සාහිත්‍ය මාසය නිමා වී කියවීමේ මාසය ආරම්භ වී තිබේ. සාහිත්‍ය ලෝකය තුළ ස්ත්‍රී දායකත්වය කෙබඳුද ? මේ පිළිබඳ අල් ජසිරා රූපවාහිනි සේවය කළ සොයා බැලීමකට අනුව ඔවුන් පවසන්නේ සාහිත්‍යකරණයේ යෙදෙනන්ගෙන් වැඩීම පංගුව හිමිව ඇත්තේ ස්ත්‍රීන්ට බවයි.

 

සැබැවින්ම එය සතුටු ට කරුණකි. එම සමීක්ෂණය අනුව සාහිත්‍යකරණයේ වත්න් පංගුකාරිත්වය මෙසේය.

වැඩිහිටි කාන්තාවන්                               55%

වැඩිහිටි පිරිමින්                                      31%

යොවුන් ගැහැනු දරුවන්                          08%

යොවුන් ගැහැනු දරුවන්                          06%

                                                          100

ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේ සාහිත්‍ය ක්ෂෙත්‍රයේ ස්ත්‍රී දායකත්වය ඉහළ ගොස් ඇති බව දැකිය හැකි විය. ස්වර්ණ පුස්තක ඇතුළු සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත කෘති අතර සැලකිය යුතු කාන්තා නියෝජනයක් පැවැතුනි.

නමුත් ශ්‍රී ලංකාවේ කිතුනු සාහිත්‍ය ක්ෂත්‍රය තුළ තත්වය කෙබඳුද? නිර්මාණකරණයේ යෙදෙන කාන්තාවන්නේ ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක බව කොතැනද?

පෙරට වඩා පොත් ලියන කිුතනු ලේඛිකාවන් සිටින බවක් පෙනුනද ඔවුන් සාහිත්‍යකරණයේ යෙදෙන්නේ මද වශයෙනි. ප්‍රධාන ධාරාවේ කිතුනු පුවත්පත් හෝ සඟරාවල වගකිම් සහගත ධුරයක් වර්ථමානයේදි කාන්තවක විසින් උසුලනු දැකිය නොහැකිය.

විශේෂයෙන් ඉතා ආසන්න කාලය තුළ කිතු දහමේ විමුක්ති හරය මතු කරන සාහිත්‍යකරණය නිරත වන ලේඛිකාවක් දෙදෙනෙකුගේ නිර්මාණ අපට හඳුනාගත හැකි විය. ඒ මර්සි බී නෙත්තසිංහ පැවිදි සොයුරියගේ ‘ගිනි සිරියා මල්’ කාව්‍ය සංග්‍රහයත් තරංගනි රෙසිකා ප්‍රනාන්දුගේ ‘තරු ඇස් රහස්’ කාව්‍ය සංග්‍රහය හා ‘දේශ ද්‍රෝහියාගේ නිර්මල හෘදය’ නව කතාවයි.

කිතු දහමේ විමුක්ති හරය ඉස්මතු කරන සාහිත්‍ය ශානරයපෝෂණය කරනු සඳහා කාන්තා දායකත්වය වර්ධනය කර ගැනීමේ වැඩ පිළිවෙලක අවශ්‍යතාවය දැකිය හැකිය. එය සම්පූර්ණ කිරීමට නායකත්වයක් ගැනීමට හැකි පැවිදි සොයුරියන් මෙන්ම ගිහි ලේඛිකාවන්ද කීප දෙනෙකු හෝ නැත්තේ නොවේ. කාලයේ සළකුණ තුළින් දෙවිදුන් කරන ආරාධනය ඔවුන්ගේ සිත් වලට දැනෙනවා.

 

jesustoday 32 සතිය 2017 ඔක්තෝම්බර් 08 

Comments powered by CComment