මිනිස්සු තමාට කැමැත්තක් අැති වූ ගැහැණිය තමන්ව ප්‍රතික්ෂේප කළාම අැයව මරා දමනු වෙනුවට අැය ජීවිත කාලය පුරාම විඳවනවා දැකිෙමන් තෘප්තිමත් වෙනවා. ඔවුන් එ් ගැහැනියගේ අාත්මය, සමාජ ජීවිතය අැගේ සිහින, අනාගතය අරමුණ විනාශ කිරීමෙන් ලොකු සතුටක් ලබනවා.... 

එදා.....

2005 දී අැය ඉන්දීය අග නුවර මිලියන ගණනක් අතර අහල පහල කීප දෙනෙකු පමණක් දන්නා 15 හැවිරිදි නව යව්වනියක විය.

2018.10.26.05

අද.....

2018 දී අැය මුළු ඉන්දියාව සේම ලෝකයද දන්නා මුළු මහත් ස්ත්‍රී සංහතියටම ධෙෙර්යය සපයන 28 හැවිරිදි සමාජ ක්‍රියාකාරිනියකි අැය.

2018.10.26.06

ක්ෂ්මි අැග්‍රවේල් නම් වේ.

2005 දී ජනාකීර්ණ දිල්ලි නගරයේ වීථියක් ඔස්සේ සංගීත පංතියට යමින් සිටි අැය වෙත කඩා පැ්නන හැඩි දැඩි පිරිමි තිදෙනෙක් අැගේ රූමත් මුහුණට අැසිඩ් ප්‍රහාරයක් එල්ල කරන ලදී. එයට හේතු වූයේ ඊට දින කීපයකට පෙර අැයට දෙගුණයකටත් වඩා වයසින් වැඩි 32 හැවිරිදි ගුඩ්ඩා නම් පිරිමියා ලොකු මුදලක් අතට දී විවාහ වීමට කළ යෝජනාව අැය විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

අැසිඩ් ප්‍රහාරයෙන් මහ මඟ අැද වැටුනු ලක්ෂ්මි රෝහල්ගත කිරීමෙන් පසු ප්‍රධාන ශල්‍යකර්ම 9 කට භාජනය කරන ලදී. අැගේ රූමත් නව යොවුන් වත විරුපී වූයේ ප්‍රහාරකයාගේ පරපීඩක කාමුකත්වයේ නරුම බව කියාපාමිනි.

එහෙත් ප්‍රහාරකයාගේ අරමුණ ඉටු නොවීය. ලක්ෂ්මි මීට පෙර මෙවන් ප්‍රහාරයන්ට ලක් වූ යුවතියන්ට වඩා වෙනස් විය. මෙතෙක් කල් සිදුවූයේ මෙවන් අැසිඩ් ප්‍රහාරවලට ලක්වූවෝ දිවි නසා ගැනීම, සමාජයෙන් සැඟව පලා යාම, දුකින් වේදනාවෙන් මිරිකි පැත්තකට වී දිවි ගෙවීමයි. එහෙත් අපගේ කථා නායිකාව ඊට වඩා වෙනස් විය. විශේෂයෙන් ගැහැණු අාත්මය සතු මහා ශක්තිය මතු කොට ඔි නැගී සිටියාය. එ් තමන් වෙනුවෙන් නොවේ. වසරකට 1000 ක් පමණ වන අැසිඩ් ප්‍රහාරයට ලක්වන තමන් වැනි ස්ත්‍රීන් වෙනුවෙනි.

අැය සටන සෙමින් අැරඹුවාය. අැසිඩ් ප්‍රහාරයට ලක් වූ ස්ත්‍රීන් සොයා ගෙයින් ගෙට ගිය අැය ඔවුන්ට ධෙෙර්ය දී ඔවුන්ව සංවිධානය කළාය. අාත්ම විශ්වාසය හා ජීවිතයේ අගය ඔවුන්ගේ හදවත් වලට එන්නත් කළාය.

