ස්ත්‍රිය දේව සමානකම ස්වරූපයට මැවු බව අදහාන ක්‍රිස්තියානින්ට හෝ ක්‍රිස්තියානි සංවිධාන වලට හෝ මාධ්‍ය වලට එවැනි කරුනු ගැන වගක් නැති විම පවසන්නේද ඔවුන් බලාගෙන ඇති පුරුෂ මුලික දේශපාලන අගතිගාමීත්වයයි.

 

දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය රටක ස්ත්‍රියට ඇති අවස්ථා මනින දර්ශකයක් ලෙස වර්ථමාන ලෝකය යොදා ගනි.

ස්ත්‍රි නියෝජනය වැඩි විම යම් රටක දේශපාලනය වඩා යහපත් කිරිමට හේතු වන බව පිළිගැනේනවා. නමුත් විශේෂයෙන් ආසියාවේදි නම් ඒ කරණය ගැන ඇත්තේ කුකුසක්.. මැතකදී මිය ගිය ඉන්දීය දේශපාලන නායිකා ජයලලිතා ඊට උදාහරනයක්.

එසේ වුවත් යම් රටක දේශපාලනය තුල ස්ත්‍රි නියෝජනය වැඩි විම තුලින් ක්ෂෙත්‍රයට පමණක් නොව පොදුවේ රටටත් යහපත්කම් රාශියක් උදාකරනවා යන කාරණය නිශ්ප්‍රභ කල නොහැකියි. ස්ත්‍රිය සතු නිසඟ ගති ලක්ෂණ ඒ සදහා බලපානවා.

ලෝකයේ ප්‍රජාන්ත්‍රවාදි යැයි කියන රටවල් 190 ක පාලිමෙින්තුව තුළ කාන්තා නියෝජනය ප්‍රමාණාත්මකව මැන බලන වර්තාව අනුව ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ 179 ස්ථානය මෙය සැබැවින්ම ඛේදනිය තත්වයක් ...

ශ්‍රි ලංකාවේ දේශපාලන ක්‍රමය තුල පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද බහුතර මන්ත්‍රිවරියන් තම ස්වාමීපුර්ෂයා හා පියාට ඇති සම්බන්ධතාවය මත පැමිණිය අය විම මේ තත්වය තවත් නරක අතට පත් කරනවා.

ශ්‍රි ලංකා පාර්ලිමෙන්තුවේ කාන්තා නියෝජනය 5.8%යි. කාන්තා නියෝජනය අතින් පිළිවලින් 1,2,3 ගන්නා රටවල එම ප්‍රතිශතය මෙසේය.

රුවන්ඩාව      61.3%
බොලිවියාව    53.1%
කියුබාව        48.9%

ශ්‍රි ලංකාවේ පාර්ලිමෙන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරිම සදහා වැඩ කරන සංවිධාන රාශියක් තිබෙන අතර එය වැලැක්විමට ක්‍රියාකරන පුරුෂ මුලික පිරිස්ද ඉන්නවා. ඒ අතර ඉදිරියෙන්ම ඉන්නේ පිරිමි දේශපාලකයින්'

ලෝකයේ පළමු අගමැතිනිය බිහි කර වාර්තා තැබු රටක තත්වය මෙයයි. මවකගෙන් බිහි වු දරුවන්දැයි සැක සිතෙන තරමටම මෙරට ඇතැම් දේශපාලකයින් ස්ත්‍රින්ට කරන අපහාස පාර්ලිමෙින්තුව තුලම දැකිය හැකියි. අතීතයේදී එක් මන්ත්‍රිවරයෙකු ගැහැනියක් අගමැතිවරියක් විම ගැන කියා තිබුනේ එවිට පාර්ලිමෙන්තුවේ මුල් පුටුව මාසයකට වරක් සෝදන්න වන බවයි. මැතකදී දේශප්‍රේමී උපවාසකර මන්ත්‍රීවරයෙකු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරියකව වාර්ගීකව ගර්හාවට ලක් කලේ “ලන්සි පැපොල්” යනුවෙන් සදහන් කරමිනි.

jesustodaysl 2 වන වසර 26 වන සතිය 2018 සැප්තැම්බර් 02

Comments powered by CComment