කොල්ලෝ ආයෙත් ෆේල්.


January 28, 2018 6:44 am

ඒ ලෙවල්.
කොල්ලෝ ආයෙත් ෆේල්.


2018 වර්ෂය ඇරඹුනේම ඒ ලෙවල් රිසල්ට්ස් එක්ක. ලංකාවේ පළවෙනියා ගත්තු බ‍්‍රයිට් පොරවල්ගේ මුහුණු හැම පත්තරේම. හැම චැනල් එකකම.
ඉතිං අපේ ටීන් සෙට් එකේ කථාබහටත් ඉබේම ඒ ලේවල් මාතෘකාව වුනා.
”මචං අපි ඒ ලෙවල් බලමු”
”ඒ ලෙවල් කරනවා මිසක් බලන්නේ කොහොමද ?
”මම කිව්වේ ඒ ලෙවල් ෆිල්ම් එක”
ෆිල්ම් එක බලන එකේ කතාව යට ගිහින් ඊළඟට උඩට ආවෙ ඒ ලෙවල් රිසල්ට්ස්. මීට මාස කීපයකට ඉස්සෙල්ලා අපේ ටීන් සෙට් එකේ කතා වුනානේ ඒ ලෙවල් වලින් කෙල්ලෝ සිරාවට පාස් වෙනවා. කොල්ලෝ අම්බානෙකට ඇන ගන්නවා කියලා. මේ පාරත් ඒක එහෙමද කියලා අපේ එකෙක් අහපි.
”නෑ කොල්ලෝ මේ පාර නම් ගොඩ ගිහින් ඇති”
ඉතිං අපේ එකෙක් විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් සයිට් එකෙන් තොරතුරු අරගෙන කියපි. කොල්ලෝ මේ පාරත් ඇනගෙන කියලා.
්3 ගත්තු
ගැහැණු 5888
පිරිමි 2379
ත්‍3 ගත්තු
ගැහැනු 8538
පිරිමි 13483
්3 න් ගත්තු කෙල්ලෝ කොල්ලෝ වගේ දෙගුණයක්. ඇත්තටම ලංකාවේ සුපිරි පොරවල් ගැන කතා කරන ජන මාධ්‍යවත් සුපිරි පොරවල් වලටම තෑගි භෝග දෙන දේශපාලනකයෝවත් කොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ කියන දේ හොයලා බලලා පිළියම් යොදනවා නම් ඒක තමයි වැදගත්ම දේ.
අපේ සභාවන් වල තිබෙන යොවුන් සමිති තරුණ සමිති වල අවධානයක් කොල්ලෝ වෙත යොමු විය යුතුමයි. 10, 11 පංතිවලට එනකොට දහම් පාසල් කට් කරන්නෙත් වැඩිපුර කොල්ලෝ කෙල්ලෝ වලට වැටිලා ! කෙල්ලෝ ගොඩ ගියාට රට ගොඩ යන්නේ නෑ. මේකට පිළියමක් ඕනීමයි.
අපේ ටීන් සෙට් එකට බොක්කෙන්ම වැදිලා. මේ සීන් එක අපි අතර ඉන්න ගර්ල්ස්ලා දෙතුන් දෙනාත් අපිට දැම්මේ සිරා කෝචොක් එකක්.
”ගැහැණුන්ට පාට් දැම්මට මේ ගොල්ලොන්ගේ ඇත්ත තත්වේ ඔන්න ඕකයි”
විහිළුවට වගේ එහෙම කිව්වට ඒ ගැන සිරාවට හිතන්න ඕනි.
ජේසු අපෙන් ඉල්ලන්නේ වල බහින එකද ඉගෙන ගන්න එකද ?
jesustodaysl  48 සතිය 2018 ජනවාරි 28

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696