ජාතිවාදයට එරෙහිව


August 6, 2017 8:03 am

ජාතිවාදයට එරෙහිව ‘‘අම්බෙඞ්කාර් – ලූතර් අරගලයක’’ අවශ්‍යතාවය.

ඉන්දියානු නිදහස් සටනේ සැබෑ නායකයා ලෙස සැලකෙන්නේ මහත්මා ගාන්ධි නොවෙයි. අම්බෙඞ්කාර්. ඒකට ප‍්‍රධාන හේතුවක් වන්නේ ගාන්ධි පවතින කුල ක‍්‍රමයේ ප‍්‍රබල වෙනසක් ඇති කිරිම නිදහස් සටන හා එක් කිරීමට ගත් උත්සහය ඉතා අල්ප වීම හා අම්බෙඞ්කාර් පීඩිතයාගේ ප‍්‍රශ්නය නිදහස් සටන හා මුසු කිරිමට ගත් උත්සහය ඉතා විශාල වීම. 
පසුගිය ජුලි 25 වනදා ඉන්දියාවේදි අම්බෙඞ්කාර්ගේ 126 වන උපන් දිනය සමරා ඉතා වැදගත් සැමරුම් උත්සවයක් පැවැත්වුණා. එය නිකම්ම නිකම් සැමරුමක් වනු වෙනුවට වර්ථමානය පිළිබඳ පුළුල් කතිකාවක් බවට සංවිධානයකයින් පත් කර තිබුණා.
එකි කතිකාවේ ප‍්‍රධාන ආරාධිතයා වුනේ ඇමරිකානු කළු ජාතික නිදහස් අරගලයේ අසහාය නායකයා වු මාටින් ලූතර් කිං ගේ පුතුනුවන් වු මාටින් ලූතර් කිං – 3 හෙවත් තුන්වන මාටින් ලූතර් කිං.
මේ ඇමරිකානුවා ඉන්දියාවේ සිට මෝදිගේ හින්දු රාජ්‍ය ව්‍යාපෘතිය හා ට‍්‍රම්ප්ගේ ජාතිවාදි භාවිතාව තද බල ලෙස විවේචනයට ලක් කර තිබුණා. ‘‘මාටින් ලූතර් හා අම්බෙඞ්කාර් යනු සහෝදර විමුක්තිකාමින්. ඔවුන් දෙදෙනාම බුද්ධිමය ලෙසත්, දාර්ශනික ලෙසත්, ආචාර ධාර්මික ලෙසත්, ආධ්‍යාත්මික ලෙසත් එකම ඇඳුමක් මැසු අය. සියළු මිනිසුන්ට සම උදාරත්වය හිමි විය යුතු බවත් කිසිදු ජාති කුල වර්ණ ආගම් ඛේදයකින් තොරව සමාන පුරවැසියන් සේ සැලකිය යුතු බවත් ඔවුන් දෙදෙනා ඇදහුවා. ඔවුන් එවැනි සමාජයක් ගොඩනගන්නට ජීවිතය කැල කලා ලූතර් තව දුරටත් එසේ කියා තිබුණා. එය සැබැවින්ම නිර්භීත කතාවක්. ඉන්දියානු ජාතිකවාදි ආණ්ඩුව තිස්සන කතාවක්.

මේ කතිකාවට එක් වු අම්බෙඞ්කාර්ගේ මුණුපුරු ප‍්‍රකාශ් අම්බෙඞ්කාර් ට‍්‍රම්ගේ හා මෝදිගේ ක‍්‍රියා කලාපයන් උපුටා දක්වමින් ප‍්‍රකාශ කර තිබුනේ කිං හා අම්බෙඞ්කාර්ගේ අරගලය අද මේ රටවල් දෙකම ඉදිරියට ගෙන ආ යුතු බවයි.
බරක් ඔබමා නමැති අපි‍්‍රකානු මුස්ලිම් සම්භාවයක් ඇති කළු ඇමරිකානුවා බලයට පත් වුනාම බොහෝ දෙනෙකු කීවේ මාටින් ලූතර් කිං දුටු සිහිනය සැබැ වි ඇති බවයි. එහෙත් ඔබාමා පාලනය පෙන්වා දුන්නෙත්, ඔබමාට පසු ට‍්‍රම්ගේ ආගමනය පෙන්වා දුන්නෙත් ලූතර්ගේ සිහිනය ඉටු වී නැති බවයි.
මේ අම්බෙඞ්කාර් සැමරුම සිදුවන අතරම ඉන්දියාවේ ජනපතිවරණය පැවැත්වුනා. ඉන් ජනග‍්‍රහණය කළේ අම්බෙඞ්කාර් සමාන අයිතිය ඉල්ලා සටන් කළ ඉන්දියාවේ කුලහීනම පීඩිත බහුතරයට අයත් දලිත්වරයෙක්. ඔහු රාම්නාත් කෝවින්ද්, කෝවින්ද් පත්වීමෙන් පසු කියා තිබුනේ ‘‘රාම්නාත්ලා විශාල පිරිසක් ඉන්දියාවේ ඉන්නවා. මම රාෂ්ටපති භවන් (ඉන්දිය ජනපති මැදුර) වෙත යන්නේ ඔවුන් වෙනුවෙන් ’’ කියලයි. නමුත් ඇත්ත මොකක්ද ? පහලම කුලයේ දලින්වරු වගේම සුළුජාතින් වන සික්වරු මුස්ලිම්වරු ජනපති අගමැති මහ ඇමති පුටුවලට යාමට ඉඩකඩක් ඉන්දියාවේ තිබෙනවා වුනාට ඒ ඉඩකඩ අම්බෙඞ්කාර්ගේ සිහිනය ඉෂ්ට වීමක් නොවෙයි කියන එකයි.
පීඩිත වර්ගයකින්, කාලයකින් රාජ්‍ය කරන තැනට එක්කෙනෙක් දෙන්නෙක් ආවාට ඔවුන් සියල්ලෝ කරන්නේ ‘‘ජාතික රාජ්‍ය’’ ‘‘ධනපති රාජ්‍ය’’ ඉදිරියට ගෙනයාම, පීඩිත ජනතාවට එකි රාජ්‍යය තුල විමුක්තිය නිදහස උදාවන්නේ නෑ.
ලූතර්ගේ පුතාලයි අම්බෙඞ්කාර්ගේ මුණුපුරලයි එකතු වෙලා කළ යුතු අරගලයක් තියෙනවා. ඒක ඇත්ත. ඒ අරගලය තමයි පීඩිතයාට නිදහස විමුක්යි සහතික කරන දේව පාලනයක් සහිත රාජ්‍යයක් උදා කිරිමේ අරගල.

jesustodaysl 22 සතිය 2017අගෝස්තු 06


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696