සාමාන්‍ය සමයේ අවසාන ඉරුදින


November 26, 2017 5:13 am

ඉරුදින සුපුවත

නැතිවු බැටළුවන් සොයන රජකැයි අපිට නොසිතෙන රජාණෝ.

දිනට නියමිත ශුද්ධ ලියවිලි
එසකියල්         34/1-12, 15-17
1 කොරින්ති     15/20-26-28
ශු. මතෙව්     25/31-46

යහපත් රජ = යහපත් එෙඬිරා
එසකියල් දිවැසිවරයා තුළින් දෙවිදුන් අනාවරණය කරන්නේ යහපත් එඬේරෙකුගේ ලක්ෂණ මොනවාද යන්නයි.
බැබිලෝනියාවේ විප‍්‍රවාසගත ව විසිරි සිටින ජනයාව ඒකරාශිකොට ඔවුන් නැවත ගැලවීම වෙත රැුගෙන ඒමේ දේව අභිමතය මෙමගින් නිරූපනය කරයි.
එෙඬිරෙකු තමාගේ බැටළු රැුළෙන් විසිර ගිය
සමහරෙකු සොයා යන්නාක් මෙන්
මමත් මාගේ බැටළුවන් සොයා ගොස්
මීදුම හා අන්ධකාරය ඇති දවසේදි
උන් විසිර ගිය තැන්වලින් උන් ගලවා ගන්නෙමි.
මම උන්ට තැනක් සොයා දෙන්නෙමි.
මම තැනි වු බැටළුවා සොයන්නෙමි.
මුලාව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නමි.
තුවාළ වු බැටළුවන්ගේ තුවාළ බඳින්නෙමි.
ලෙඩ වු බැටළුවා ශක්තිමත් කරන්නෙමි.
අද අපේ සමාජීය  හෝ ආගමික හෝ නායකත්වය මෙම එඬේරික භූමිකාවට පණ පොවනවාද ?
පවුල් තුළ පවා මව්පියන්. පාසල් තුල ගුරුවරුන් මෙම සැබෑ එඬේරික බව ජීවත් කරවනවාද?
අද රට වැසියන්, ඇදහිලිවන්තයන්, පාසල් සිසුන්, දරුවන් මුළාව ගොස් නැතිද ? තුවාල ලබා නැතිද? ලෙඩ වී නැතිද?
විශේෂයෙන් අප රට නිසි එඬේරික නායකත්වයක් නැතිකමින් විනාශ වී ඇත.
දේව රාජ්‍ය උදෙසා රජකම
ශුද්ධ වු පාවුළු තුමා අනාවරණය කරන්නේ කිතු සමිඳුන්ගේ ¥ත මෙහෙවරයි.
උන්වහන්සේ නායකත්වය දෙන්නේ දේව රාජ්‍ය උදෙසායි.
දේව රාජ්‍යයේ නායකත්වය, රජකම මේ ලෝකයේ රජකමට සපුරා වෙනස් රජකමකි.
ජේසුගේ ගෝලයින් පවා එය තේරුම් නොගත් අවස්ථා ඇත. මනුෂ්‍ය පුත‍්‍රයා පැමිණියේ සේවය ලැබීමට නොව, සේවය කිරීමට යැයි අවධාරණය කිරිමට සිදුවුයේ ඒ නිසාය. අන් අය අතර අධිපතිකම් පාන රජවරු සිටියත් ඔබ අතර එසේ නොවිය යුතු බව අවධාරණය කිරීමට සිදු වූයේ ඒ නිසාය.
රාජ්‍යයේ උරුමයට සුදුසුකම
ජේසු තුමන්ගේ මහිමාන්විත දෙවන පැමිණීම හා අවසාන විනිශ්චය පිළිබඳව කථා කරයි.
දේව රාජ්‍යයේ උදාවේදි උරුමය ලබන්නේ ජීවිතය තුල ජේසු තුමන්ව දැක පීඩිතයාගේ ගැලවීම සඳහා ක‍්‍රියා කරන අය පමණක් බව ඉතා පැහැදිලිව ජේසු තුමා ප‍්‍රකාශ කරයි.
‘මාගේ මේ සහෝදරයන් අතරින් ඉතා සුළු තැනැත්තාට වුවද ඔබ මෙසේ කළා නම් එය කළේ මටය’
මානව ඉතිහාසය තුළ සිදු කරනු ලැබු විශිෂ්ඨ ප‍්‍රකාශයකි එය.
 දෙවිදුන් = පීඩිතයා
දෙවිදුන් දැකිය හැක්කේ පිඩිතයා තුලිනි. පීඩිතයා තුළ දෙවිදුන් නොදකින කිසිවෙකු දේව රාජ්‍යය උරුම කර නොගනි.
අප තවමත් ගැලවීම ලැබීම සඳහා උත්සහ කරන්නේ භක්ති අභ්‍යාස, දන්දීම්, වන්දනා ගමන් වල නිරත වෙමින් නොවේද? අවසාන විනිශ්චය සඳහා සුදුසුකම් සපුරාලනු පිණිස අප පීඩිතයා අතරට යාම වෙනුවට හරසුන් දේ කරමින් නොසිටිමුද ?
ක‍්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය සමරන අද දින ක‍්‍රිස්තු රජාණන්ගේ ආදර්ය වෙනුවට ඊට සපුරා වෙනස් දැ පෙන්වන රජවරු පසුපස යාමේ පාපය අත්  හරිමුද ? සැබැ එඬිරෙකු ලෙස ක‍්‍රියා කිරිමට තීරණය කරමුද? පීඩිතයින්, දිළිඳුන්, දුප්පතුන් තෝරාගනිමුද ?
න්‍ැිමිඑදා්හික 39 සතිය 2017 නොවැම්බර් 26

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696