සාමාන්‍ය සමයේ 17වන ඉරුදින


July 29, 2017 11:51 am

ඉරුදින සුපුවත

මහිමය උදෙසා නොව පේ‍්‍රමය උදෙසා කැඳවීමක්.

ප‍්‍රඥාව දුන මැනවි.

නන්දා මාලනිය ගයන ජනප‍්‍රිය ගීතයක ආරම්භය මෙසේය.
‘‘බුදුනි, ජේසුනි, නබි නායක තුමෙනි
නොමිනිසුන් හට
මිනිසත් බව දුන මැනවි
මිනිසුන් හට
ප‍්‍රඥාව දුන මැනවි
ප‍්‍රඥාවන්තයින්
සිංහසනාරූඩ කළ මැනවි’’
අද පළමු කියවීම සලතුමන්ගේ ප‍්‍රඥා යැදුමෙනි. සලමන්ව රජ කමට තෝරාගත් පසු ස්වාමින් වහන්සේ ඔහුට මෙසේ පවසන සේක.
‘‘මා දිය යුතු දෙය ඉල්ලන්න’’
සලමන් ඉල්ලන්නේ කුමක්ද ?
‘‘මා ලාබාල කෙනෙක්මි. රට පාලනය කිරිමේ දක්ෂකමක් මට නැත. හොඳ නරක තේරුම් ගන්නා පිණිස ප‍්‍රඥාවන්ත සිතක් ඔබේ දාසයට දුන මැනවි’’

මෙහිදි සලමන් කරුනු කීපයක් ඉස්මතු කරයි.

1 ඔහුගේ නුසුදුසු බව.
නොහැකියාව ස්වාමින්වහන්සේ කැඳවීමක් ලබා දෙන්නේ පුද්ගලයාගේ දක්ෂකමක් නිසා නොවේ. ‘මම පොර’ නිසා නොවේ.
2 තමා සමිදුන්ගේ දාසයෙකු බව.
කැඳවීම ලද තැනත්තා පූජකයා, පැවිද්දා (ගිහියාද) සමිදුන්ට තම මුළු ජීවිතයේම ‘ස්වාමිත්වය’ පැවරු දේව කැමැත්තේ දාසයෙකි. දාසියකි. ජනතාව තම දාසයන් සේ සලකන ස්වාමියෙකු නොවේ. ජනතාවේග ගැලවීමට දේව දාසයෙකු දේව දාසියෙකු වුවෙකි. පූජා ලබන්නෙකු නොව පූජා වන්නෙකි.
පූජකයා පැවිද්දා ජනතාව ගලවනවා නොව ජනතාව වෙනුවෙන් කැපවීමෙන් ඔහු ගැලවීම ලබයි.
3 ප‍්‍රඥාවන්ත සිතක අවශ්‍යතාවය
ප‍්‍රඥාව සාමානයෙන් සම්බන්ධ කරන්නේ මොලය සමඟයි. සිත සමඟ නොවේ. ප‍්‍රඥාව ඇති හදවතක් ඇති කෙනෙකු විය යුතුය. විශේෂයෙන් හොඳ – නරක දැන ගැනීමේ හැකියාව තිබිය යුතුය.
මිනිසුන් වෙනුවෙන් උණුවන හදවතක් නැති අයෙකුගේ දේව ධාර්මික හෝ වෙනත් දැනුම අර්ථවත් නැත.
කැඳවීම පේ‍්‍රමය උදෙසාය.
රෝමවරුන්ගේ ලිපිය තුළ සාකච්ඡුා කරන්නේ කැඳවනු ලැබුවෙකුගේ සැබෑ ස්වරූපයයි.
‘‘දෙවියන් වහන්සෙේග අදහස අනුව කැඳවනු ලැබුවන්ට එනම් උන්වහන්සේට පේ‍්‍රම කරන අයට’’
– කැඳවනු ලැබුවෙකු යනු දෙවියන්ට පේ‍්‍රම කරන කෙනෙකි. නිල තනතුරට පත් වු අයෙකු වීම නොවේ.
– කැඳවීම මගින් සිදුවන්නේ දේව සබඳතාවයට පැමිණිමෙකි.
– දෙවියන් සමඟ ගැඹුරු සබඳතාවයක් නැති අය නිතර තම මහිමය සොයා යති.
– නමුත් දෙවියන් සමඟ ගැඹුරු සබඳතාවයක් ඇති අය ඉබේ මහිමයට පත් වෙති.
– තම තමන්ට මහිමය සොයමින් වෙහෙසෙන තැන සැබැ කැඳවීමක් නැත.
සියල්ල අත හැරීම
– ශුද්ධ වු සුවිශේෂය උපමා තුනකින් අද අපට කතා කරයි. කෙතේ සැඟවු නිධානය, මුතු ඇටය හා මාළු දැල.
– දේව රාජ්‍ය උදෙසා කැපවීමේ කැඳවීම ලද්දේකුට ඊට වඩා වටිනා දෙයක් නැත. ඒ නිසා ඔහු තමා සන්තක සියල්ල ඒ සඳහා කැප කරනු ලැබිය යුතුය. කෙතේ සැඟ වු නිධානය දුටු විට එය ඉටු පුද්ගලයා සියල්ල විකුණා ඒ කෙත මිලදී ගනි. දේව පාලනයක් සහිත සමාජයක් නිර්මාණය කිරිමේ කැඳවීමට තමා සතු සියල්ල කැපකර කැපවුනු අය අද සිටිනවාද?
කැපවුනු ජීවිත ගත කරන බොහෝ දෙනෙකු අද අපි අපිට යමක් කර නොගත්තොත් අනාගතයක් නෑ වැනි හැඟීම් වලට ගොදුරු වී ඇති බව පෙනී යයි. තමා සතු සියල්ල කැප කල බව කියමින් බොහෝ දේ රැුස් කර ගන්නන් බවට පත් ව තිබේ.
ඉහත කී කැපවීම ප‍්‍රඥාව දේව සබඳතාවය නොමැති තැන පූජක පැවිදි දිවිය යනු සුඛෝපභෝගි තනිකඩ ජීවිත ගත කිරිමකි.
අද පළමු කියවීම තුල සලමොන්ගේ ඉල්ලීම ගැන දෙවියන්වහන්සේ ප‍්‍රශංසා කරන්නේද ඉල්ලීම ඉටු කරන්නේද ඔහු ඉල්ලා සිටින්නේ අධ්‍යාත්මික සම්පතක් නිසාය.
‘‘නුඹ දීර්ඝායුෂවන්, ධන සම්පත්වත් නුඹේ සතුරන්ගේ ජීවිතවත් නොඉල්ලා ප‍්‍රඥාව ඉල්ලූ නිසා මම එය නුඹට දානය කරමි’
කැඳවීමක් ලද පූජක, පැවිදි, ගිහි අය ලෙස කැඳවීම ඉටු කරන පිණිස අපගේ ඉල්ලීම් මොනවාදැයි අවංකව සිතා බලමු.

jesustodaysl 21 සතිය 2017 ජුලි 23


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696