කාන්තා රැදවියන් වැඩි දෙනෙකු මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදි නිසා සිරගතවූවන්ය. ඔවුන් තුල මරියාවන් දකින්නට හැකි අැදහිල්ලක් අපට තිබේද ? දෙවියන්ට යදින, වදින, පුදන ඔවුන් කුඩුකාරියන් වන තුරු අපේ කිතුනු එ්කක වල සෙසු අැදහිලිවතුන් කළේ කුමක් ද ?

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා සිරකාරියෝ සිදු කළ උද්ඝෝෂණ ජන මාධ්‍ය වල ප්‍රධාන සිරස්තල බවට පත්ව තිබුණේ සුපුරුදු පරිදි ස්ත්‍රීන්ට එරෙහිව පවතින අගතිගාමි අාකල්ප පෙරදැරිවය. මේ කෙටි ලිපියේ අරමුණ ඔවුන්ගේ උද්ඝෝෂණය ගැනවත් ඔවුන් කර අැති අපරාධ හෝ වැරදි ගැනවත් කතා කිරිම නොවේ.

ස්ත්‍රීන් මේ සා ප්‍රමාණයක් සිරගත වීමට සිදුවන රටක අාගමිකභාවය ගැන සිතීමට අප පාඨකයාට අාරාධනා කිරීමයි.

එක් පුවත්පතක මුල් පිටුවේ මෙම සිදුවීම ගැන ඵලකළ ඡායාරූපයක ඉතා පැහැදිලිව සටහන්ව තිබුණේ එක් කාන්තාවක පැළඳ සිටි කුරුසියයි. එය බොහෝ දෙනෙකුට විශේෂයක් නොදනවන්නට අැති. එහෙත් කිතුනුවෙකු ලෙස එය මා සිතට තදින් කා වැදුණි.

එසේ වීමට මගේ මීට පෙර අත්දැකිම් කීපයක්ම බලපෑ බව සන්සුන්ව එ් ගැන සිතිමේදි මට පසක් විය. වරක් මා වැලිකඩ සිරගෙදරට නත්තල් උත්සවයකට සහභාගී වුනෙමි. එදින එහි සිටි බොහෝ සිරකාරියන් හඬා නගා ගීතිකා කීවේ කොලයක්වත් නොබලමිනි. තවත් වරක් කාන්තා රැඳවියන් සමඟ වැඩ සටහනකදි හමු වූ කිතුනු සිරකාරියන් කීප දෙනෙකුම අැදහිලිවන්තියන් විය. ඔවුන්ගේ අැගිලිවල කොන්ත මුදු ද විය.

කාන්තා රැදවියන් වැඩි දෙනෙකු මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදි නිසා සිරගතවූවන්ය. ඔවුන් තුල මරියාවන් දකින්නට හැකි අැදහිල්ලක් අපට තිබේද ? දෙවියන්ට යදින, වදින, පුදන ඔවුන් කුඩුකාරියන් වන තුරු අපේ කිතුනු එ්කක වල සෙසු අැදහිලිවතුන් කළේ කුමක් ද ?

මංගල්‍ය සඳහා වැය වන ලක්ෂ සංඛ්‍යාත මුදල් වලින් බිදක් හෝ හෙට දවසේ සිරගත වීමට සිටින මේ මරියාවරුන් ඉන් මුදවා ගැනීමට වැය කරන්නට සිතක් කාට නම් පහළවේද ?

කාන්තා රැදවියන්, සිරකාරියන් නැමැති පව්කාර ස්ත්‍රීන්ට ගල් ගහන අයට එසේ ගල් ගැසීමට අයිතියක් තිබේද ? පීඩිත ස්ත්‍රීන්ට ගැලවීමට මඟ කියන මරිය දහමක් පිළිබඳ පෙරමුණ ගන්නට තවමත් අපේ කාලයේ මරියාවන් කෙනෙකු ලාංකික ක්‍රිස්තියානිය තුළ ඉපදි නැද්ද ? 

jesustodaysl 2 වන වසර 25 වන සතිය 2018 අගෝස්තු 26

Comments powered by CComment