සාන්තුවරයට හතරවන වන මාවතක්


July 29, 2017 11:50 pm

සාන්තුවරයට හතරවන වන මාවතක්

පළමු වන ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් තම ප‍්‍රගතිශීලි ගමන් මගේ තවත් පියවරක් ඉදිරිපට තබා තිබේ. ඒ කතෝලික සභාවේ සාන්තුවරය සම්බන්ධයෙනි. මෙතෙක් කතෝලික සභාව සාන්තුවරයට ඔසවන ලැබුවේ සභාව හා සභාවේ විශ්වාසයන් වෙනුවෙන් පෙනී සිටි පෞද්ගලිකව යහපත් ජීවිතයක් ගත කල හා විශ්වාසය වෙනුවෙන් දිවි පිදුවන්ය.
සාන්තුවරයා සඳහා හතරවන මාවතක් විවෘත කරමින් එතුමා ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ජනතාවගේ යහපත උදෙසා ක‍්‍රියා කර දිවි පිදුවන් ද සාන්තුවරයට එසවිය යුතු බවයි.
කතෝලික සභාවේ සම්ප‍්‍රදාය ගැති කාඩිනල්වරු හා රදගුරුවරු අතර ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ ප‍්‍රගතිශීලි ක‍්‍රියාමාර්ග ගැන ඇති අප‍්‍රසාදය තවත් වැඩි කිරිමට මෙය හේතු වේ යැයි මත පල වී තිබේ.
රැඩිකල් ක‍්‍රියාමාර්ග ලෙස සම්ප‍්‍රදායික සභා නායකත්වය සළකන යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ක‍්‍රියාකරන අය මේ තුළින් පිළිගැනීමට ලක් වේ. එල්සැල්වදොරයේ රදගුරු ඔස්කා රොමේරෝ රදගුරුහිමි සාන්තුවරයට එසවීමේ ක‍්‍රියාවලිය ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් ඉදිරියට ගෙන එනු ලැබුවේද එතුමාගේ මෙම දැක්ම අනුව බව පෙනී යයි.

අගරදගුරුවරුනි හාන්සි පුටු කතෝලිකයන් නොවන්න.


පසුගිය ජූනි 29 වනදා පේදුරු පාවුළු මංගල්‍යය දිනයේදි නව කාදිනල්වරු හා නව අගරදගුරුවරු පිරිසක් පාප්තුමන් විසින් පත් කරන ලදී. අගරදගුරුව ධුරයන්ට පත් කරමින් පාප්තුමන් කියා සිටියේ ‘‘ඔබ හාන්සි පුටු කතෝලිකයින් නොවන්න, අපොස්තුළුවරු වන්න’’ යනුවෙනි. රදගුරුවරයෙකුට සාමාන්‍යයෙන ආසන දෙව්මැදුරක් තිබේ.
එම දෙව්මැදුරේ ආසනයක් පවතින්නේ එඬේරිකත්වය සංඛේතවත් කිරිමටයි. අපොස්තලික නායකත්වයක් ලබා දීමට තම නිලය පාවිච්චි කරන ලෙසත් එම ආසනය හාන්සි පුටුවක සංඛේතයක් බවට පත් නොවීය යුතු බව පාප් තුමන්ගේ පණිවුඩයයි.
රදගුරු හා අගරදගුරු නිලයට පත්වීමට පෙර බොහෝ සක‍්‍රිය සේවාවල නිරත වු පූජකවරු එම තනතුරට පත්වීමත් සමඟ ඔවුන්ගේ විශේෂ හැකියාවන් පවා ගිලිහිගිය බවට ඕනැතරම් උදාහරණ තිබේ.
මේ අතර තමා රදගුරු තනතුරට පත් වීම වෙනුවෙන් ජූනි 25 වන දින පැවැති දේව මෙහෙයට සහභාගී වෙමින් සුදතුම් පියාණන් ප‍්‍රකාශ කර තිබුනේ ‘‘මගේ දූත මෙහෙවර තවම නිමා වී නැත’’ යනුවෙනි. එමගින් එතුමා තමාට තව බොහෝ දේ කිරිමට තිබෙන බවත් ඉදිරියේදි තවත් දැ කිරීමට සිතා සිටින බවත් ඉගි කර ඇත.
විශ්වාසය පිළිබඳ ශුද්ධාසන්න සංගමයේ මෙන්ම වතිකානු බැංකුවේ ද වෙනස්කම් කීපයක්ම එතුමා ආසන්න මාසය තුළ සිදු කරන ලදී. එම වෙනස්කම සියල්ලම සම්ප‍්‍රදායවාදින් නොඉවසන ප‍්‍රගතිශීලි වෙනස්කම් වීම විශේෂයකි.

jesustodaysl 21 සතිය 2017 ජුලි 30


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696