සිනාසෙන පාප්තුමා භාග්‍යවරයට.


November 26, 2017 6:45 am

හදිසියේ ස්වර්ගස්ථ වූ සිනාසෙන පාප්තුමා භාග්‍යවරයට.

1978 ස්වර්ගස්ථ වු හයවන පාවුළු පාප්තුමන්ට පසු පාප්ධුරයට පත් වු දින 33 කින් හදිසියේ ස්වර්ගස්ථ වු පළමු ජුවාමි පාවුළු පාප්තුමන් භාග්‍යවරයට එසවීම සඳහා ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් කටයුතු කර අරඹා ඇත.
පළමු ජුවාමි පාවුළු පාප්තුමන්ගේ හදිසි මරණය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ එතුමා පාප්ධුරයට පත් වී ආරම්භ කර තිබු ප‍්‍රතිසංස්කරණ සභාව තුළ බලවත්ව සිටි බොහෝ පිරිසකට අභියෝගයක් වු නිසාය.

 
පාප් ධුරයට පත්වීමට පෙර කාදිනල් ඇල්බිනෝ ලූසියානි ලෙස හැඳින් වු ඉතාලි ජාතික රදගුරුවරයා පාප් ධුරයට පත්වීම බහුතරයකගේ සතුටට හේතු විය. පත් වී නොබෝ දිනකින්ම එතුමා සිනාසෙන පාප්තුමන් නමින් ප‍්‍රකට විය.

එතුමාගේ මරණය පිළිබඳ ආන්දෝලනාත්මක පොතක් ඬේවිඞ් යැලොප් විසින් IN GOD’S NAME නමින් ලියු අතර කතුවරයා ඉන්මතු කරන්නේ වතිකානුවේ හා වතිකානු බැංකුවේ බලය හෙබවු පිරිස් වල කුමන්ත‍්‍රණයක් ලෙස එතුමාගේ මරණය සිදු වූ බවයි.

වතිකානුව එම පොත අප කීර්තිමත් කුණු ගොඩක් ලෙස ප‍්‍රතික්ෂේප කළ අතර පාප්තුමන්ගේ මරණය එතුමාගේ හෘද රෝගී තත්වය නොසලකා හැරීමේ ප‍්‍රතිඵලයක් බව පෙන්වා දෙන පොතක් ජනමාධ්‍යවේදි ස්ටෙෆානියා ෆාලස්කා විසින් මෑතකදි එළි දක්වා ඇත.
IN GOD’S NAME ග‍්‍රන්ථය දෙවියන්ගේ නාමයෙන් යනුවෙන් සිංහලයට පරිවර්තනය වී ඇති අතර පළමු ජුවාමි පාවුළු පාප්තුමාගේ ජීවිතය පිළිබඳ තොරතුරු දැන ගැනීමට එය උපකාරි වේ.
jesustodaysl 39 සතිය 2017 නොවැම්බර් 26

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696