ඉරුදින සුපුවත


January 7, 2018 5:40 am

ඉරුදින සුපුවත 2018 ජනවාරි 07 ඉරිදා

ගැලවීම අත්දැක ලොවට ප‍්‍රකාශ කරන්න.

නැගිටින්න – බැබළෙන්න
යෙසායා දිවැසිවරයා බැබිලෝනියාවේ විප‍්‍රවාසගතව සිටින ඊශ‍්‍රායල් ජනයා තුළ ජෙරුසලමේ නවෝදයක් පිළිබඳ අලූත් බලාපොරොත්තුවක් ඇති කරයි.
”ජෙරුසලම නැගිටින්න බැබළෙන්න”
නවෝදයක් ඇති වීමට නම් ජනතාව නැඟී සිටිය යුතුය. විප‍්‍රවාසයගතවීම යනු ජෙරුසලමේ වැටීමේ ප‍්‍රතිඵලයයි. දෙවිඳුන් ලබා දුන් ජීවන ක‍්‍රමයට පිටුපෑමේ ප‍්‍රතිඵලයයි. දෙවිදුන් අනුමත කළ සමාජ ආර්ථික ක‍්‍රමයට පිටුපෑවේ ප‍්‍රතිඵලයයි.
නැගිටීම යනු නැවත එම ජීවිත ක‍්‍රමයට සමාජ ක‍්‍රමයට ආර්ථික ක‍්‍රමයට ඇතුල්වීමයි. එම ක‍්‍රමය වෙත පැමිණි විට ජෙරුසලම බැබළෙයි.
ජෙරුසලම බැබළෙන්නේ දේව මාළිගාවේ මහිමාලංකාරය නිසා නොවේ. දේව අභිමතයට අනුකූල ජීවිත ක‍්‍රමය තුළ පැවැතීමෙනි.
එම ජීවිත ක‍්‍රමය නිසැකවම ලෝකයට ආලෝකයකි. ගැලවීම විමුක්තිය පිළිබඳ ආලෝකයකි. සියලූ ජාතින්ට ආලෝකයකි.
අපි පුද්ගලිකවද පවුල් ලෙසද රටක් ලෙසද අඳුරේ සිටින්නේ ඒ ජීවිත ක‍්‍රමයට ආර්ථික ක‍්‍රමයට පිටුපෑ සිටින නිසායි.
සියලූ ජාතින්ට සේවය කරමු.
පාවුළු තුමා එසිසිවරුන්ට අවධාරණය කරන්නේ ‘ජාතිවාදය’ කිතුනුකම නැවත බවයි. ක‍්‍රිස්තු ශාරීරයට සියලූ දෙනා අයිති බවයි.
ජේසු තුමන් තුළින් හෙළිදරව් වු සුභාරංචියේ අභිරහස එයයි. ජුදෙව්වන්ට පමණක් ගැලවීම යන පටු දැක්ම ජේසු තුමන් පුපුරුවා හැරිය බවයි.
ඒ අභිරහස නිම්,
සුබ අස්න කාරණා කොට ගෙන,
ක‍්‍රිස්තු වහන්සේ තුළ,
විජාතින් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමකාරයින් ද,
සභා ශරීරයේ හවුල් සාමාජිකයින්ද,
පොරොන්දුවේ හවුල් පංගුකාරයින්ද වන බවයි.
මේ දැක්ම අපි අයිතිකරගෙන නැත. ඒ නිසා රටක් ලෙස සියලූ ජාතින් මේ රටේ හවුල් උරුම කරුවන් බව අපි පිළිගත යුතුය.
ජේසු අයිති මුළු ලොවටයි.
සාමාන්‍යයෙන් අද දවස රජතුන් කිට්ටුවේ මංගල්‍ය ලෙස හඳුන්වයි. නිවැරදිව එය හඳුන්වන්නේ දිව්‍ය බිළිදාණන් ලොවට ප‍්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍ය ලෙසයි.
පෙරදිග කිතුනු සභා නත්තල සේ ජයශී‍්‍රයෙන් සමරන්නේ මේ මංගලයයි.
පෙරදිගින් පැමිනි පැණවතුන්ට ජේසු බිළිඳු ප‍්‍රත්‍යක්ෂවීම සඳහන් කරමින් මතෙව් තුමා ජුදා ජනයාට දුන් පණිවුඩ වූයේ ජේසු මුළු ලොවටම ගැලවීම ගෙනා බවයි. ගැලවීම මුළු ලොවටම බවයි.
කිතුනු අපි ජේසුගේ ඒ මහා දැක්ම හිමි කරගෙන සිටිමුද, අන් ජාතින්ගේ ගැලවීම සාදමුද ? එසේ නැත්නම් අන් ජාතින්ට විලංගු තනමුද ?
සිතන්න වෙනස් වෙන්න.
jesustodaysl 45 සතිය 2018 ජනවාරි 07

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696