ලොව පුරා පවතින කිසිදු ආගමකට ස්ත්‍රියට ගරු කිරිමට හැකි ආධ්‍යාත්මයක් පිරිමියාට ලබා දීමට නොහැකි වී ඇත. ආගමික ශාස්තෘවරුන් කාන්තාව ගැන කොතරම් වටිනා ඉගැන්වීම් සිදු කළ තිබුණත් අනුගාමික පිරිමි ඒ හඬට කන් නොදෙන බව පෙනේ.

 

එක්සත් ජාතින්ගේ කාන්තා අංශය ගෝලීයව ව්‍යාප්ත වී ඇති කාන්තා හිංසනය පිළිබඳ වාර්තාව පෙන්වා දෙන තත්වය අතිශය සෝචනීය වේ.

ලෝකයේ සෑම මහද්වීපයකම සෑම කලාපයකම අඩු වැඩි වශයෙන් ස්ත්‍රීයට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන බව ඒ වාර්තාව පෙන්වා දෙයි. මේ ඒ වාර්තාවෙන් මතුවන කරුණු කීපයකි.

 ලෝකයේ කාන්තාවන්ගෙන් 1/3 ක් ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක් වේ.
 මිලියන 750 ක් අවුරුදු 18 ට පෙර විවාහ වේ.

ආසියා කලාපයේ

තරුණයන් සිටින පොදු ස්ථානවල 40 %ක් තරුණියන් හිංසනයට ලක් වේ.

මැද පෙර දිග හා උතුරු අප්‍රිකාව

මැද පෙරදිග කාන්තාවන්ගෙන් 80% ක් පමණ කිසියම් හිංසනයට ලක් වේ.

ඇමරිකා එක්සත් ජනපදය

ඇමරිකානු කාන්තාවන් 65% ක් වීදි හිරිහැරවලට ලක් වේ.

යුරෝපයේ

බ්‍රිතානයේ කාන්තාවන්ගෙන් 64% ක් වීදි හිරිහැරවලට ලක් වේ.

ඕස්ට්‍රලියාව

වීදි හිරිහැරවලට ලක්වන කාන්තා ප්‍රතිශතය 67% කි.

ඉතිං මේ දත්ත අපට කියා දෙන්නේ කුමක්ද ? මුළු ලොව පුරාම පිරිමින්ගේ හිංසාවට, අතවරයට, නිගරුවට කාන්තාව පත්වන බවයි.

ලොව පුරා පවතින කිසිදු ආගමකට ස්ත්‍රියට ගරු කිරිමට හැකි ආධ්‍යාත්මයක් පිරිමියාට ලබා දීමට නොහැකි වී ඇත. ආගමික ශාස්තෘවරුන් කාන්තාව ගැන කොතරම් වටිනා ඉගැන්වීම් සිදු කළ තිබුණත් අනුගාමික පිරිමි ඒ හඬට කන් නොදෙන බව පෙනේ.

පුරුෂයා මේ තරම් ස්ත්‍රීයට හිංසා කරන්නේ ඇයි ? ඊට හේතුව පුරුෂයා තුළ ඇති හීනමානයයි. දුර්වල පෞරුෂයයි.

සැබැවින්ම මානසිකව ශක්තිමත් කෙනා ස්ත්‍රීයයි. පුරුෂයාට බාහු ශක්තිය තිබුණත් ස්ත්‍රීයට විශාල ශක්තිමත් මානසික හා අධ්‍යාත්මික ශක්තියක් තිබේ. මේ නිසාම පුරුෂයා ස්ත්‍රියව පීඩාවට පත් කර යටත් කර ගැනීමට උත්සහ දරන බව පෙනේ.

දේව මාතාවන්ට ගරු කරන ලෝකය ස්ත්‍රීයට ගරු කරන ලෝකයක් බවට පත් නොවන තාක්කල් ඒ ගරු කිරීම ව්‍යාජයක් නේද ?

පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළීම නතර කළ යුතුයි. තමා පූර්ණත්වයට පත්වන්නේ ඇය හා එක්ව මිස ඇගෙන් වෙන්ව නොවන බව වටහා ගත යුතුය.
ස්ත්‍රීියට පීඩා කිරීම යනු තමාටම පීඩා කර ගැනීමකි. මන්ද තමා නිර්මාණය වන්නේ ස්ත්‍රියක් තුළිනි.

Jesustodaysl 2 වන වසර 37 වන සතිය 2018 නොවැම්බර් 25 

Comments powered by CComment