සාමාන්‍ය සමයේ 19වන ඉරුදින


August 12, 2017 7:55 pm

ඉරු දින සුපුවත 

බිය නොවි ධෛර්යමත්ව පෙරට යන්න. 

සැඟවෙන්න එපා.

එලියා දිවැසිවරයා මරණ බයෙන් ගුහාවක් තුළට වැඳ සැඟවී සිටි. ඊශ‍්‍රායල්වරු සමිදුන්ට පිටුපා දිවැසිවරයන් මරා දමන විනාශකාරි ගමනකට පිවිස සිටිති. ඔව් හු ගැලවීමේ මාවත අත්හැර සිටිති.
සැඟ වී සිටින එලියාට සමිදුන්ගේ හඬ ඇස් ‘‘එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහිද? අර්බුද ප‍්‍රශ්න, ගැටුම් ඉදිරියේ ගුහාවකට වැදි තමන්ගේ ලෝකයක අතරමං වී සිටිමෙන් කල හැකි දෙයක් නැත. 
‘‘පිටතට අවුත් කන්ද උඩ ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්න’ ඒ හඬ ඔහුට පවසයි.
කන්ද උඩට පිවිසෙන එලියා මහා කුණාටු සුළඟකට, භූමිකම්පාවකට, ගින්නකට මැදි වේ. ඒ කිසිවක සමිදුන්ව හමු නොවේ. අවසන මද පවනක සමිදුන් හමු වේ.
අපි දේව කැමැත්ත ඉටු කරන්නේ නැතිව ගුහා තුලට වී සිටිනවා නේද? දේව කැමැත්ත ඉටු කරන්නට ගොස් කලකිරි, පසුබා, පැත්තකට වී සිටිනවා නොවේද? 
සමිදුනි, පිටතට එන්නැයි, ඔබ මූණගැසි ශක්තිමත්ව පවතින යථාර්ථයට මුහුණ දෙන්නැයි ඔබ කරන ඇරයුම පිළිගන්නම්. ඔබගේ ශක්තිය අපට දෙන්න.

සත්‍යයම පවසන්න.

ශුද්ධ වු පාවුළු තුමා සමිදුන්ගේ ගැලවීම පිළිබඳ ස්වකීය අත්දැකිම තුල පිහිටා ජනතාව අමතයි.
ගැලවීම ලැබෙන්නේ ඊශ‍්‍රායල්වරුන්ට පමණක් නොවේ. ඊශ‍්‍රායල් වංශයෙන් ආ ජේසුස් නම් මිනිසා ගෙනා ගැලවීමේ සුපුවත මුළු ලොවටයි. එයයි සත්‍යය.
’‘මම කිතුනුවෙකු ලෙස සත්‍යය පවසමි.
මෙය මුසාවක් නොවේ.
ශුද්ධාත්මයාණන් තුළ මගේ හෘද සාක්ෂිය සහතික කරයි’’
කිතුනු හෘද සාක්ෂියට අනුව සත්‍යයට සාක්ෂි දරන්නන්ද අපි ? මේ රට සියළු දෙනාටම අයිතිය, නිදහස, හිමිකම, සිංහල, දෙමළ, මුස්ලිම් සැමට අයිතිය කියන සත්‍යය පාවුළු තුමා මෙන් හඬගා කියන්න අපි ඉදිරිපත් වෙනවාද? ඒ සත්‍යය වෙනුවෙන් පීඩා ගැරහුම් විදින්න කැමැතිද?

ධෛර්යවත්වන්න – බිය නොවන්න

ජේසු තුමා පූප වැඩි කිරිමේ ප‍්‍රාතිහාර්යෙන් පසු ශ‍්‍රාවකයින්ගෙන් වෙන්ව කන්දට නැඟ යාච්ඥාවේ නිරත වේ. දේව තාත්තාව හමු වේ.
එම ගැඹුරු යාච්ඥාවෙන් පසු ඔරුව මත හිඳින ශ‍්‍රාවකයින් වෙත මුහුද මත ඇවිදිමින් උන්වහන්සේ පැමිණේ.
එය දකින ශ‍්‍රාවකයින් අවතාරාකැයි බිය වේ. 
උන්වහ්නසේ ඔවුන්ව දිරිමත් කරයි. ‘‘ධෛර්යවත් වන්න. මේ මමය. බිය නොවන්න’’
පේදුරු මුහුද මත ඇවිද ඒමට ඉල්ලා සිටියි. උන්වහන්සේ එන්නැයි පවසයි. පේදුරු ඇවිඳ විත් සුළඟට බිය වී ගිලෙන්නට යයි.
අප ද කිතුනු ඇදහිල්ල තුල පේදුරු මෙන් මඟ දී වැටි ගිලෙමින් සිටිමුද ? එසේ නම් පිළිතුර කුමක්ද ?
ජේසු තුමන් මෙන් පෞද්ගලිකවමත් දේව තාත්තා සමඟ ගැඹුරු සබඳතාවයකින් ශක්තිමත් වෙමින් සංඝය සමඟ කණ්ඩායම සමඟ ප‍්‍රජාව සමඟ ගැලවීමේ ගමන ඉදිරියට යාමයි. 
අනෙකාව ශක්තිමත් කරමින් ඉදිරියට යන පුද්ගලයෙකු බවට පරිවර්තනය වීමයි. 
ඒ සඳහා බලය, එළිය ඉල්ලමු.

jesustodaysl 23 සතිය 2017අගෝස්තු 13


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696