සැබැවින්ම සිංහල ජාතිවාදින් අතුරුදහන් වුවන්ගේ කාර්යාලය අැති කිරීමට පවා මාරාන්තික විරෝධයක් දැක් විය. දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසදීමට වර්ගවාදි සිංහලයින් කැමැති නැත.

 

යුධ සමයේ අතුරු දහන්වූවන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා කිලිනොච්චියේ පැවැත්වෙන සත‍්‍යග්‍රහයට දින 500 ක් සම්පූර්ණ වී තිබේ 2018.07.02

මේ සා කාලයක් මේ විරෝධතාවය පවත්වගෙන යාම කරුණු දෙකක් අපට අවධාරණය කර පෙන්වයි. පළමු වැන්න ගැහැණිය  සතු ශක්තිය කොතරම් ද යන්නයි. දෙවැන්න බහුතර සිංහල අාණ්ඩුවලට උතුරේ ජනයාව සාධාරණය ඉටුකිරීමට අවංක වූවමනාවක් නැති බවයි.

දින 500 සම්පූර්ණ වීම නිමිත්තෙන් කිලිනොච්චිය කන්දසාමි කෝවිල අසල විරෝධතා ව්‍යාපාරයක නිරතවූ මේ මව්වරු යුද්දය අවසන් වී වසර 9 ක් ගත වී අැතත් ඔවුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීමේ අසාධාරණය ලොවට කීහ. කලින් රජය මෙන්ම වත්මන් රජයද තම ඉල්ලීම් නොසලකා හර අැතිබව ඔව් හූ පෙන්වා දුන්නා.

වත්මන් රජය අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිට වූවත් ජාත්‍යන්තයට පෙන්වීමක් මිස තම ප්‍රශ්න විසදීමක් ඉන් සිදු වී නැති බවද  ඔව් හු පෙන්වා දුන්නා.

සැබැවින්ම සිංහල ජාතිවාදින් අතුරුදහන් වුවන්ගේ කාර්යාලය අැති කිරීමට පවා මාරාන්තික විරෝධයක් දැක් විය. දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසදීමට වර්ගවාදි සිංහලයින් කැමැති නැත.

එහෙත් අප විමසිය යුත්තේ මව්වරුන්ගේ දරු දුක ජාතිය නිසා අහිමි වන්නේද මව්වරුන්ට සංවේදි විය නොහැකි මිනිසා ධාර්මික වන්නේද ? යන්නයි.

මොට්ටුව නිසා කදුලේ සිහලය වෙනස් නොවේ. අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටුවිය යුත්තේ හෙට මේ රෙට් මාතෘත්වය උදෙසා කරන සත්කාරයක් ලෙසිනි.

Comments powered by CComment