13245314 901727083282430 8982765155142091028 n 1496715534

"මිනිස්සු තමාට කැමැත්තක් අැති වූ ගැහැණිය තමන්ව ප්‍රතික්ෂේප කළාම අැයව මරා දමනු වෙනුවට අැය ජීවිත කාලය පුරාම විඳවනවා දැකිෙමන් තෘප්තිමත් වෙනවා. ඔවුන් එ් ගැහැනියගේ අාත්මය, සමාජ ජීවිතය අැගේ සිහින, අනාගතය අරමුණ විනාශ කිරීමෙන් ලොකු සතුටක් ලබනවා.... 

එහෙත් ප්‍රහාරකයින්ගේ බලාපොරොත්තු සුන් කරමින් එ් ගැහැනු තව ජවයකින් හා සතුට පිරි මුහුණින් සමාජයට එකතු වෙන්නේ නම් ප්‍රහාරකයා පරාජයට පත් වෙනවා. අැය වෙනුවට ඔහු විඳ වීමට පත් වෙනවා."

අැයගේ හඬ අැසුනු, එ්ත්තු ගැන්වුණු දහස් ගණන් අැසිඩ් ප්‍රහාරයට ලක් වූ ස්ත්‍රීන් අැය හා එක්වෙනවා. එ් අැය එවැනි ස්ත්‍රීන් වෙනුවෙන්ම අාරම්භ කළ Chhanau Foundation නම් සංවිධානය වටායි.

ප්‍රථමයෙන් අැසිඩ් ප්‍රහාරයට ලක් වූ ස්ත්‍රීන්ගේ රූප රාජිනි තරඟ, නිරුපන ශිල්පිනි තරඟ, පැවැත්වූ අැය ඉන්දීය සමාජයේ අවධානය අැසිඩ් ප්‍රහාරයට ලක්වූවන් වෙත දිනා ගැනීමට සමත්වූවාය. මාධ්‍ය තුළ මේ ප්‍රශ්නය කථා බහට ලක් වීමට සැලැස්වූවාය.

ඉන් අනතුරුව අැය නෙෙතික ක්‍රියාමාර්ග වෙත යොමු වූවාය. ඉන්දීය සමාජයේ ජනමත ප්‍රධානින් 2700 කගේ අත්සන් අැති පෙත්සමක් සමඟ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය අැය ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කළාය. පළමුවැන්න අැසිඩ් අලවිය පිළිබඳ සීමා පැනවීමයි, දෙවැන්න අැසිඩ් ප්‍රහාරයන්ට ලක්වූවන්ට වන්දි ලබා ගැනීමයි. 

අැය සටන ජයග්‍රහනය කළාය. අවුරුදු 18 ට අඩු අයට අැසිඩ් විකිණීම තහනම් කළ අතර, අවුරුදු 18 වැඩි අය අැසිඩ් මිලදී ගැනීමේදි හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්යය කෙරුනි.  එපමණක් නොව වින්දිතයන්ට රැකවරණය සැලසීම, වන්දි ලබාදීම පිළිබඳ නීති පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට හා ප්‍රාන්ත රජයන්ට නියම කළාය.

ඉන්දීය සමාජය තුළ අැය අවධානය ලක් වූ  නිසාම අැයට මාධ්‍යයේ ඉඩකඩ විවර විය. ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් වන NDTV හි විශේෂාංග නිවේදිකාවක් ලෙස අැය පීඩනයට පත්වන ස්ත්‍රීන් වෙනුවෙන් දිගටම හඬ නගන්නීය. 2014 දී මේ අරමුණු සහගත යුවතියකගේ මුහුණට නොව හදවතට පෙම්බැදි අාලොක් ඩික්සිත් නම් තරුණයා සමඟ විවාහ වූ අැය දැන් මවකි.

ඉන්දීයාවෙන් බාෙහෝ අැගයුම් ලද අැය ලෝකයේ ධෙෙර්යවන්තම කාන්තාවට පිදෙන එක්සත් ජනපද ජනපති අාර්යා සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. 

Jesustodaysl 2 වන වසර 33 වන සතිය 2018 ඔක්තෝම්බර් 28

Comments powered by CComment