“ඉතිහාසය තුළ දෙවියන් අර්ථ ගැන් වී ඇත්තේ අධිපතිවාදි පීතෘත්වයකිනි. එය දෙවියන්ට පමණක් නොව දේව දරුවන් වන අපට ද කළ බරපතල අසාධාරනයකි. දෙවියන් තුළ වන මාතෘත්වයේ අසිමිත අදාරය සඟවා තැබීම ඉබේ සිදු වූවක්ද ? එය පුරුෂ මූලික අධිපතිවාදි සමාජයේ පැවැත්මට හිතකර ලෙස ආයතනගතවීමේ පහසුව උදෙසා වුවමනාවෙන් සිදුකළ දෙයක් බව පෙනෙන්නට ඇත. පොදුවේ ස්ත්‍රීයට ඉතිහාසය තුළ ලැබුණු කුඩම්මාගේ සැලකිල්ලේ තවත් පිළිඹිවූවකි. ”

දෙවියන්ගේ ස්ත්‍රී ස්වරූපය හෙවත් මාතෘ ස්වරූපය හඳුනාගැනීම පිළිබඳ කිතුසර පුවත්පතත්, Jesustodaysl වෙබ් අඩවිය විටින් විට මතු කරනු ලැබු සාකච්ඡාජවක් විසින් යම් සාධනීය බලපෑමක් වී තිබෙනවා.

මෑතකදි සම්ප්‍රදායිකව පුරුෂ මූලික දේව ධර්මයට වැඩි කැමැත්තක් දක්වන කතෝලික සභාවේ පියතුමෙක් දෙවිඳුන්ගේ මාතෘ ස්වරූපය ගැන ලියා තිබෙනු දැකීමට හැකි වීම සතුටක්.

එසේම තරංගනී රෙසිකාගේ දේශද්‍රෝහියෙකුගේ නිර්මල හෘදය නව කතාව තුළ ද දෙවියන්ගේ ස්ත්‍රී ස්වරූපය ගැන සාකච්ඡාවක් දැකිය හැකි වුණා. තරංගනී ගේ පසුබිමත් කතෝලික.

මෙතොදිස්ත අැන්ග්ලිකානු සභාවන් තුළ ප්‍රායෝගිකව ස්ත්‍රීයට පූජකවරය, දරගුරුවරය ප්‍රදානය කරමින් දෙවියන් වහන්සේ ස්ත්‍රී ස්වරූපය පිළිගැනීමට ලක් කර තිබෙනවා.

මගේ අදහස වන්නේ Jesustodaysl මේ සාකච්ඡාව ඉදිරියටම ගෙන යා යුතු බවයි. "ස්ත්‍රීවාදි දේව ධර්මය" පිළිබඳ සංවාදයත් මීට ම අදාළයි. ඉතිං එ් සංවාදයත් මීටම එකතු කරගෙන ඉදිරියට ගෙනයමු කියන යෝජනා කරන්නැයි මේ පුංචි ලිපිය.

තරංගනීගේ නව කතාව පිළිබඳ මහින්ද නාමල් සොයුරා ලියු විචාරය ලිපිය තුළ මේ ස්ත්‍රීවාදි සංවාදය කොතරම් අපහසුද කියන දේ මතු කරලා තිබුණා. මොකද අපි ඉන්නේම ස්ත්‍රිය පසුපට අැද දැමු අාගමික හා සංස්කෘතික පසුබිමක. තරංගනී ගේ ලිවීමත් මහින්ද නාමල්ගේ විචාරයත් මේ සංවාදයට ඉදිරියට ගෙනයාම නැවත පටන් ගන්නා ප්‍රවේශයන් ලෙස යොදාගනිමු.

