ඉරුදින සුපුවත


December 30, 2017 8:23 am

මුළු ලොව පවුලයි සිතනා දෙවිඳුන් අභිමත පවුලක් වන්නට.

අද ශුද්ධ වු පවුල් මංගල්‍යයි.
කොයි දරුවත් දෙව් දරුවෙකි.
පළමු දේව ප‍්‍රකාශනය තුළ දැක්වෙන්නේ ආබ‍්‍රහම්ට දරුවෙකු පිළිබඳ දේව පොරොන්දු ව ඉටු වන ආකාරයයි.
ආබ‍්‍රහම් දෙවිදුන්ට පවසන්නේ කුමක්ද ?
”දරුවෙක් නැති මට ඔබ වෙන කුමක් දුන්නත් කුමන ඵලයක්ද ”
ඒකල පැවැති ගෝත‍්‍රික සමාජය තුළ ‘තමාගේම දරුවෙක්’ උරුමය සඳහා සිටීම ප‍්‍රධාන කොට සැලකිය. දරුවන් නැති කම දුටුවේ ස්ත‍්‍රියගේ වරදක් ලෙසය. වඳ ස්ත‍්‍රීය අත්හැර දමනු ලැබීය. කොන්කරනු ලැබීය. ආබ‍්‍රහම් ක‍්‍රියා කරන්නේ ඒ මනසිනි.
දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට දරු ඵල ලබාදෙන අතර එය ප‍්‍රධාන කොට දැක්වෙන්නේ ”දෙවියන් වහන්සේ සාරාට කරුණාව දැක්වීමක්” ලෙසයි.
දෙවියන් වහන්සේ පවසන්නේ ”අහසේ තරු මෙන් පොළවේ වැලි මෙන්” ඔබට පරපුරක් හිමිවන බවය. මෙය හුදු ආබ‍්‍රහම්ගේ පරපුර ගැන නොවේ. විශ්වයේම දරුවන් දෙවියන්ගේ දරුවන්ය. ඔවුන් ඔබේ දරුවන් ලෙස සිතිය යුතුය.
මගේ දරුවන්, අපේ දරුවන් ලෙස දරුවන් ගැන කරදර නොවීය යුතුය. දරුවෙකු හදාවඩා ගැනීම තමන්ගේම දරුවෙකු හදා වඩා ගැනීමට වඩා දෙවියන්ට කිට්ටුය.
ඊසාක් ව පූජා කිරීමට අණ කිරිමෙන් හා ආබ‍්‍රහම් ඊට කීකරු වීමෙන් ප‍්‍රකාශවන්නේ හුදු ආබ‍්‍රහම්ගේ ඇදහිල්ල ගැන කථාවක් පමණක් නොවේ. ”දරුවන් යනු දෙවියන්ගේ අයිතියක්” බවයි.
අද පවුල තුල දරුවන් තුළින් තම අරමුනු ඉටුකර ගැනීමට යාම පාපයක්. අප ඇසීය යුත්තේ දරුවන් ගැන දේව අරමුන කුමක් ද යන්නයි. තම අරමුනු වෙනුවෙන් දරුවන් පීඩාවට පත් කරන්නන් ශුද්ධ වු පවුලට නිඟරු කරයි.
දේශයද දෙවියන්ගේය.
හෙබ්‍රෙව් සඳෙස තුළ පාවුළු තුමා විස්තර කරන්නේ ආබ‍්‍රහම්ගේ ඇදහිල්ලයි.
දේව අණට කීකරු වී ආබ‍්‍රහම් යන්නේ විදේශකයකටය. ඒ භූමිය තුළ ඔහු විදේශිකයෙකු ලෙස ජීවිතය අරඹයි.
ඒ භූමිය යනු ආබ‍්‍රහම්ගේ නිජ බිම වු ආධිපත්‍යයේ දේශය නොව.
දෙවියන්ගේ භූමිය යනු අධිරාජ්‍යවාදයෙන් මිදුනු නිදහස් භූමියයි. නිදහ නැති තැන ‘දේව භූමියක්’ නැත. ආබ‍්‍රහම් පැමිණෙන්නේ අදිරාජ්‍යයෙන් පිටතටයි.
