කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයට එරෙහිව ජන මතකයක් ගොඩනැගීමට ‘මරියාවන්ට ගරු කරන්නේ නම් ස්ත්‍රීන්ට එරෙහිව ලිංගික හිංසනය නවත්වන්න” වැනි අදහස් සමඟ ඉදිරියට යන මරිය බැතියක් අද රටට, ලොව අවශ්‍යව ඇත

විශේෂයෙන් කතෝලික ජනයා මරිය බැතිය සඳහා වෙන් කර ඇති මැයි මාසයේ නිමාවට පැමිණි සිටින මේ මොහොතේ අපගේ මරියබැතිය සමඟ වර්ථමාන ස්ත්‍රීයගේ ජීවිතය බද්ද වූවාද යන්න විමසීමට ආරාධනා කරමු.

බාලිකා පාසල් තුනක හා දෙව්මැදුරු දෙකක දිනපතා ජපමාලය කීමේදි ජපමාල පංතියකට පෙර සිදු කරන මෙනෙහි කිරිම් වලදි හා යැදුම් දින විසි පහක් පුරා විමසා බැලු අප දුටුවේ කිසිදු විටක ලිංගිකව හිංසනයට ලක්වන ස්ත්‍රීන් ගැන අවධානයක් නොලැබුනු බවයි.

මෙරට තුළ සිදුවන ලිංගික අතවර වලින් 98% ක්ම සිදුවන්නේ කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිවය.

කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් බවට එය පත්ව ඇත. එහෙත් මරිය බැති යැදුම්වලදි ස්ත්‍රීයගේ සැබෑ ප්‍රශ්න වෙත යොමුවක් නැති බව දක්නට ලැබීම ඛේදවාචකයක් නොවේද?

කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයට එරෙහිව ජන මතකයක් ගොඩනැගීමට ‘මරියාවන්ට ගරු කරන්නේ නම් ස්ත්‍රීන්ට එරෙහිව ලිංගික හිංසනය නවත්වන්න” වැනි අදහස් සමඟ ඉදිරියට යන මරිය බැතියක් අද රටට, ලොව අවශ්‍යව ඇත.

ඉන්දියාවේ ‘නිර්භයා’ යන අන්වර්ථ නමින් හැදින්වූ තරුණියට සිදු කල සමූහ දූෂණයෙන් ඇය ඝාතනයට ලක් වූ අතර ඊට වගකිව යුත්තන්ට පසුගිය සතියේදි ඉන්දීය අධිකරණ මරණ දඩුවම නියම කරන ලදී.

ඇයව සමූහ දූෂණයට ලක් කරනු ලැබුවේ බස්රථයකදි වන අතර ඒ බස් රථයේ මරිය මව් පිහිට යදින ස්ටීකරයක් අලවා තිබුනු බවද සිද්ධිය සිදු වූ දිනවල ප්‍රසිද්ධ විය. ඉන් ගම්‍ය වන්නේද මරිය තුමියට ගරු කරන්නන් ස්ත්‍රීයට ගරු නොකිරීමේ ව්‍යාජයයි.

Jesustodaysl 2 වන වසර 31 වන සතිය 2018 ඔක්තෝම්බර් 14



 

Comments powered by CComment