වසර තුනක පමණ සිට පවතින මන්නාරම් රෝහල් දැඩි වෙෙද්‍ය හිඟය ගැන උතුරු පළාත් සෞඛ්‍ය ලේකම්වරයා මධ්‍යම රජයේ සෞඛ්‍ය අැමතිවරයාට ලිපියක් ලියමින් වෙෙද්‍යවරු ලබා දිය නොහැකි නම් රෝහල වසා දමන ලෙස ඉල්ලු බවද වාර්තා වේ. මඩු මෑණියන් වැඩ සිටින මන්නාරම් ගැබිනි මෑණිවරුන් වෙනුවෙන් සටනට එන්නැති සභාව ගැන මඩු මෑණියන්ට කොතරම් පිළිකුලක් අැත් ද ?

මන්නාරම් දිස්ත්‍රික්කය සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ අැති දුෂ්කරම දිස්ත්‍රික්ක වලින් එකක් වශයෙනි. යුද්ධයෙන් බැට කෑ මේ දිසාවේ ජනතාවට "උතුරු වසන්තය" උදා වී අැතැයි ජනමාධ්‍ය ඔස්සේ උතුරට කරන සැලකුම් ගැන කියවන දකුණේ ජනතාව සිතන බව මේ ලියුම් කාරිනියට අවබෝධ වී අැත්තේ වරක් දෙවරක් නාෙවේ.

එහෙත් අැත්ත තත්වය නම් ව්‍යාපාරිකයින්ට දේශපාලකයින්ට හා කොන්ත්‍රාත්කරුවන්ට වසන්තය උදා කර දුන් පාරවල් හා යටිතල පහසුකම් මිස සාමාන්‍ය ජනතාවට උදාවූ වසන්තයන් නැති තරම් බවය.

යම් රටක මනුෂ්‍යත්වය මනින මිනුවක් වන්නේ එ් රටේ ගැබිනි මව්වරුන්ට සලකන අාකාරයයි. මන්නාරමේ ගැබිනි මව්වරුන්ට සලකන අාකාරය පෙන්වා දෙන්නේ ලංකාවේ අැති අමානුෂික බවයි.

මන්නාරමේ රජයේ රෝහල තද බල ලෙස වෙෙද්‍ය හිඟයකින් පෙළෙන අතර ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර සඳහා වෙෙද්‍යවරයෙකු නොමැති කමින් 2019 ජනවාරි මාසයේ සිටම ගැබිනි මව්වරුන් සඳහා වෙෙද්‍ය සායනය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. වෙෙද්‍යවරුයෙකු නැතිකම ඊට හේතු විය. සායනයට පැමිණි මව්වරුන්ට සායනය ඉල්ලා උද්ඝෝෂණය කිරිමට සිදු විය. එය දරුණු ඛේදවාචකයකි.

පසුව වව්නියා රෝහලින් ගෙන්වා සායනය පැවැත්වීමට කටයුතු කරන බව කීවත් එයද සාර්ථක වුයේ නැත. අවසානයේ වෙෙද්‍යවරයකු දුන්නද ඔහු ද මේ දිනවල නිවාඩු ලබාගෙන අැත.

ඊට අාසන්න හේතුව වී අැත්තේ අලුත උපන් බිළිඳෙකු මිය යාම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙෙද්‍යවරයාට පහර දීම බව වාර්තා වේ.

මේ වෙෙද්‍යවරයා බොහෝ විට අාපසු නොඑ්මට හැකියාව තිබෙන අතර දැන් මන්නාරමේ ගැබිනි මව්වරුන්ට අැත්තේ දෙවියන්ගේ පිහිට පමණි. දරු ප්‍රසුතිය සඳහා මන්නාරම් දිස්ත්‍රික්කයේ මව්වරු වව්නියා මහා රෝහලට යා යුතුව අැත. ඉතා දුෂ්කර ඉතා පීඩිත ද්‍රවිඩ හා මුස්ලිම් ප්‍රජාවට අයත් මේ මව්වරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දීමට මේ තරම් පමාවන "සුවපති" අැමතිලා යනු "යමපති" අැමතිලා නොවේද ?

බිලියන ගණන් ගොඩනැගිලි හැකි පළාත් වලටම බෙදන මේ රටේ සංවර්ධනය තුළ පීඩිතයින් නොසලකා හැරීම මෙන්ම පීඩිත ජාතින් නොසලකා හැරීමද මේ තුළින් ගම්‍ය වේ.

වසර තුනක පමණ සිට පවතින මන්නාරම් රෝහල් දැඩි වෙෙද්‍ය හිඟය ගැන උතුරු පළාත් සෞඛ්‍ය ලේකම්වරයා මධ්‍යම රජයේ සෞඛ්‍ය අැමතිවරයාට ලිපියක් ලියමින් වෙෙද්‍යවරු ලබා දිය නොහැකි නම් රෝහල වසා දමන ලෙස ඉල්ලු බවද වාර්තා වේ.

මඩු මෑණියන් වැඩ සිටින මන්නාරම් ගැබිනි මෑණිවරුන් වෙනුවෙන් සටනට එන්නැති සභාව ගැන මඩු මෑණියන්ට කොතරම් පිළිකුලක් අැත් ද ?

මඩු මල්ලියට ලැබෙන අාදායමෙන් මුදල් ගෙවා මාසික වෙෙද්‍ය සායනයක් පැවැත්වීමටවත් මඩු පල්ලිය තිබෙන මන්නාරම් පදවියේ කතෝලික සභාව ක්‍රියා කළ යුතුය. මඩු පල්ලිය පූජා පූමියක් කරන්න පෙර ගැබිනි මව්වරුන්ගේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්නැයි ජනපතිට ලියන්න හැකි ක්‍රිස්තියානියක් රදගුරු තුමා හා පූජක සංඝයටත් විශේෂයෙන් පැවිදිවරියන්ට තිබිය යුතුය.

තොරතුරු 

2018/09/16 සිළුමිණ පුවත්පතේ පළවු "ජීවිත ඉල්ලා හඬා වැටෙන මන්නාරමේ දරු අම්මාලා " ලිපියෙනි.

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 23

 

 

Comments powered by CComment