන්න තිගේ දේව මාලිගාව පාළු කර දමනු ලැබේ ! (මතෙව් 23/31-38)
ජේසුස් වහන්සේ ජෙරුසලම දුටුවේ නිතරම දේව කැමැත්තට පිටුපාන නගරයක් ලෙසය. එහි බලවතුන් දේව දාසයන් මරා දමන සාමයේ නොව මරණයේ නරගයක් ලෙසය.
ට‍්‍රම්ප් හා ජෙරුසලම.
ලෝක පොලිස්කාරයා කියන ඇමරිකාවේ නාගෙට අහන්නේ නැති ජනපති ට‍්‍රම්ප් ’ජෙරුසලම’ ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව දෙසැම්බර 06 වන දා ප‍්‍රකාශ කිරීමක් සමඟ උඳුවප් සීතල පරදා යුද්ධයේ උණුසුම මැද පෙරදිගල කලාපය වටා ගොඩනැුනා. 6 වන දා සිට මේ සටහන ලියන දෙසැම්බර් 25 වනදා තෙක්ම ඊශ‍්‍රායල පලස්තීන ගැටුම් ඇවිළෙමින් තිබෙනවා.
දෙසැම්බර් 21 එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය රැස්වුනේ ට‍්‍රම්ගේ මෙම තීරණය පිළිබඳ ලෝකයේ මතය විමසීමටයි. එහිදි ‘ජෙරුසලම ඊශ‍්‍රායලයේ අග නුවර ලෙස පිළිගන්න බෑ කියලා රටවල් 128 ක් ඡුන්දය දී තිබුණා. ට‍්‍රම්ගේ තීරණයට පක්ෂව ඡුන්දය දී තිබුනේ රටවල් 9 ක් පමනයි. රටවල් 35 ඡුන්ද දීමෙන් වැළකි සිටියා. ශී‍්‍ර ලංකාවත් ට‍්‍රම්ප් විරුද්ධව ඡුන්දය දීම හුඟ කාලෙකට පස්සේ අපේ ස්වෛරිබව ප‍්‍රකාශ කිරිමක්.
කිතුනුවෙකු වශයෙන් අපේ සුදතුම් පියාණන් අනුව යමින් අපිත් ට‍්‍රම්ප්ට විරෝධය ඵල කළ යුතුයි. එහෙම කිව්වම කෙනෙක් කියයි ‘අනේ උඹට බයේ ට‍්‍රම්ප් ඕක හකුල ගනියි. බලන් ඉඳපං’ කියලා. නෑ මම කියන්නේ ඒක නොවෙයි. අපිට අපේ පෘතුවියේ සාමකාමි පැවැත්ම ගැන ලෝක ප‍්‍රවනතා ගැන කිතුනු අදහසක් තියෙන්න ඕනා කියලයි.
දේව රාජ්‍යය කියන්නේ පැරණි ජෙරුසලම කඩා බිඳ දමා ගොඩනගන නව නරගයක් නොවෙයි. දෙවියන්ගේ වාසභවනය ලෙස ජුදාවරු දුටුවේ ජෙරුසලම. දෙවියන් රජ කරන ලෝකයක්. ඒ කියන්නේ පේ‍්‍රමය රජ කරන ලෝකයක් තමයි දේව රාජ්‍යය.
දැන් ට‍්‍රම්ප් මේ කරන්නේ නව ජෙරුසලම ගොඩනැගීමට විරුද්ධව පරණ ජෙරුසලම භාවිතා කිරීමයි. ඛේදනීය කාරණය වන්නේ ට‍්‍රම්ප් ජෙරුසලම ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම ට‍්‍රම්ප් මූලධර්මවාදින්ට දුන් ඡුන්ද පොරොන්දුවක් වීම.
තරුණ, තරුණයින් ලෝකය ගැන උනන්දු වීම අත්‍යාවශ්‍යයි. මොකද වැඩිහිටියන්ගෙන් බාරගෙන අනාගත පරපුරට මේ ලෝකය මීට වඩා සුන්දර එකක් ලෙස බාර දීමේ වගකිම දෙවියන් දීලා තිබෙන්නේ තරුණයන්ට නිසා.
දින හයේ යුද්ධය.
මීට අවුරුදු 50 කට කලින් 1967 දී ඊශ‍්‍රායලය හා අසල්වැසි රාජ්‍යයන් අතර යුද්ධයක් ඇති වුනා. හරියටම කිව්වොත් ඊශ‍්‍රායල යුද්ධ ප‍්‍රකාශ කළා. ‘දින හයේ යුද්ධය’ ලෙස ප‍්‍රචලිත ඒ යුද්ධය නිමාවුනේ පලස්තීන ජනයා ලක්ෂණ ගණනක් පළවා හරිමින්. ඊජිප්තුවේ ගාසා තීරය, සිනයි කතර, ජෝර්දානයේ බටහිර ඉවුර, සිරියාවේ ග්ලොන් කඳුකරය හා නැගෙනහිර ජෙරුසලම ඊශ‍්‍රායලය අත්පත් කර ගැනීමෙනි.
එතැන් සිට අවුරුදු 50 ක් මැද පෙරදිග සාමය පිළිබඳ ලෝකයේ අවධානය යොමු වුනා. ඊශ‍්‍රායලය ලෙස රටක් ගොඩනැගෙද්දී පලස්තීනුවන් ලක්ෂ ගණනක් රටක් නැති වුන් බවට පත්වුනා. පලස්තීන විමුක්ති ව්‍යාපායර බිහිවන්නේ ඒ අනුව,
කොහොම උනත් අඩුපාඩුකම් සහිතව හා පලස්තීන ඊශ‍්‍රායලය අතර ඇති වු සාම ගිවිසුම ගෙනාවේ අස්වැසිල්ලක්. ට‍්‍රම්ප් නැති කරන්නේ ඒ අස්වැසිල්ල.
ලෝකය ගැන උනන්දුවන තරුණ තරුණියන් වෙන්න එළඹෙන වසරේදි අපි ක‍්‍රියා කරමු. ලෝක දැක්මක් නැති කිසිවෙකුට ජේසුට ආදරය කරන්න බෑ. සැබෑ ලෙස ජේසුට ආදරය කරන්න අපිට පුළුවන් වෙන්නේ විශ්ව දැක්මක් එක්කයි.
සයිබරයේ සැරිසරන ගමන් ලෝකය තුළ ජේසුව දකින්න, ලෝකය තුළ දේව රාජ්‍යය දකින්න තීරණයක් ගන්න. 2018 ට අරුතක් එක් කරන්න එය උපකාරි වේවි.
jesustodaysl 44 සතිය 2017 දෙසැම්බර් 31

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696