මතින් තොර නව යව්වනයක්.


August 13, 2017 12:00 am

මතින් තොර නව යව්වනයක්.

අරක්කු බෝතල් තුනක් බී නාන්න ගිය පාසල් සිසුන් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙක් දියේ ගිලි මිය ගිය පුවතක් පසුගියදා වාර්තා වුණා. එවැනි සිදුවීම් කීපයක් වසරක් තුල වාර්තා වෙනවා.

මත්පැන් රැුගෙන ඒම නිසා පාසලක සාමාන්‍ය පෙළ පංතියේ සිසුන්ගේ අධ්‍යාපන චාරිකාව අහෝසි කළ පුවතක්ද පුවත්පත් වාර්තා කර තිබුණා.
ශ‍්‍රී ලංකාවේ නව යොවුන් දරුවන් අතර මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වර්ධනය වන බවක් මේ සිදුවීම් වලින් පෙනෙනවා. අපේ ටීන් සෙට් එකේ කතා බහ ඒ ගැන යොමුවුනේ අපේ එකෙක් ගෙනාපු පත්තර කෑල්ලක් නිසා.

මේ කරුනු අනාවරණය කර තිබුනේ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බලකාය.
‘‘ඇත්ත තමයි. අපි දන්න කොල්ලෝ කීයක් ඉන්නවද මොනා හරි මත් ද්‍රව්‍යයක් මත් පෙත්තක් ගන්න’’
අපි ගණන් කරන්න ගත්තා. සාමාන්‍ය පෙළ පංතියේ අපි දන්න පාසල් දෙක තුනක කොල්ලෝ අතර දහයකට වැඩි පිරිසකගේ නම් අපිට මතක් කරගන්න පුළුවන් උනා.
‘‘උන් ඔක්කොම වගේ විභාගේ ඇණ ගන්නවා. ක්ලාස් කට් කරනවා, පිස්සු කෙලිනවා, රස්තියාදු වෙනවා, අපිත් මෙච්චර කල් සිරාවට උන් ගැන හිතුවේ නැ. දැන් තමයි පේන්නේ ඩ‍්‍රග්ස් වලින් ජීවිතේ ඇනෙන හැටී’’
ජනපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂවරයා තවත් තොරතුරු හෙළිදරව් කරලා තිබුණා.

පොදුවේ පිරිමි ජනගහනයෙන් 35% ක් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා.
65 000 කට අධික ප‍්‍රමාණයක් හෙරොයින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටිනවා.

මේ තොරතුරු වලින් පෙන්වා දෙන භයානක චිත‍්‍රය ඇත්තටම අපි දන්න දෙයක් නේද? කියලා අපි අතර කතා වුණා.
‘‘ෆේස් බුක් හරහා සෙට් වෙලා මත්පෙති වලින් සප්පායම් වන නයිට් පාටි කීපයක්ම පසුගිය ටිකේ පොලිසියට හසුවෙලා කියලා පත්තරේ තියෙනවා මම දැක්කා. ඇත්තටම මත්ද්‍රව්‍ය බිස්නස් කාරයෝ සියුම් විදිහට ෆේස්බුක් හරහා මේ වැඬේ කරනවා කියන එක තමයි පේන්නේ’’
දස පනතේ නැති වුණාට බයිබලයේ මත්ද්‍රවය, මත්පැන්වල ආදීනව ගැන තියෙනවා. ඒ නිසා මතින් වැලැකීම පනතක් නොවුනට දෙවියන්ගේ කැමැත්ත බව අපි තේරුම් ගන්න ඕනි.

jesustodaysl 24 සතිය 2017අගෝස්තු 13


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696