මෙනෙහිකිරිම් ඔක් 14


October 13, 2017 12:00 am

ඔක්තෝම්බර් 14 වැනි සෙනසුරාදා
ජොවෙල් 3:12-21 ලූක් 11:27-28
දිනක් අධික ලෙස මත්පැන් පානය කල තාත්තා කෙනෙකු නිවසේ බිරිඳට සහ දැරියන් දෙදෙනොට පහර දෙමින් සිටියේය. එම මීසමේ පියතුමා එම නිවස බැහැ දකින්නට පැමිණියේ ඒ මොහොතේදීය. එවිට ප‍්‍රකෘති සිහියට පැමිණි ඉහත බීමත් පුද්ගලයා පියතුමාට කියා සිටියේ තමන්ට නෑදැකම් කියන බිෂෝප්වරයකු සිටින බවයි. කුමන වර්ගයේ පුද්ගලයෙකු තමන්ට නෑකම් කිවද අනෙකාට පීඩාවක් කරන්නාගෙන් සමාජයට, පවුලට වැඩක් සිදු වේද ?
ජොවෙල් දිවැසිවරයා පවසන අනාගත බලාපොරොත්තුවේ දේශයේ ගැන අපට කුමක් කිව හැකිද ? අපේ කඳුවලින් මිදි යුෂ ගලා එයිද ? අපේ හෙල් වලින් කිරි ගලා ඒද? අපේ වියලි ඇල දොවළවලින් වතුර ලැබෙයිද ? මේ ගැන අපේ රටේ සිසු ගරු මයිකල් රොඞ්රිගු දිවැසිවරයා කී විට නිල නොවන හමුදා විසින් මරා දමන ලදී. එතුමා ගැන අපේ රටේ කිතුනුවන් දන්නවාද ? වරාය නගරය හෝ මූල්‍ය නගරය තුලින් අපේ රටට කිරි පැණි ලැබෙයිද ? ඔබ නිහඬ ව බලා සිටින්නේ ඒ මගින් ඒ මහා සමෘධිය ලැබෙන තුරුද ?

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696