පුරුෂයා ස්ත්‍රීයට දෙවියන්ගෙන් ලැබෙන සහය වන්නේ නම් ස්ත්‍රීයට එරෙහි ප්‍රචණ්ඩත්වයක් තිබිය නොහැකිය. සහකාරබවේ දේව ධර්මය අාත්මියකරණය කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත යුතුව අැත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දේව ධර්ම කතිකාව මතුකර ගැනීමට ගිහි පැවිදි ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද ක්‍රියා කළ යුතුව අැත. දේව මෑණියන්ට යාච්ඥා කරන කිතුනුවන්ට ස්ත්‍රීන්ගෙන් 1/3 ක් දෙනෙකු දිවි නසා ගන්නේ සමීප සහකරුගේ ප්‍රචණඩත්වය නිසාය යන කාරනය ගැඹුරු මහස්ථාපයකට හා ක්‍රියාකාරිත්වයට කැඳවිය යුතුය.

කාන්තාවන්, යුවතියන් බොහෝ දෙනෙකු තවමත් තම සමීපතමයා තුළින් ජීවිතෙය් අත්වැල ප්‍රාර්ථනා කරති. අාරක්ෂාව අපෙක්ෂා කරති. එහෙත් බොහෝ විට එ් ප්‍රාර්ථනා, අපෙක්ෂා සුන්වෙති.

පෙම් ලොවදි දුටු

ඔහුමද මේ

ඔහුටද මා අන්ධ වුණෝ

එකට ජීවත්වෙන්නට ගත් විට ජීවිතය බෙදාහදා ගත් විට ගැහැණිය බොහෝ විට පිරිමින්ගෙන් ලබන්නේ පීඩාවන්ය. ගැහැනිය අාදරය පතා සිටින්නියකි. අාදරය ලබන බවට හැඟීමක් අැති වූ විට අැය සැනහෙයි. එහෙත් ගැහැනිය වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ තමා අාදරය කරන සමීපතමයින් අතින් වීම කොයිතරම් නම් ඛේදවාචකයක්ද ?

ශ්‍රී ලංකාවේ කාන්තා දිවි නසා ගැනිම් 1/3 කට හේතුව සමීපතම සහකරුගේ ප්‍රචණ්ඩත්වයයි. කැලණිය සරසවියේ වෙෙද්‍ය පීඨය හා එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල එක්ව කරන ලද අධ්‍යයනකින් මේ බව හෙලිදරව් වී අැත.

එමෙන්ම අවුරුදු 15-49 අතර විවාහ වූ කාන්තාවන් අතරින් සමීප සහකරුගේ ප්‍රචණ්ඩත්වය ගැන පොලිසියේ පිහිට පතා අැත්තේ 18% ක් පමණක් බවද එම වාර්තාව පෙන්වා ෙදෙයි.

මිදි යුෂ යැයි රැවටී

හළ හල විෂ බිව්වේ අැයි මා

නෙත් සර පහර වැදි මුලාවි

දිවි පිදුෙව් අැයි මා

ස්ත්‍රිය පිළිබඳ ධාර්මික අාකල්පය ශ්‍රී ලංකාව නම් අාගමික යැයි කියාගන්නා රට තුළ පුරුෂයින් තුළ නොමැති බව මේ කරුණු පෙන්වා දෙන සත්‍යයි. සහකරු පිළිබඳ දෙව්දහම අාත්මගත කිරීමට ක්‍රිස්තියානිය ද සමත් වී නැත. දෙවියන් වහන්සේ මිනිසාට සුදුසු සහකාරියක් සොයා දීම සිදු කරන්නේ එය ජීවිතය උදෙසා අත්‍යාවශ්‍ය නිසාය. දේව අභිමතය වන්නේ එයයි.

මෙහිදි සහකාරිය යන්න ස්ත්‍රීයට පමණක් යෙදෙන්නක් නොවේ. පුරුෂයා ස්ත්‍රීයට සහකාරයෙකි. සහකාරය / සහකාරයා යන්නෙහි බයිබලීය අරුත වන්නේ "දෙවියන්ගෙන් ලැබෙන සහය" යි. දෙවියන්ගෙන් ලැබෙන සහය නොමැතිව ජීවත් විය නොහැකිය.

පුරුෂයා ස්ත්‍රීයට දෙවියන්ගෙන් ලැබෙන සහය වන්නේ නම් ස්ත්‍රීයට එරෙහි ප්‍රචණ්ඩත්වයක් තිබිය නොහැකිය. සහකාරබවේ දේව ධර්මය අාත්මියකරණය කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත යුතුව අැත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දේව ධර්ම කතිකාව මතුකර ගැනීමට ගිහි පැවිදි ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද ක්‍රියා කළ යුතුව අැත. දේව මෑණියන්ට යාච්ඥා කරන කිතුනුවන්ට ස්ත්‍රීන්ගෙන් 1/3 ක් දෙනෙකු දිවි නසා ගන්නේ සමීප සහකරුගේ ප්‍රචණඩත්වය නිසාය යන කාරනය ගැඹුරු මහස්ථාපයකට හා ක්‍රියාකාරිත්වයට කැඳවිය යුතුය.

පසුව ලියමි.

මෙම ලිපිය ලියා අවසන් නින්දට ගොස් උදෑසන අවදි වෙද්දී පුවත්පත් වාර්තා කර තිබුණේ ඉතා මිහිරි ගී කීපයක් ගැයු ජනප්‍රිය ගායිකාවක සිය සැමියා විසින් කතුරකින් අැන මරා දැමු පුවතකි. මෙයද ස්ත්‍රියට එරෙහි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සාක්ෂියකි. අැය ගැයූ ජනප්‍රියම ගීතය මිහිරි යුග දිවියක අඹුසැමි ප්‍රේමයක අවශ්‍යතාවය හා ස්ත්‍රියක පුරුෂයෙකුගෙන් පතන අාරක්ෂාව පිළිබඳ ගීයෙකි.

කඳුල නිවන්නම් තෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම් //

මල් පුදින්නේ දෑගිලි අතරේ
තැලී පෙලී මියැදෙන්න නොවේ//
ත්‍සනෙහේ පුදන්නේ සෙනෙහේ ලබන්නයි
හිත රිදවා හඬව්නන නොවේ

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනඳුර දුරු කරවාල්න්නයි //
ත්‍සනෙහේ පුදන්නේ අඳුරේ තනි වූ
හිතකට එලියක් ලැබ දෙන්නයි

jesustodaysl 2 වන වසර 19 වන සතිය 2018 ජූලි 15

 

Comments powered by CComment