අනිත් අතට දේශය යනු මුළු ලොවම ලෙස නොසිතා පටු ලෙස තම බිම ගැන සිතන්නෝ විනාශ කරන්නේ දරු පවුල්ය.
පවුල ගැලවීමේ කේන්ද්‍රයයි.
ශුද්ධ වු ලූක් තුමා විස්තර කරන්නේ ව්‍යවස්ථාව අනුව මරිය තුමිය හා ජුසේ තුමා ජේසු පුතුව ”දෙවියන්ට කැප කිරිමේ සිදුවීමයි.
මේ මගින්ද අනාවරණය කරන්නේ අපි අයිති දෙවියන්ට බවයි. දරුවන් ද දෙවියන්ට අයිති බවයි.
දෙවියන්ට අයිති දරුවන්ව මේ ලෝකයේ රාජ්‍යයට කැප කරමින් ඒ රාජ්‍ය තුල ‘පොරක්’ කිරීමට යාම දෙවියන්ට පිටුපෑමකි. එවැනි පවුල් වලට ශුද්ධ වු පවුලේ ආශිර්වාදය නොලැබේ.
ජේසුව කැප කරන දෙව් මැදුරේදි කිතු උපත හා බැදි ආච්චී හා සීයාව අපට හමු වේ. ‘සිමියොන් හා අන්නා’ යන දිවැසවර ආච්චි හා සීයා ය ඒ.
‘ගැලවීම’ මාගේ දෙනෙතින් දුටුමි. කියන සිමියොන්ගේ ප‍්‍රකාශ කරන්නේ වයසට ගිය මව්පියන්ගේ ප‍්‍රාර්ථනාවකි. ”නිවි ගැනහිල්ලේ ඇස් දෙක පියාගන්න” ඇති ප‍්‍රාර්ථනාවයි. අද ඒ පැතුම වයසක බොහෝ දෙනෙකුට අහිමි වී ඇත.
එසේම සමියොන් තුළින් දෙවියන් වහන්සේ තවත් කරුනු දෙකක් ඉස්මතු කරයි.
1 ‘ගැලවීම’ ඊශ‍්‍රායල්ට පමණක් නොව විශ්වයටමයි.
සකල ජාතින්ට – ගැලවීම
විදේශිකයින්ට – ආලෝකය
ඊශ‍්‍රායල්ට – මහිමය
දෙන ගැලවුම්කරු ජේසු බව ඔහු අනාවරණය කරයි.
2 දෙවියන්ට ප‍්‍රසන්න පවුලක ලක්ෂණ
මුළු ලොවම ‘පවුල’ ලෙස සිතිය යුතුය.
මේ ලෝකයේ වටිනාමකම් තුළ ප‍්‍රතික්ෂේපයට ලක් වීමට දිරිය තිබිය යුතුය.
වැටීම හා නැගිටීම උදෙසා ‘ගැලවීම’ උදෙසා කැපවීමේදි ලැබෙන රිදුම් දරාගත යුතුය.
සිතන්න
ශුද්ධ වු පවුල් මංගල්‍යය තුළ අප මෙනෙහි කළ යුත්තේ විශ්ව පවුලේ ගැලවීමට අපේ පවුල් දායක වනවාද යන්නයි.
මේ වර්ෂ අවසානයේදි ගැලවීම උදෙසා ජීවත් වන ආදරණීය පවුලක් වීමට නොහැකි වු තැන් ගැන පසුතැවෙන්න.
ජුසේවාස් මුනිතුමන් ගැන මෙනෙහි කළ අප එතුමාව දෙමව්පියන් විසින් දෙවියන් කැප කලා සේ අපේ දරුවන් දේව රාජ්‍ය සඳහා කැප කරමු.

jesustodaysl 44 සතිය 2017 දෙසැම්බර් 31


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696