ස්ත්‍රීය පිළිබඳ කතිකාව

මෑණියන්ද පියාණන්ද වන දෙවිඳුන්

දේශ ද්‍රෝහියෙකුගේ නිර්මල හෘදය නව කතාව තුල ස්ත්‍රීය පිළිබඳ කතිකාවටද වැදගත් තැනක් හිමිව තිබෙ. ඒ පිළිබඳ පුළුල් විවරණයකට මෙහි ඉඩ නැතත් සැකවින් හෝ යමක් පැවසීම යුතු යැයි හැඟේ. ස්ත්‍රීය පිළිබඳ කතිකාවේදි වැඩීම සම්ප්‍රදායික බවක් පෙන්වන කතෝලික දහම අදහන පිරිසක් අතරින්ම රැඩිකල් ස්ත්‍රීවාදි මතයක් මතු කර දැක්වීමක් සිදු වේ.

“ඉතිහාසය තුළ දෙවියන් අර්ථ ගැන් වී ඇත්තේ අධිපතිවාදි පීතෘත්වයකිනි. එය දෙවියන්ට පමණක් නොව දේව දරුවන් වන අපට ද කළ බරපතල අසාධාරනයකි. දෙවියන් තුළ වන මාතෘත්වයේ අසිමිත අදාරය සඟවා තැබීම ඉබේ සිදු වූවක්ද ? එය පුරුෂ මූලික අධිපතිවාදි සමාජයේ පැවැත්මට හිතකර ලෙස ආයතනගතවීමේ පහසුව උදෙසා වුවමනාවෙන් සිදුකළ දෙයක් බව පෙනෙන්නට ඇත. පොදුවේ ස්ත්‍රීයට ඉතිහාසය තුළ ලැබුණු කුඩම්මාගේ සැලකිල්ලේ තවත් පිළිඹිවූවකි. ”(පිටුව 32) 

මධ්‍යකාලීන කතෝලික පල්ලියත් බොහොම අමානුෂික විදිහට ගැහැනු ප්‍රතික්ෂේප කළා. අළුත් අදහස් දරන කාන්තාවෝ යක්දෙස්සියෝ විදිහට හංවඩු ගහලා පුළුස්සලා මරලා දැම්මා. අදටත් අපි කාන්තා පූජකවරයට විරුද්ධ වෙන්නේ ඇත්තටම කාන්තාවන්ගේ අධ්‍යාත්මික බලය එක්ක ගනුදෙනු කරන්න ශක්තිය නැති නිසා. (පිටුව 44)

ඇන්ග්ලිකානු සභාවේ නිල ධූරාවලියේ තුන්වෙනි තැනට නොබෝදා කාන්තා බිෂොප්වරියක් පත්වෙනවා. ඒ ලන්ඩනයේ බිෂෝප්වරිය ලෙස පත් වු සාරා මුල්ලායි ඇත්තටම ස්ත්‍රීය පිළිබඳ කතෝලික සභාව සිටින ස්ථිවරය බයිබලීය දහම අනුව සාධාරණීකරණය කරන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා පමණක් නොවෙයි සමහර විට හාස්‍යයට ලක්වෙනවා. දෙවියන්ගේ ස්වරූපයට හා සමානකමට මවන ලද ස්ත්‍රීය හා පුරුෂයාට කතෝලික සභාව තුළදි ප්‍රසාද නිධාන ලැබෙන්නේ ස්ත්‍රීයට හයක් හා පුරුෂයාට හතක් වශයෙනි.

නව කතාව තුළ මගේ කතෝලික හදවත යැයි සිය අනන්‍යතාවය ගැන තමාම ප්‍රකාශ කරන සෙව්වන්දි පැවිදි සොයුරිය තුළ පවා තිබෙන්නේ පොදු මතයට වඩා වෙනස් මතයක්.

