ඝාතනයට දින දෙකකට පෙර මාධ්‍ය විසින් අැය හා කළ සම්මුඛ සාකච්ඡාවකදි අැය පවසා තිබුණේ. "ප්‍රතිකාර කිරීම පිරිමින්ගේ රැකියාවක් පමණක් නාෙවන බවයි" ස්ත්‍රියක ලෙස යුධ බිමක වැඩ කිරීම අමුතු දෙයක් නොවන බව පෙන්වා දුන් මේ 20 හැවිරිදි යුවතිය සමඟ තවත් යුවතියන් රැසක් සේවය කරන බව වාර්තා වේ.

අැමරිකාවේ එක්සත් ජනපද බල උන්මාදයේ ගොඳුරු බවට පත් වූ ලක්ෂ සංඛ්‍යාත අහිංසක ජනයා අතරට පසුගියදා ගාසා තිරයේදි එක් වූ රසාන් අල් නජාර් අපේ කාලයේ දයාවේ දේව දූතියකැයි කීම අතිශයෝක්නියක් නාෙවේ.

2018.06.07.06

පාප්තුමන් ද අැතුළු බොහෝ ලෝක නායකයින්ගේ අප්‍රසාදය හා විරෝධය නොතකා අැමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම පිහිටුවීමට තීරණය කිරීමත් සමඟ පලස්තීන වාසියන්ගේ විරෝධතා එල්ල විය. එම විරෝධතාවල දී ඊශ්‍රායලය නිර්දය ලෙස ප්‍රහාර එල්ල කිරීම නිසා 125 කට වැඩි පිරිසක් මිය ගොස් අැත.

ගාසා තීරයේ අැවිලෙන මෙම ගැටුම් වලින් තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ස්වේච්ඡා හෙදියක ලෙස එක් වී සිටි රසාන් ඊශ්‍රායල් හමුදා සෙබළුන්ගේ ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට ගොදුරුව මිය යාම සැලකිය හැක්කේ අැමරිකානු ඊශ්‍රායල් තිරශ්චිත ඝාතනයක් ලෙසය.

යාන්තම් තාරුණ්‍යයට පිවිසි රසාන් ස්ත්‍රියක සතු දයාවේ හදවත පිලිබඳ ජීවමාන සාක්ෂියකි. අවධානම් නොසලකා රෝගින්ට සත්කාර කිරීමේ දයාවේ ක්‍රියාව සැබෑ දේව වන්දනාවකි. අැගේ ඝාතනයත් සමඟම පලස්තීනුවන්ගේ අාරක්ෂාව සඳහා කුවේට් රාජ්‍ය එක්සත් ජාතින්ගේ අාරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ගෙනා නමුත් අැමරිකා එක්සත් ජනපදය නිෂේධ බලය යොදා එය පරාජය කිරීම තුළින් එය අැමරිකානු ත්‍රස්තවාදය පැහැදිලිව පෙනී යයි.

අැය ගාසා තීරයේ වෙෙද්‍ය පහසුකම් කඳවුරට පැමිණ සති 10 ක් වන අතර වෙඩි උණ්ඩයට ලක්වන විටත් අැය අැඳ සිටියේ ප්‍රතිකාර කරන හෙද නිල අැඳුමයි. එ් නිසා අැයව ඉලක්ක කිරිම පැහැදිලිවම ලෝක රීති උල්ලංඝනයකි. 

ඝාතනයට දින දෙකකට පෙර මාධ්‍ය විසින් අැය හා කළ සම්මුඛ සාකච්ඡාවකදි අැය පවසා තිබුණේ. "ප්‍රතිකාර කිරීම පිරිමින්ගේ රැකියාවක් පමණක් නාෙවන බවයි" ස්ත්‍රියක ලෙස යුධ බිමක වැඩ කිරීම අමුතු දෙයක් නොවන බව පෙන්වා දුන් මේ 20 හැවිරිදි යුවතිය සමඟ තවත් යුවතියන් රැසක් සේවය කරන බව වාර්තා වේ. අැය හා අැගේ මිතුරියන් අත් ඔසවා අැවිද යමින් සිටියදි ඊශ්‍රායල් හමුදා මේ ප්‍රහාරය සිදු කර අැත.

2018.06.07.07

වසර දෙකක් වැටුපක් නැතිව ස්වේච්ඡා සේවයේ යෙදුනු මේ යුවතිය ස්ත්‍රීත්වයට හිිමි උදාර බව තම ජීවිතයෙන් පෙන්වා දුන් වීරවරියකි. අැගේ මුහුණු පොතේ පිටුවේ අවසානයට අැය දමා තිබුණු අදහස වූයේ "ඔව්" මම වෙනස්" යන්නයි.

2018.06.07.08

 jesustodaysl 2 වන වසර 14 වන සතිය 2018 ජූනි 10

Comments powered by CComment