පොඩි හිනාවක් එක්ක මේ අම්මා මට උත්තර දුන්නා, එයා ඔය නැටුම් ටීචර් කෙනෙක් වෙනවා කිව්වට එයාට බැහැ පුතේ,.....

අැයි එ්

යුද්ධෙ කාලේ හැංගෙන්න දුවද්දි බෝම්බ වැදිලා එයාගේ කකුළේ පොඩී බෝම්බ කෑල්ලක් ඉතුරුයි. ඒක කකුළ පුරා යන එකක්. අයින් කරන්න බැහැ කියලා ඩොක්ටර්ස්ලා කියන්නේ. එයාට වේදනාව දරාගන්න බැහැ කැක්කුම ආවම. මේ ටිකේ කකුල් ඉදිමිලා තියෙන්නේ........,

මට ඉස්සර නිතරම තිබ්බ ප්‍රශ්නයක් තමා ,තාත්තා මොකද කරන්නේ, කියලා අහලා මම ,තාත්තා මැරිලනෙ..... මැරෙන්න කලින් නම් එයා ප්‍රයිවට් කම්පනි එකක වැඩ කළා, කිව්වම ප්‍රශ්නේ අහපු කෙනා දඩබඩ ගාලා කලබල වෙලා, අනේ සොරි..... සමාවෙන්න..... , කියලා කියන එක. ඒ වෙලාවට මම නිතරම කටපාඩමින් මෙහෙම කිව්වා, සොරි කියන්න එපා. මම අඬන්නේ නැහැ.. තාත්ති මැරිලා කියලා මම දන්නවා, අවුරුදු නමයේ ඉදන් දහ අටක් වෙනකන්ම වගේ මම ඔහොම කිව්වා. වයසින් වැඩෙද්දි මට තේරුම්ගන්න පුළුවන් වුණා මිනිස්සු කලබල වුණේ මගෙන් අහපු ප්‍රශ්නය මාව කලබලයට පත් කරයිද කියලා හිතලා වගේම ඒ ප්‍රශ්නය මගේ පරණ තුවාල පාරයිද කියලා හිතලයි.

මරණයක් කියන්නෙම තුවාලයක් තමා. හොඳ කරන්න අමාරු තුවාල. මම ඒ තුවාලෙන් පීඩා විඳින්නේ අවුරුදු නමයේ ඉඳලා නිසා මම හුඟාක් පරිස්සම් වෙනවා. ඒ වගේ තුවාල තියෙන අය එක්ක වැඩ කරද්දි. එක එක වැඩ වලදි අම්මා හෝ තාත්තා මියගිය මං වගේම අය මට මුණ ගැහුණම මම හුඟක් කල්පනාවෙන් මගේ වචන හසුරවන්න උත්සහ කරනවා. මොකද මං ඉස්සරහා මියගිය අම්මව මතක් වෙලා ඉකිගහලා අඬපු වයසින් වැඩිම කෙනාගේ වයස 65ක්. ඇයත් මවක්. ආච්චි කෙනෙක්. ඒත් මම මගේ අම්මා ගැන ඔහේ පිස්සෙක් වගේ කියවන් යද්දි ඇය ඉකිගහලා අඬපු දවසේ මම තේරුම් ගත්තා මේක මහා අමාරු වැඩක් කියලා.

