ලෝකය තුල ගැහැණිය

කිතු තුමන් එදා සමාජයේ ස්ත්‍රිය සම්බන්ධයෙන් දැරු ආකල්ප අතීශය රැඩිකල් එකක් වූණා.. පිඩිතයාව තෝරා ගැනිමේ ක්‍රිස්තු පිළිවෙතට අනුව ස්ත්‍රිය පිඩිතයෙක් ලෙස හදුනා ගැනුණු බවයි දැකිය හැක්කේ...
- ලෝක ජනගහනයෙන් 50% ගැහැණු
- ලෝකයේ කාර්්‍යයන්ගෙන් 66% කරන්නේ ගැහැණු
එත් ,
ලෝක ආදායමෙන් 10%යි ඔවුන්ට අයිති.
ලෝක වත්කම් වලින් 1%යි ඔවුන්ට අයිති.

 

ප්‍රචණ්ඩත්වය හා ගැහැණු.

මානසික හා ආධා්‍යාත්මික ශක්තිය අතින් වඩාත් ශක්තිමත් වන්නේ ගැහැණියයි. නමුත් බාහු බලයෙන් හා ආර්ථික දේශපාලන බලයෙන් උදම් වන පිරිමින් ලෝකය පුරා ගැහැණියට හිංසා කරනවා. දැන් දැන් ගැහැණියද ඊට පෙරලා ප්‍රතිචාරය දක්වන්නට පෙළඹෙමින් සිටිනවා.
ලෝකයේ සැම ගැහැණුන් තුන් දෙනෙක්ගෙන්ම එක් අයෙක් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙනවා.

ක්‍රිකට් හා කාන්තාව

ලංකා කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලානයේ සුපිරි හය වටයට පිවිසිම නිසා කාන්තා ක්‍රිකට් උණ මෙරට ජනයා වැලඳ ගත්තෝය. ක්‍රිකට් කාන්තා හා පිරිමි පංති බේදය ගැන පුංචි අදහසක් ලබා ගන්න මේ සංඛයා බලන්න.
- එක්දින තරගයකදි ගෙවීම
පිරිමි ක්‍රිඩකයෙකුට රැ.4 40 000 යි.
ගැහැණු ක්‍රිඩකයෙකුට රැ.12 500 යි.
ගැහැණියෙකුට වඩා පිරිමියෙකුට 35 ගුණයක් ගෙවයි.
- වසරක කොන්ත්‍රාත්තු මුදල
පිරිමි ක්‍රිඩකයෙකුට රැ.125 00 000 කි.
ගැහැණු ක්‍රිඩකයෙකුට රැ. 66 00 000 කි.
ගැහැණීයකට වඩා පිරිමියෙකුට විසි ගුණයකට වඩා වැඩියි.

විදේශිය විනිමය හා කාන්තාව

- ලාංකිය ශ්‍රමිකයන් විදෙස් රැකියාවලින් උපයන වාර්ශික ආදායම ඇ.ඩොලර් වලින් බිලියන 3 කි.
- ඒ උදෙසා බිලියන 1.7 ක් හෙවත් ලක්ෂ 17 ක් පිටරට වල බැල මෙහෙවර කරයි.
- පිටරට සේවය කරන ලංකිකයන් ගෙන් 2/3 ක්ම කාන්තාවන් ය.
- ඔවුන්ගෙන් සෑම 4 දෙනෙකුගෙන් 1 අයෙක් ශාරිරික වද හිංසා වලට ලක්වේ.
- ඉන් 30% කම වැටුප් නොලැබේ.
රණ විරුවන් කියා රජය ගොනාට අන්දන්නේ මේ වහල් ශ්‍රමිකයාවයි. වහල් සේවාවක් නොවන ආකාරයේ සේවයේ යෙදෙන්නේ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ස්වල්ප දෙනෙකි.
වහල් ක්‍රමය අවසන් වි ශතතවර්ශයක් ඉක්මවා ඇතැයි කීවාට එය බොරුවක් බව මේ බහුතර ස්ත්‍රී ශ්‍රමිකයින්ගේ කතා විසින් අපට පෙන්වා දෙයි.

ළමා මව්වරු, කොටි හා සිංහලයෝ

කාන්තා දිනයේදි අපේ රටේ කාන්තා කටයුතු ඇමති ධරූය දරන පිරිමියා බළල් හමට තඩි බා තිබුනේ මේ විදිහටනයි.
“උතුරේ නැගෙනහිර ලාබාල
දැරියන්ගේ විවාහ වලට
වගකිව යුත්තේ කොටි
සංවිධානයයි ”
මේ ඇමති තුමලාගේ ආණ්ඩුව කොටි වනසලා රට රැකගෙන වසර හතරකට පසුත් කාන්තා දිනයේ කියන්නේ පරණ කථාමයි. ඇමති තුමනි, ප්‍රශ්න කීපයක් ති්බේ.
1) උතුරු නැගෙනහිර හැර රටේ වෙනත් ප්‍රදේශවල ලාබාල මව්වරු සිටිද?
2) ඒ ළාබාල මව්වරුන් බිහිවීමට වගකිය යුත්තේ කව්ද?

පසුගිය වසර තුන තුල වසරකට 40000 - 50000 ක් අතර ළමා මව්වරුන් ලංකාවේ බිහි වී ඇත.
වසරකට ලක්ෂ භාගයක පමණ ළමා දැරිවියන් ගැබ් ගන්නා රටක් නිර්මාණය කළේ මේ රට පාලනය කළ මැති තුමන්ලාය. එහි වගකීමේන අත සෝදාගන්නා මේ පාලකියින් ඇණ ගසන්නේ ඒ ළමා මව්වරුන්ව හා ඔවුන්ගේන් මෙලොවට බිහිවන රෝගාතුරු දරුවන්වය.

