ජුසේ තුමන් තුළ දහඩිය වගුරන මිනිසෙකු දකින්නත්, මරිමව් තුල මල් කුමරියක දකින්නනත්, කිතුනුවෝ පෙළඹුනේ කෙසේද ? කවදා සිටද ?

ම්කරු ජුසේ මුනිඳුන්ගේ මංගල්‍යය සමරා අරඹන මැයි මාසය ඒ කම්කරුවාගේ බිරිඳ වු මරිය මව්ට කැපකර තිබේ. ජුසේ මුනිඳුන් මුල් කරගෙන දහඩිය කරගැට හා වෙසෙන බර උසුලන මිනිසුන් ගැන කතා කරන කිතුනුවෝ ඒ කම්කරුවාගේ බිරිඳ වන මරිමව් සිනිඳු සුකුමල මල් කුමරියක් සුර රැජිනියක් දිව්‍යමය ලලනාවක් සේ උත්කර්ෂයට නංවන්නේ ඇයි ?

ජුසේ තුමන් තුළ දහඩිය වගුරන මිනිසෙකු දකින්නත්, මරිමව් තුල මල් කුමරියක දකින්නනත්, කිතුනුවෝ පෙළඹුනේ කෙසේද ? කවදා සිටද ? 

මරිමව් යනු දහඩිය හෙළු ඒ වඩු කම්කරුවාට පෙම් කළ පෙම්වතියයි. මරි මව් යනු ඒ වඩු කම්කරුවාගේ බිරිඳයි.

මරිය තුමිය මල් මල් ලොවක හිර කිරීම ඉතිහාසය පුරා කාන්තාව සුකුමාලකරණයට පත් කොට යටත් පහත් කර කාන්තාව සතු සැබෑ ජීවගුණය වසං කිරීමේ දැනුවත් ප්‍රයත්නයේම කොටසකි.

නැන්සි රොක්වෙල් සිය ලිපියක මෙසේ සටහන් කරයි.

බයිබලීය කතන්දර තුළ බොහෝ කාන්තාවන් හමුවන්නේ ගෘහස්ථ පසුබිමක් තුළය. සාරා කුඩාරමේ රොටි සාදමින් සිටි. රාකෙල් ලිඳෙන් වතුර අදියි. බෙත්ෂිබා ස්නානය කරයි. මාර්තා මුළුතැන්ගෙයි කටයුතු ගැන කනස්සලූ වෙයි. කාසිය නැති වු කාන්තාව ගෙය අමදමින් සිටියි. නමුත් මරියා (දෙව් මව්) ගැන වාර්තා කිරිමේදි එවැනි කටයුුතු කිසිවක් ඇය කෙරෙහි සම්බන්ධ නොකරයි. ඇය පිළිබඳ කතා ඉදිරිපත් කරන්නේ ප්‍රශ්න කරන, අවධානම් භාරගන්නා නිර්භීත අන් අය ගැන සංවේදි අන් අය වෙනුවේන කැපවි ක්‍රියාකරන්නියක ලෙසයි.

මෙය ඉතා සිත් ගන්නා සුළු වැදගත් නිරීක්ෂණයකි. එමගින් මරි මව් ගේ දොර කටයුතු නොකල බවක් ගම්‍ය නොවේ. නමුත් ඇය ඊට වඩා ඉතා ඉදිරියට ගිය මෙහෙවරක නිරත වු තැනැත්තික බව පෙන්වා දෙයි.

මරිමව් කුටුම්භ ගත වී සිටි කම්කරු බිරිඳක් නුවුවාය. ඇය සමාජ මතයක් උදෙසා තම පුතු කළ මෙහෙවරේ කොටස්කාරියක වූවාය. පෙර ගමන්කාරියක වූවාය. ඒ නිසා මල් මල් ලෝකය තුළ නොව, එතුමිය සැබෑ කම්කරු බිරිඳක ලෙස, දැකීම යෝග්‍යය යුතුය. සාධාරණය ගැලවීම දායකය.

හුදු කුටුම්භගත ගැහැනියක වීම ස්ත්‍රියට දෙවිඳුන් දුන් කැඳවීම නොවන බව මේ තුමිය ලොවට ප්‍රත්‍යක්ෂ කරන්නීය. ඇය දේව රාජ්‍ය උදෙසා කැපවන්න. දේව සාධාරණත්වය උදෙසා හඬ නඟන්න. කාන්තාවට ඇරයුම් කරන්නීය.

jesustodaysl 2 වන වසර 8 වන සතිය 2018 අප්‍රේල් 29

 

Comments powered by CComment