ලැජ්ජාවට පත් වු නත්තල.


January 7, 2018 6:30 am

ලැජ්ජාවට පත් වු නත්තල.

අපේ ටීන් සෙට් එක නත්තලට පස්සේ එකතු වුනු වෙලාවේ කථාවුනේ නත්තලට තිබුනු විවිධ ප්‍රෝගැම් ගැන.
මට නම් මාරට වැදුනා ‘අදයි නත්තල්’ කියන නාට්‍යය. ඒක කළේ අපේ ගමේ ඉස්කෝලේ ළමයි.
නාට්‍යය ගැන සොයා බැලූවම මට දැනගන්න ලැබුනේ ඒකට ඇත්ත කතාවකුත් පසුබිම් වෙලා කියලා.
ඒකේ තියෙන්නේ නත්තල් දා තාත්තාගේ මරණය සිදු කරන්න වුනු පවුලක අත්දැකීමක්. යොවුන් වියේ පසුවන ඒ පවුලේ පුතා තමයි කතාව කියන්නේ.
නත්තල අහිමි වුනු දෙවන වර්ෂයේදි මේ පුතා සාමාන්‍ය පෙළට පෙනී සිටිනවා. සාමාන්‍ය පෙළ තිබෙන්නෙත් දෙසැම්බර් මාසයේ. ඉතිං විද්‍යාව විෂය දාට පෙර දවසේ මේ පුතා පල්ලියේ සමිතියක් මගින් දෙන නත්තල් තෑගි ගන්න යනවා. ඔහුට යන්න වෙන්නේ අම්මා කුලි වැඩට ගිහින් ඉන්න නිසා.
තෑගී දෙන උන් සවසට ගිහින් ආපු පුතා හා වැඩට ගිහින් ආපු අම්මා අතර සිදුවන දෙබස මෙන්න මේකයි.
(අම්මා හා පසන් නිවස තුළ)
අම්මා -ඇයි දරුවෝ පරක්කු වුනේ මෙච්චර පරක්කු වෙනවා කියලා දන්නවා නම් මම පුතාව ඔය ආධාර ගන්න ගන්න යවන්නේ නැහැ.
පසන් -අම්මා දැන් ද ආවේ
අම්මා -ඔව් පුතේ, මාරි නෝනත් දැන් අසනීපෙන්. නත්තල් හතරක් ගෙවුනා. දරුවෝ නැතිව මේ වාරෙවත් එයි කියලා බලන් හිටියේ මේ පාරත් එන්නැතිවෙයි වගේ කියලා මාරි නෝනා කම්පා වෙනවා. දරුවෝ දෙන්නම ඔස්ටෙ‍්‍රලියාවෙන් නත්තලට තෑගි පාර්සලයක් නම් එවාලා තිබුනා තැපැලෙන්. දරු මුනුබුරන් නැතිව මොන නත්තල්ද කියලා මාරි නෝනා අකම්පාල වෙනවා.
පසන් -එහෙම තමයි, අම්මේ සල්ලි තියෙනවා නම් හැමදාම නත්තල් කිව්වට ඔය ඉතිං සල්ලි තියෙන මිනිස්සුත් මොන නත්තලද් කියලා කම්පා වෙන්නේ.
අම්මා -පුතා කිව්වේ නැහැනේ පරක්කු උනේ මොකද කියලා.
පසන් -කියලා වැඩක් නෑ අම්මේ. උත්සවේ පැය දෙකකට වැඩියි. කතා ගොඩායි. කරපු ආධාර ගැන පම්පෝරි ගොඩායි. මේ මිනිස්සු බයිබලය කියවලා නැද්ද මන්දා? ”දකුණතින් දෙන දේ වමතට නොදැනේවා” කියනවානේ. හිඟන්නෝ වගේ පෝලිමේ ස්ටේජ් එකට නගින්න ඕනා. තෑගි පාර්සල් තියාගෙන ෆොටෝවලට ඉන්න ඕනි. හෙට විභාගෙට විද්‍යාව තියෙන්නේ. අපරාදේ පැය තුනක්. පාඩම් කරන්න තිබුන කාලේ නාස්ති වුනා. අපි වාගේ දුප්පතුන්ට බත් වේලක් ලැබෙන එකද ජේසු ගෙනා ගැලවීම කියලා මට හිතෙනවා. අම්මේ ජේසු දිවි පිදුවේ ඒ ටිකටද ?

jesustodaysl 45 සතිය 2018 ජනවාරි 07


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696