මෙනෙහිකිරිම් ඔක් 12


October 12, 2017 6:31 am

ඔක්තෝම්බර් 12 වෙනි බ‍්‍රහස්පතින්දා
මලාකි 3:13-4:2 ලූක් 11:5-13
ඔබ සැබෑ දෙවියන් ව හඳුනාගත්තේ අනෙක් අය ගැන මෙසේ සිතනවා නේද ? එනම් ‘‘අපට පෙනෙන හැටියට වාසනාව ඇත්තේ උඩඟු අයටය. දියුණු වන්නේ නපුර කරන අය ය. එනිසා අප සිත ඊර්ෂ්‍යාවෙන් පිරි ඇත. හීනමානයෙන් අවුල් වී ඇත.
නමුත් සමිදාණන් වහන්සේ පවසන්නේ ඔබත් ඔවුන් යන මඟ යන්නට තැත් කරන්නෙද් ද යන්නයි. නැතහොත් තමන් හඳුනාගත් ධර්මිෂ්ඨ මඟ අත් නොහරිනා ලෙසයි. ඒ සඳහා සැබෑ ද් පිහිට මත යැපිය යුතු වන්නේය. ඒ සඳහා එතුමන්ට නිතර පෙරැත්ත කළ යුතු වන්නේ ය.
අද දියුණුව යන්නෙන් වැරදි අර්ථකථනයක් දී ඇත. අවි ආයුධ දියුණුවේ සංකේත වී ඇත. ඒ නිසා බොහෝ රටවල විශාල වශයෙන් සාමාන්‍ය ජනතාවද වෙඩි තබා මරා දමයි. තමන් සතු ප‍්‍රබල මිසයිල ගැන ප‍්‍රබල යැයි සිතන රටවල නායකයෝ උදම් අනන්නේ මේ නිසාය. ඔබත් වෙඩි උණ්ඩය රජයන ලෝකයක දියුණුව උරගා බලන්නෙක් ද ?

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696