මෙච්චර වටයක් ආවේ පහුගිය සතියෙත් මං වගේම, එක අතකින් මටත් වඩා දරුණුවට තුවාළ ලබපු පුංචි නංගිලා ටිකක් එක්ක කාලය ගත කරන්න මට ඉඩ ලැබුණ එකෙන් ඇතිවුණු කම්පනය වචන වලට හරවගන්න අමාරු නිසයි. ඔවුන් ජීවත් වෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ අනාථ දරුවෝ ජීවත් වෙන ළමා නිවාසයක. වයස අවුරුදු 6 වගේ ඉදන් 15 වගේ වෙනකන් වයස් සීමාවන් වල දරුවෝ 7ක් විතරයි ඒ නිවාසේ ඉන්නේ. බොහෝම නිශ්ශබ්දයි එයාලා. හුඟාක් ආචාරශීලියි. අපි දවස පුරාම මුල්ලිවයික්කාල් වල ඇවිදලා ඇවිත් දැනෙන වෙහෙසත් එක්ක ගිටාර් එකේ හඬට සිංහල සින්දු ටිකක් මුමුණන වෙලාවේ එයාලා එහා කොරිඩෝවට වෙලා එයාලගේ නිදන ශාලාවේ දොරෙන් ඔළුව දාන් ඒවා අහගෙන ඉන්නවා අපි දැක්කා. අපිව දැක්කම බොහෝම ආචාරශීලි විදිහට ඔවුන්ගෙම ඌරුවකට ,ගුඩ් මෝර්නින්ග් අක්කාල ගුඩ් මෝර්නින්ග් අන්නා, කියලා දුවගෙන යනවා මිසක් අපි දිහා කෙළින් බලලා කතා කරන්න ඔවුන් උත්සහ කළේ නැහැ. පස්සෙයි කල්පනා වුණේ. ඒ පොඩි බට්ටියොන්ට කතා කරන්න ඕන වුණත් අපිට දෙමළ බැහැ වගේම එයාලට සිංහල බැහැ.

අපි එහෙන් පිටත් වෙන්න කලින් දවසේ රෑ ඒ නිවාසය පිහිටලා තියෙන වත්තේ අඹ ගහ යට පොඩි බංකු තියන් අපි රවුමට වාඩි වුණා. මේ පොඩි පැටවු ටිකයි අපියි ඔක්කොම එක ගොඩේ. ඒ වගේ තැන් වලදි පුරුද්දක් විදිහට මම වචන පාවිච්චි කරන්නේ අඩුවෙන්. ඒ නිතරම ඇස් වලට කදුළු පිරෙන කරදරකාර පුරුද්ද මේ වගේ තැන් වලදී මාව ගොඩාක් අපහසුතාවයට පත් කරන නිසා. මම ඒ වගේ තැන් වලදී කරන්න දන්න එකම දේ තමා මගේ එහා පැත්තේ ඉන්න කෙනාගේ අත අල්ලලා එයාට දැනෙන්න ඉඩ අරින එක එයා තනි නැහැ කියලා. ඒ රැයේ මගේ එහා පැත්තේ හිටියේ ඒ අනාථ නිවාසයේ හිටපු පොඩිම දරුවා. එයාගේ අත ඇල්ලුවම මට කියන්න දාහක් දේවල් හිතට ආවත් භාෂාව අපි දෙන්නගේ මැද්දේ හිටගෙන හිටියා.

ඒ අතර අපේ කණ්ඩායමේ නංගි කෙනෙක් ඔවුන්ගෙන් ඇහුවා අපි හැමෝටම පුංචිකාලේ මුහුණ දෙන්න වුණු ප්‍රශ්නයක්, ලොකු වුණාම කවුරු වෙන්නද කැමති ඔයාලා, ඊටපස්සේ තිබ්බේ ඇඟ හිරිවට්ටන සුළු නිහඬතාවයක්. ඉස්සර අපි උත්තර දන්නේ නැති වුණාම එහා පැත්තේ ඉන්න එකාගේ මූණ බලනවා. ඒත් මෙයාලා කොහේවත් බැලුවේ නැහැ. පුරුදු විදිහටම අහස දිහා බලන් කල්පනා කරනවා. ඔවුන්ට උත්තරයක් තිබ්බේ නැහැ දෙන්න. රවුමේ මුලින්ම හිටපු කෙනා අමාරුවෙන් මෙහෙම කිව්වා, ටීචර් කෙනෙක්,.........

එතන ඉඳන් හැමෝගෙම කටේ තිබ්බේ ටීචර් කියන උත්තරේ. තද කළු පාට හමක් එක්ක දිළිසෙන ඇස් තියෙන අවුරුදු 14ර-15ක විතර පොඩි නංගියෙක් ටීචර් කියන වචනෙ ඉස්සරහට මෙහෙම කොටසක් එකතු කළා. ඩාන්සින්ග්, ටීචර් කෙනෙක්.

ඒ දරුවො අතර එකම එක්කෙනෙක් විතරක් මෙහෙම කිව්වා. ලෝයර්, කෙනෙක් වෙන්නයි මම ආස. අපේ කණ්ඩායමේ කෙනෙක් පුදුමය මිශ්‍ර වුණු හඬකින් මෙහෙම ඇහුවා....