“ජේසුගේ ජීවිතයේ ගැහැනියට විශේෂ ඉඩක්, ආදරයක් තිබුණ බව පැහැදිලියි. පව්කාර ස්ත්‍රීය වෙනුවෙන් මැදිහත් වීම, ඒ සමාජය ඇතුළේ ඒ මැදිහත්වීම ම මහ විප්ලවයක්. මරියා, මං කියන්නේ මරිය මග්දලේනා ජේසුට ආදරේ කරන්න ඇති. ආදරයක් ඇති නොවුණනම් තමයි පුදුම. කුරුස ගහ දක්වාම ජේසු එක්ක ඉන්න මරියාට ධෛර්යය දෙන්න ඇත්තේ ඒ ආදරයම තමයි. අර කල්වාරි ගමනේදි ජේසුගේ මුහුණ සාළුවකින් පිහ දැමීම වෙරොනිකා වුණත් ජේසුට ආදරය කරන්න ඇති. අම්මට තිබුණ බැඳීම හින්දෙන කුරුස ගහේදි මරණය පෙනී පෙනීත් අම්මව රැක බලාගන්න ජුවාම්ට භාරදුන්නේ”

කලෙක සිට සිත දැරු අදහසකි. එලෙස මුල්වරට මා මුවින් පිටවූයේ. ඇත්තෙන්ම කන්‍යාරාමය තුළ මෙබඳු අදහසක් සංවාදගත වන්නට සුදුසු පරිසරයක් තිබුණේම නැති තරම්ය. ජේසු ස්ත්‍රීයකට පෙම් කළා කීවද, වෙනසක් නොවනු ඇත. එවැනි කතා බහක් පිළිගන්නට කිසිවකු රිසි වන්නේ නැත.

ස්ත්‍රීය පිළිබඳ කොයිතරම් රැඩිකල් සිතුම් පැතුම් අප හදවත් තුළ පිබිදුනද අප උපත ලබා හැදි වැඩෙන්නේද අධ්‍යාපනය ලෙස අප ලබන්නේද පුරුෂ මූලික සමාජයක පුරුෂ මූලික දැනුමක් නිසා අප තුළට අවිඥානිකවම පුරුෂොත්තම ආකල්ප හොල්මං කරයි. ඉහත පරිදි සිතන සෙව්වන්දි පැවිදි සොයුරියම තවත් විටක දක්වන පහත අදහස් මේ සංකීර්ණතාවය අපට පෙන්වා දෙයි.

“තමන් ආදරය කරන මනුස්සයව ලෝකයක් එක්කම බෙදා ගන්න ගැහැනියකට අමාරුයි. ඒකට විශාල හදවතක් තියෙන්න ඕනි”

“පිරිමියෙකුට ලේසියි ගෙදරින් පිටවෙන එක. ඒත් ගැහැනියකට ඒක අමාරුයි. බැන්දොත් බැදුනම තමයි. දරුවෙක් ලැබුනට පස්සේ ඉතින් ලෝකයම දරුවා. තව දුරටත් සමාජයට ආදරය කළ ගැහැනිය ඉතිරි වන්නේ නෑ” (පිටුව 85)

අප මේ ලියමනේ සිට ඉහතින් උපුටා දැක් වු පොතේ 32 පිටුවේ එන පුරුෂ අධිපතිවාදයට එරෙහි විස්තරයේ අවසාන පදය දෙස බලමු. ‘කුඩම්මාගේ සැලකිල්ල’ මෙය ද ස්ත්‍රිය පමණක් පරිභවයට පත් කරන වචනයක් නොවේද ? කුඩප්පලා විසින් ළමුන් මරා දමන සිදුවීම් කොතෙකුත් සිදුවෙද්දීත් කුඩප්පලාගේ සැලකිල්ල ගැන නොකියන්නේ ඇයි ?

තරංගනී තම නව කතාව තුළ ක්‍රිස්තියානියේ දෙවියන් අපගේ මෑණීයන් ද පියාණන්ද වන දෙවිදුන් කියන කතිකාවක ඉසියුම්ව මතු කරනවා. ඒ අවංකව හා අව්‍යාජව.

jesustodaysl 2 වන වසර 23 වන සතිය 2018 අගෝස්තු 12

Comments powered by CComment