ගිංතොට ගින්න.


November 26, 2017 6:39 am

 ගිංතොට ගින්න.

ජාතිවාදය කිසි ලෙසකින්වත් දෙවියන්ට ප‍්‍රසන්න නොවේ. ජාතිවාදය නිසා ශී‍්‍ර ලංකාව ගෙවා ඇති වන්දිය ගැන අවංක හැඟීමක් ඇති කිසිවෙකුට ජාතිවාදි විය නොහැකිය. එහෙත් අප ගෙවුනු කාලය පුරමත් අත්දුටවේ ජාතිවාදයම තම බලය ලබා ගැනීමේ මෙවලම කර ගන්නා දේශපාලකයින්ගේ රාක්ෂ කියුම් කෙරුම්ය.
ගාල්ල ගිංතොට ප‍්‍රදේශයේ ඇවිල ගිය සිංහල-මුස්ලිම් ගැටුම 83 කළු ජූලිය හෝ අලූත්ගම කළු ජූලිය තරම් ව්‍යාප්ත නොවීම ගැන අප සතුටු විය යුතු නමුත් මේ සිදුවීම අපට පෙන්වා දෙන්නේ වහා ගිනි ඇවිලෙන සුළු ජාතිවාදි ආතතියක සමාජය පසුවන බව නොවේද ?
සුළු අනතුරක් සම්බන්ධ සිදුවීමක් ජාතිවාදි පදනමින් සලකා බැලීම නිසා ඇති වු මෙම ගැටුම නිසා නිවාස 66 ක් වාහන 10 වෙළඳ සැල් 23 ක් ඇතුළු දේපළ රැුසකට හානිවු බව ගණන් බලා තිබුණි. ජීවිත හානි සිදු නොවුනිද පහරකෑම් සිදු වී තිබුණි.
පොලිසියේ ඇතැම් නිලධාරින් ගින්න ඇවිලෙන්නට ඉඩ දී බලා සිටියා පමණක් නොව උල්පන්දම් දුන් බවද පෙනීයයි. පොලිසිය මෙහි වග උත්තරකරුවෙකු වන්නේ ඒ නිසාය. කෙසේ නමුත් අලූත්ගම ගැටුම තරම් විනාශකාරි තැනකට ගැටුම ඇදී යාමට ඉඩනොදීම ගැන ඒ සඳහා අවංකව මැදිහත් වු සැමට ස්තූතිය හිමිවිය යුතුය.
එහෙත් රජයේ වගකිම විය යුත්තේ ජාතිවාදින්ගේ මුහුණු පොතේ විෂ වැපිරීම පරාජය කරන ප‍්‍රචාරන ක‍්‍රියාන්විතයක් සිදු කිරීමය.
ඒ සඳහා අවංකව ජාතිවාදයෙන් මිදුනු නායකත්වයක් රටට අවශ්‍යය. ජාතිවාදයට එරෙහිව ප‍්‍රබල අධ්‍යාපන වැඩ පිළිවෙලක් රටට අවශ්‍යය.
මුස්ලිම් විරෝධි අදහස් ප‍්‍රචාරය කිරීමේ යෙදි සිටින කිතුනු යැයි කියා ගන්නා පූජකවරු හා ගිහියන් සිදු කරන්නේ ද ක‍්‍රිස්තු විරෝධි වැඩ පිළිවෙලකි.
jesustodaysl 39 සතිය 2017 නොවැම්බර් 26

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696