ඇයි

"හ්ම්ම්....... හැමතැනම බොරුව... අපි පෑගිලා ඉන්නේ... අපිට සාධාරණය ඕනේ. ඒ වෙනුවෙන් මට ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ....,"

ආයෙත් මට කදුළු පිරුණා. මේ පොඩි කෙල්ල පව් කියලා මට හිතුණා. ඇය ඉගෙන ගන්න ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ සමත් වෙන එකම හීනයක්. එහෙම එකේ මේ පොඩි කෙල්ලව කොළඹ ලෝ ෆැකල්ටි එකේදි දකින්න මට ඉඩක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය මම ගණන් හැදුවා. ඉතා අඩු අගයක් පිළිතුර විදිහට බාරගන්න වෙනවා කදුළුත් එක්කම.

බර හුස්මක් එක්ක ලෝ ෆැකල්ටි එකට යන්න ඉඩ දුන්නා මම. හීන ගැන කතාවෙන් පස්සේ අපි සින්දු කිව්වා. තේරුම නොදන්නවා වුණාට අපි කළින් දවසේ කිව්ව ගීත අතරින් ,කවුළු පියන්පත්, ගීතයට ඔවුන් ආස බව ඔවුන්ව බලාගන්න අම්මට කියලා තිබුණා. ඇය සිංහල අම්මා කෙනෙක්. මුලතිව් වල දෙමළ දරුවන්ට අම්මා කෙනෙක් වෙන්න ඇය තීරණය කරලා තිබ්බා. ඇය තමා අපේ පරිවර්තිකාව.

ඉතින් ඊට පස්සේ අපි අපිට මතක් වෙන හැම සින්දුවක්ම කිව්වා. පස්සේ මේ පොඩි පැටවුන්ට ඕන වුණා නටන්න. "මම බොහෝම බය වුණා, ගේ ඉදන්" , "සල්ලි දිලා ගවුම මැහුවේ," වෙනකන්ම කටපාඩම් අපේ බයිලා සෙට් එකක් කියන ගමන් අපියි එයාලයි ඒ අඹ ගහ යට නැටුවා. අත් අල්ලන් දෙමළ ෆිල්ම් බලලම ඒ කෑලි ටිකක් අටවගන්න පුළුවන් වීම අමතර ලකුණු රැස් කරගන්න පහසුවක් වුණා අපිට. පුදුමාකාර සතුටකින් මේ පුංචි කෙල්ලෝ ටික නටද්දි නැටුම් ටීචර් කෙනෙක් වෙන්න ආසයි කිව්ව පොඩි කෙල්ල අයිනකට වෙලා හැංගෙන බව කිහිපවතාවක් දකිද්දි මම හැම සැරේම ඇයව ආයේ ඇදගෙන ආවා. ඒ හැම වතාවම ඇය මගේ අත අල්ලන් ටිකක් පැද්දිලා ආයේ අයිනකට ගියා. මහන්සියයි, බඩගින්නයි එක්ක නැටුම් නවත්තලා අපිත් නොදන්න එයාලත් නොදන්න මොකක්දෝ භාෂාවකින් මේ පොඩි පැටවු එක්ක ආදරය බෙදාගනිමින් ඉද්දි නැටුම් ටීචර්ව පෙන්නලා මම ඒ අම්මට කිව්වා ,කෝ මේ නැටුම් ටීචර් නටන්න ආවේ නැහැනේ කියලා මම කියනවා කියලා මෙයාට කියන්න, කියලා.

පොඩි හිනාවක් එක්ක මේ අම්මා මට උත්තර දුන්නා, එයා ඔය නැටුම් ටීචර් කෙනෙක් වෙනවා කිව්වට එයාට බැහැ පුතේ,.....  