“කාමර තිබේ” හා ළමා මව්වරු

ළමා ගැබ්ගැනිම් වර්ධණය වීම කෙරෙහි ප්‍රබල ආධාරකයක් වී ඇත්තේ රට පුරා ඇති “කාමර තිබේ” යනුවෙන් ලොකු බෝඞ් ගැසු නවාතැන් පොළවල්ය. මේවා නිවාඩු නිකේතන හෝ තානායම් නොව ගුබ්බෑයම්ය. මේ ගුබ්බෑයම් සියල්ලම පාහේ දේශපාලකයින්ගේ හෙංචයිලාගේ හෝ දේශපාලන අනුග්‍රහය ලබන්නන්ගේය.

පාසල් අසල අලුත් පෝස්ටර්
දැන් දැන් ප්‍රධාන පාසල් අසල ඇලවෙන පෝස්ටර් විශේෂයක් දැකිය හැකිය
- කාමරයක් 1000 යි
- කාමරයක් 750 යි
- කාමරයක් 500 යි
- අහවල් සිනමාශාලාව නවීකරණයව ඇත. බොක්ස් පහසුකම් ඇත.
මේ පෝස්ටර් අත වනන්නේ කාටද?
පෙම්වතුන්ට කථා කරන්නට තැනක් ඉඩක් කඩක් නැති කුහක සමාජයක් තුළ මේ පෝස්ටර් ඒ මානව අවශ්‍යතාවය උදෙසා නොවේ. ලිංගිත්වය වසඟය තුළ සැග වු ධනවාදි ආර්ථිකයේ පරිභෝජනය සඳහාය.

කාමර මිල පහළ යාම හා කාම වෙළඳපල

කාමර මිල පහළ යාමේ රහස එක් කාමර හිමියෙක් අනාවරණය කළේ කාටත් නොකියන පොරොන්දුව උඩය. එහෙත් දු දරුවන්ට ආදරෙන් එය කිව යුතුය.
“මහත්තයා කාමරේ ගාන අඩු වුණාට අපි වෙන බිස්නස් එකක් කරගන්නවා. කාමරේ ජෝඩුවල හැසිරිම් හොරෙන් කැමරා කරලා හොඳ ගානකට විකුණනවා”
කාම රාග වෙළඳ පොළ ප්‍රවර්ධන කටයුතු වල එක් මාර්ගයක් එසේය.

ලංකාවේ පිරිමි දේශපාලනය

ගැහැණියට නිගා කරන ලංකාවේ පිරිමි දේශපාලනය කොතරම් අධිපතිවාදිද?
- ජනග්‍රහනයෙන් 51.5% කාන්තාවෝය.
- පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.7% කි
සිටින 5.7 තුළද අධිපතිවාදයට යට වුවෝ මිස සැබැ කාන්තාවෝ නැති තරම්ය.

ක්‍රිස්තියානිය හා ගැහැනිය.

සභාවන්ද ලෝකයේම හරස් කඩකි. ගියවර “හරස් කඩ” තීරුවේ පලවු “මරිය තුමියට අපහාස කරන පිරිමි පූජකයෝ” ලිපියට ලද ප්‍රතිචාර රැසකින් එවැනි අපහාස උපහාස ගැන තොරතුරු රැසක් හෙළිදරව් විය.
ගැහැණු ළමයින්ට “කෑල්ල” “බඩුව” “වල” කියන කිසිවෙකුට නමෝ මරිය කීමේ අයිතියක් නැත. ඒ වචන භාවිතා කරන සියල්ලෝ පාපයක් කරන්නේය. මුලදි ගැහැණු ළමයාට භාවිතා කරන්නේ ඉහත දැක් වු උපයෝගිතා අදහස් ඇති වචනය. ගැහැනිය භාණ්ඩයකි යන්න ඉන් ගම්‍ය කරයි. පසුව ඒ වචන ඊටත් වඩා පාපකාරි බවට පරිවර්ථනය වේ. භාවිතා කිරිමට නුසුදුසු ඉවත දැමිය යුතු යන අදහස මතු කරයි. “හපය” “වනය” “ගොනා” ආදි වචන ඊට ඇදේ.

ගැහැණිය භාණ්ඩයක් නොවේ.
ගැහැණිය දෙවියන් වහන්සේගේම සමාන කමට හා ස්වරූපය දරන දෙවියන්ගේම පරාවර්ථනයකි. පිරිමියාට හා ගැහැණියට හිමිවන්නේ සම උදාරත්වයකි.

මරිය තුමිය දිනේවා!
නව දිල්ලියේදි සමුහ දූෂණ්‍යට ගොදුරු වෛi සිසුවියට අතවර කිරිමට ආ පිරිස ඊට යොදාගත් බස් රථයේ “දේව මාතාව දිනේවා” කියා ලිය තිබුණු බව වාර්තා විය.
ස්ත්‍රීයට අපහාස කරන ගරු නොකරන කිසිවෙකුත් මරිය තුමියට ගරු කිරිමට හැකියාවක් නැත.

සැබැ මරිය බැතිය
සැබැ මරිය බැතිය යනු ස්ත්‍රීයට නිසි තැන දෙන ස්ත්‍රීයට ගරු කරන ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ජීවිතයට මුල් තැන දෙන සමාජයක් බිහි කිරිමට කැප වි ක්‍රියා කිරිමයි.
ගැහැණියට සිදුවන පීඩාවන්ට එරෙහිව හඬ නොනගන කටහඬින් ගැයෙන මරිය බැති ගීතය, උච්චාරණය කරන ජපමාලය බොරුවකි, රැවටීමකි. මරිය අපහාසයකි.

 

Comments powered by CComment