දරුවන්ගේ පෝෂණය පිළිබඳ මූලිකව වගකිම ගන්නේ මව්වරුන්ය. එසේ කීම පියවරුන් වගකීමෙන් නිදහස් කිරිමක් නොවේ. ලෝක ළමා දිවිය අන්ත දෙකක හිර වී ඇත. ඒ අන්ත දෙකම පෝෂණය ප්‍රශ්න වෙති.

පළමුවැන්න

මන්ද පෝෂණයයි

දෙවැන්න

අධි පෝෂණයි

කෙනෙකු අධි පෝෂණය නිසා මරණයට පත්වෙයි.

තවකෙකු

මන්ද පෝෂණය නිසා මරණයට පත්වෙයි

කෙනෙකු

අධි පෝෂණයට ප්‍රතිකාර ගනි.

තවකෙකු

මන්ද පෝෂණය ප්‍රතිකාර ගනී / නොගනී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ කුමක්ද ?

ස්ථූලභාවය, මහත්වීම දැන් ලෝක සෞඛ්‍ය ප්‍රශ්නයක්.

ළමුන් හා නව යව්වනයන් ඊට ගොදුරු වන්නේ ඇයි ?

1   ක්ෂණික ආහාර අනුභවය

2   පැණිබීම පානය

3   සක්‍රිය විනෝදාස්වාදන වල නොයෙදීම. අක්‍රිය විනොදොස්වාදන මාර්ගවල (උදා - රූපවාහිනිය, වීඩියෝ ක්‍රීඩා) වල යෙදීම

4   සක්‍රිය ක්‍රීඩා තුලින් ශරීර ක්‍රියාකාරිත්වය වර්ධනය නොවීම.

5   අධ්‍යාපනයේ පීඩාව වැඩිවීම.

6   ආහාර රටාවේ අක්‍රමවත්බව.

මේ එක් අන්තයකි. අනිත් අන්තය ගැන මේ වාර්තාව කියන්නේ කුමක්ද ?

2016 ලෝකයේ අඩුබර දරුවන් මිලියන 117 (117 000 000)

මධ්‍යස්ථ බර දරුවන් මිලියන 75 (75 000 000) සිටි බවයි.

අධි පරිභෝජනය ඌන පරිභෝජනය සමඟ බෙදන්නේ නම් ප්‍රශ්ස්ථ පරිභෝජනය ලොවටම උරුම නොවේද

කෑම ඇති අය නැති අයට දීම, අදන දෙකක් ඇති අය එකක් නැති අයට දීම,

දෙවන කාර්ය වන්නේ දෙමව්පියකරණයේ වගකිම නිසි ලෙස ඉටු කිරීමයි.

විශේෂයෙන් අධිපෝෂණය යනු දරුවන්ගේ වර්ධනය පිළිබඳව වන දෙමව්පිය වගකිම නිසි පරිදි ඉටු නොකිරිමෙ ප්‍රතිඵලයකි. දරුවෙකුගේ ශාරිරික වර්ධනය පිළිබඳ දෙමාපිය වගකිම් අතර ප්‍රමුඛ කාර්ය වන්නේ නිසි පෝෂණය ලබාදෙමින් දරුවා උසට සරිලන බරකින් යුතු දරුවෙකු ලෙස වර්ධනය වීමට ඉඩ හැරීමයි.

 

jesustoday 34 සතිය 2017 ඔක්තෝම්බර් 22

Comments powered by CComment