ඩිජිටල් ලොවක යෞවනයා


October 22, 2017 12:04 am

ඩිජිටල් ලොවක යෞවනයා හා ධර්මදානය.

2017 ලෝක ධර්මදූත ඉරුදින වෙනුවෙන් ප‍්‍රැන්සිස් පාප් තුමන් නිකුත් කළ පණිවුඩයේදි එතුමා තාරුණයා සභා ධර්මදානයේ අනාගත බලාපොරොත්තුව වේ යැයි ප‍්‍රකාශ කර තිබුණි.
තරුණයා පිළිබඳ ප‍්‍රැන්සිස් පාප් තුමන්ගේ බලාපොරොත්තු සහගත අවධානය ශී‍්‍ර ලංකාවේ කිතුනු සභාව බරපතළව සැලකිල්ලට ලක් කරන බවක් නොපෙනීම කනගාටුවට කරුණකි.
එතුමා තම පණිවිඩයේ මෙසේ සඳහන් කරයි.
‘‘සභා ධර්මදානයේ අනාගත බලාපොරොත්තුව යොවුන් පරපුර වේ. ක‍්‍රිස්තුස් වහන්සේ යෞවනයින් වෙනුවෙන් බොහෝ දේ කතා කළ බව අපි දනිමු. උන්වහන්සේ වදාළ සුපුවත තව දුරටත් යෞවනයින්ට ආකර්ශනයක් වනවාට සැක නැත. මිනිස් වර්ගයාට සේවය කිරිම සඳහා ධෛර්යන්තව හා දැඩි උනන්දුවකින් තරුණ පරපුර පසුවන බව අපි දකිමු.’’
අද තරුණ පරපුර අතර පාපයට අඳුරට එරෙහිව එකමුතුව සාමුහිකව සටන්වාදි සිටින පිරිසක් සිටිම ඇත්තෙන්ම සතුටට කරුණක්’
පාප් තුමන්ගේ මේ සුබවාදි දැක්ම තරුණ පරපුර කෙරෙහි අපේ සභාවන්ට තිබේනවාද ? බලාපොරොත්තු සහගතව ඔවුන් සමඟ වැඩ කිරීමට කී දෙනෙකු කැපවී සිටිනවාද ? ඊටත් වඩා ඔවුන්ගේ අදහස්වලට අප කොතරම් ඉඩ දෙනවා ද ?
ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් තව දුරටත් මෙසේ පවසයි.
‘‘අප ඊළඟ රදගුරු සමුළුව 2018 දී පැවැත්වීමට අදහස් කරන අතර එහි තේමාව’’ යොවුන් විශ්වාසය තුළින් දේව කැඳවීම’’ යන්නයි. මෙහිදි නූතන තරුණ තරුණියන්ට ඔවුන්ගේ ආකර්ශනීය නිර්මාණශීලී නව සංකල්පනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු’’
පාප් තුමන්ගේ සුවිශේෂ අවධානය තරුණයා වෙත යොමු වී තිබෙන අතර තාරුණ්‍යයට බලපාන බොහෝ ක්ෂෙත‍්‍ර පිළිබඳ දැනටමත් එතුමා අවධානය යොමු කර තිබේ. පසුගියාදා ‘ඩිජිටල් ලෝකය තුළ දරුවන්ගේ ගරුත්වය ආරක්ෂා කිරිම’ පිළිබඳ පළමු ලෝක සමුළුව අමතා එතුමා මෙසේ පවසා තිබුණි.
‘‘ඩිජිටල් ලෝකය තුල දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඉහළම ප‍්‍රමුඛත්වය අප ලබා දිය යුතුය. මේ සඳහා ආන්ඩු හා නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන අතර ගෝලීය මට්ටම් පුළුල් සහයෝගීතාවයක් තුළ කටයුතු කිරිම යුගයේ අවශ්‍යතාවයකි. අපරාධ ගැන දැනුවත් භාවයකින් යුතුව අධිශ්ඨානශීලිව සටන් වැදීමට වගකිව යුතු සියළු දෙනා කටයුතු කළ යුතුය.
මෙහිදි පහත කරුණු ගැන අවධානය යොමු විය යුතුය.
 අන්තර්ජාලය ආරක්ෂාව
 නීතිරීති බලාත්මක කිරීම
 අධ්‍යාපනය ලබාදීම ගැන අවධානය යොමු විය යුතුය.
තරුණ පරපුර හා ළමා පරපුර මේ අභියෝගයට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් එතුමා දරුවන්ගේ හා තරුණයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ යුගය තුළ මැදිහත්වීම වැදගත් ¥ත කාර්යයක් බව අවධාරණය කර තිබුණි.
ශී‍්‍ර ලංකාව තුළ මෙම ¥ත කාර්ය හා සටන සඳහා ඇප කැපවු ව්‍යාපාරයක් දැකිය නොහැකිය. ඒ සඳහා ක‍්‍රියාකිරිම සඳහා තරුණ පරපුර තුළින්ම වැඩ පිළිවෙලක් සැකසීම අත්‍යාශ්‍ය වන්නේ ඩිජිටල් සාක්ෂරතාවය ඇත්තේ ඔවුන් සතුව වන නිසාය.
ඩිජිටල් තාක්ෂණය සාපයක් නොව වරප‍්‍රසාදයක් බවට පෙරලා ගැනීම සඳහා අප තරුණ පරපුර ශක්තිමත් කළ යුතුය.
න්‍ැිමිඑදා්හික 34 සතිය 2017 ඔක්තෝම්බර් 22

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696