ර්‍ඇයි ඒ

යුද්ධෙ කාලේ හැංගෙන්න දුවද්දි බෝම්බ වැදිලා එයාගේ කකුළේ පොඩී බෝම්බ කෑල්ලක් ඉතුරුයි. ඒක කකුළ පුරා යන එකක්. අයින් කරන්න බැහැ කියලා ඩොක්ටර්ස්ලා කියන්නේ. එයාට වේදනාව දරාගන්න බැහැ කැක්කුම ආවම. මේ ටිකේ කකුල් ඉදිමිලා තියෙන්නේ........,

මේ අම්මා ඒ ටික කියලා ඉවරවෙද්දි සිංහල වචනයක්වත් නොදන්න මේ නැටුම් ටීචර් ඉවෙන් වගේ කකුළ හංඟගත්තා. හෙමිහිට ඇය කකුළ බංකුව ඇතුළට කර ගත්තා. මට කියන්න යමක් ඉතුරු වුණේ නැහැ. මට කෑ ගහලා අඬන්නයි ඕන වුණේ. එයා නටන්නේ නැතුව හැංගෙද්දි මට තිබ්බා එයාට ඉඩ දෙන්න. ඇයි මම එයාව ඇද්දේ  තුවාළ....... මම මුළදිම කිව්වා වගේ මේක හරිම අමාරු වැඩක්.

විනාඩි ගණනාවකට අපේ මුළු කණ්ඩායමම නිශ්ශබ්ද වුණා. සමහර සද්දන්ත පිරිමි ළමයි අහස දිහා බලන් කදුළු නොවැටෙන්න වගබලා ගත්තා. මේ වගේ වෙලාවක හිතට හයිය තියෙන එකම කෙනා ඒ දරුවා ගාවට පාත් වෙලා කකුළ ඇල්ලුවා., රිදෙනවද පුතේ, කියලා ඇහුවා. ඒ මනුස්සයා මීට අවුරුදු ගණනාවකට කළින් මගේ ඔළුවට අත තියලා ඔය විදිහටම , රිදුණට කමක් නැහැ ෆයිට් කරපන්, කියලා කියපු හැටි මට මතක් වුණා. මට ඕන වුණා මේ පොඩි නැටුම් ටීචර්ට ඒක කියන්න. රිදුනට කමක් නැහැ නංගියේ ෆයිට් කරපන්........

ඒත් ඒක කියන්න කලින් කදුළු ඉස්සර වුණු නිසා මම එතනින් එහාට දුවගෙන ගියා වතුර හොයන්න. ඇත්තටම තිබහක් තිබුණද කියලා මට මතක නැහැ. මම හිතනවා මට ෆයිට් කරපන් කියලා කිව්ව මනුස්සයා මේ පුංචි කෙල්ලටත් ඒකම කියන්න ඇති. ඒ කෙල්ලව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී දැකීමේ සම්භාවිතාවයත් ඉතා අල්පයි.

ඒත්........ ඔව් ඒත්.......... අම්මෙක් තාත්තෙක් නැති ඒ පොඩි නංගිලා....... එයාලගේ ඇස් ඉස්සරහම මුල්ලිවයික්කාල් භූමියේ මැරිලා වැටුණු අම්මලා තාත්තලගේ අදෝනාව හීනෙන් ඇහිලා තාමත් ගැස්සිලා ඇහැරෙන ඒ පොඩි දුවලා....... අනාගතයක් පේන මානෙක නැති ඒ පැටවු ෆයිට් කරන්නම ඕනේ......

මේක තුවාල වලින් පිරුණු දූපතක්. ඒත් අතරින් පතර ආදරේ හොයාගන්න අමාරු නැති බව මට විශ්වාසයි. කකුළ ගාව පාත් වෙලා කකුළ අල්ලලා, රිදෙනවද පුතේ, කියලා අහලා කකුළ පිරිමදින ගමන් කදුළු පිහිදන තාත්තලා නොවන තාත්තලත්, නොදන්න දෙමළ ගැටගහගෙන ආදරේ බාසාව කතා කරන අයියලා අක්කලත් මේ දූපතේ තව ඇති. උන්ව හොයාගන්න එක අමාරු වැඩක්. හැබැයි අපිට පුළුවන් එහෙම කෙනෙක් වෙන්න. ඒ වෙනුවෙන් ෆයිට් කරන්න අපිට පුළුවන්.

රිදුණට කමක් නැහැ අපි ෆයිට් කරමු.

6cac3e4af71ab8dda6dba234a97e4887ෂෙනු පෙරේරා

jesustodaysl 2 වන වසර 21 වන සතිය 2018 ජූලි 29

Comments powered by CComment