අද දවසේ නත්තල


December 31, 2017 6:30 am

සංක‍්‍රමණිකයින්ගේ අත්දැකීම තුළ දිග හැරෙන අද දවසේ නත්තල
පාප් තුමන් නත්තල් දිනය දා විවරණ කරයි.

2017 නත්තල් දිනය පූජාව වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේදි 10 000 කට අධික ජනතාවක් සමඟ පවත්වමින් ප‍්‍රැන්සිස් සුදතුම් පියතුමා සිය අවධානය සරණගත සංක‍්‍රමණිකයින් වෙත යොමුකරන ලෙස ලෝකයාගෙන් ඉල්ලා සිටියෝය.
බෙත්ලෙහෙමේ සිය දරුවා බිහි කිරිමට තැනක් නොමැතිව සරණාගත වු ජුසේ තුමන් හා මරිය තුමියගේ අත්දැකිම අද ලෝකය තුළ අත්විඳින ප‍්‍රධාන පිරිසක් වන්නේ සරණාගතවු සංක‍්‍රමණිකයින්ය. මරිය තුමිය හා ජුසේ තුමන්ගේ සරණාගත පා සටහන් අතර නව බොහෝ දෙනෙකුගේද පා සටහන් සැඟ වී පවතී. තමන්ගේ ගම්බිම් වලින් පවුල් පිටින් පළවා හරින ජනතාව වගේම තම ආදරණියන් විසින් අත්හැර දමනු ලබන්නන් තුළත් සරණාගතවු ශුද්ධ වු පවුලේ අත්දැකීම අපට මුණගසනවා. මේ නත්තලේ ඔවුන් වෙත අපේ දැඩි අවධානය යොමු විය යුතුයි.
මේ සරණාගත ප‍්‍රශ්නයට මූලිකම හේතුව මේ ලෝකයේ සිටින නායකයින්. ඔවුන් සිය බලය ගොඩනැගිමටත් ධනය හා සමෘධිය ගොඩනගා ගැනීමටත් කිසිදු පැකිලිමකින් තොරව අහිංසකයින්ගේ ලේ ගැලිම් නිරත සිටිනවා. ඒ වේගම මේ සංක‍්‍රමණික ප‍්‍රශ්නය තුළ බොරදිගේ මාළු බාමින් මිනිස් ජාවාරම් වල නිරත වන පිරිසක්ද ඉන්නවා. මේ දෙගොල්ලාම පළමු නත්තලේදි බිළිඳුන් මරා තම දෑතේ ලේ තවරාගත් අද දවසේ හෙරොද්ලායි පසුගිය වසර 4 ක කාලය තුළ යුරෝපයට සංක‍්‍රමණය වීමට උත්සහ කළ 14 000 පමණ මුහුදේදි මිය ගොස් තිබෙන අතර සංක‍්‍රමණික සරණාගතයින් ගැන අවධානය යොමු කරන ලෙස එතුමෝ ඉල්ලා සිටියහ.
jesustodaysl 44 සතිය 2017 දෙසැම්බර් 31

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696