"දරුවාට තවම එක් දිනක් පමණයි. එහෙත් දෙවිඳු අාලෝකයත් මදහසත් ඔහුගේ වතින් අපට කථා කළා. ඔහු රැක ගන්න. ඔහු අප සියල්ලන් රැකදෙනු අැත." ඔවුන් එහෙම පවසා කොටළුවන් මත නැග යන්නට ගියා. අප එවක් පටන් කවරදාවත් ඔවුන් දුටුවේ නැහැ.

සාන්ත අානා මුනි තුමිය ජේසුගේ අාච්චි අම්මා... අෑ ජේසුගේ මවගේ එනම් මරිය තුමියගේ මෑණීයන්. සැබැවින්ම මරිය තුමියගෙන් ජේසු පුතුට උරුම වුනු දේව කැමැත්ත සෙවීමේ, ඊට ජීවිතය කැප කිරීමේ විශ්වායේ ජීවිතයේ අාදි කතුවරිය අැයයි. 

මේ මිත්තණිය තම මුණුපුරා ගැන කරන මතක අාවාර්ජනයක් පහත දැක්වෙන්නේ. එය ඛලීල් ජ්බ්රාන් විසින් රචිත ජේසුස් නම් මනුෂ්‍ය පුත්‍රයා යන පොතෙහි අැතුලත් වන්නක්.

මගේ දූගේ "ජේසු පුතා" නාසරෙත් හි උපන්නා, "ජේසු පුතා" උපන් රැයේදි නැගෙනහිරින් පැනවතුන් පිරිසක් අාවා. එම අයට මම කීවා. එ් රැයේදි මගේ දූ, පුතකු බිහිකළ බව. ඔවුන් බිළිඳා දකින්නට මනාප වූවා. මගේ රූමත් දූ ද, බිළිඳාද දුටු ඔවුන් අාමන්දානන්දයට පත්වූවා. ඔවුන් සිය අැසුරුමින් ගත් රන් රිදී හා දුම තිළිණයන් දරුවාට පුද දුන්නේ එ්වා දරුවාගේ පාමුල තබමිනි.

සැණෙකින් ඔවුන් දරුවාගේ දෙපා ලඟ දණින් වැටුනා. නොතේරෙන බසකින් දෙවිඳුන් අමතන්නට වූවා. ඔවුන්ගේ බැල්ම විමතියෙන් පිරි තිබුණා. හිරු නැගෙත්ම එ් පැනවතුන් අපෙන් වෙන්ව යන්නට සැරසුනා.

"දරුවාට තවම එක් දිනක් පමණයි. එහෙත් දෙවිඳු අාලෝකයත් මදහසත් ඔහුගේ වතින් අපට කථා කළා. ඔහු රැක ගන්න. ඔහු අප සියල්ලන් රැකදෙනු අැත." ඔවුන් එහෙම පවසා කොටළුවන් මත නැග යන්නට ගියා. අප එවක් පටන් කවරදාවත් ඔවුන් දුටුවේ නැහැ.

"ජේසු පුතා" දෙඅතැ රඳවාගත් මගේ දූ "මරියා" සෑම විට මනස්කාන්ත දෙනෙතින් ඔහු දෙස බලා සිටියා. අැතැම් විට අැගේ දෙනෙත් කවුළුව අතරින් අනන්ත අහස දෙස යොමු වී තිබුණා. අෑ සිහින දකිනවා යැයි මට හිතුණා. එහෙත් අැගේ හදවත හා මගේ හදවත අතර බාධා නිම්නයන් අැති බවද මට වැටහුණා.

කල්යත්ම "ජේසු පුතා" සිරුරින් ද ස්ප්‍රීතුවෙන්ද වැඩුණා. අන් දරුවන්ට වඩා වෙනසක් ඔහු තුළ දුටුවා. ඔහු මගේ පාලනයෙන් ක්‍රමයෙන් නිදහස් වූවා එහෙත් නාසරෙත්හි වැසියෝ ඔහුට අපමණ ප්‍රේම කළා. එ් අැයි දැයි මගේ හදවතට හැඟුනා, දැනුණා.

ගෙදර පිසු කෑම බීම, ඔහු රැගෙන ගියේ අන් අයට දෙන්නයි. මා ඔහු වෙනුවෙන් සකැසු රස අාහාර, රහ නොබලාම, ඔහු අන් දරුවන්ට දුන්නා. මගේ ගෙවත්තේ ගඩා ගෙඩි නෙළන්නට, ඔහු ගස් නැග්ගා. ඔහු නෙළා ගත් පළතුරු නොබුදා අන් අයටම දුන්නා.

තම දෙපා සවියෙන් දුර දුවන්නට ඔහුට හැකියාව තිබුණා. සැමට පෙරටුවෙන් දිව්වත්, අන් අයට ජය ලැබුට ඉඩ සලසා, සිය වේගය අඩු කර ගත්තා.

මා ඔහුට සැමදා නිදි යහන සකසා දුන්නා. අැතැම් විට ඔහු මෙහෙම කීවා. "අම්මටද, අන් අයටද කියන්න. මා නිදා ගත්තත්, නින්දට වැටෙන්නේ මගේ සිරුර පමණක්ය කියා පහන් වෙද්දී ඔවුන්ගේ ස්ප්‍රීතුව මා හා සම්බන්ධ වනතෙක්, මගේ ස්ප්‍රීතුව ඔවුන් සමඟ යයි කීයා.

එවන් අරුම පුදුම වදන් පැවසු වාර අනන්තයි. එහෙත් මා දැන් මහළුයි. එ්වා එකින් එක මට දැන් මතක නැහැ. දැන් ඉතිං ඔහු මට දකින්නට ලැබෙන්නේ නැතැයි. අැතැමුන් පවසනවා. එහෙත් ඔය කියන දැ කොහොම නම් අදහා ගන්නද ?

ජේසු පුතාගේ සිනහව මට දැනුත් පෙනෙනවා, අැහැනෙවා, ගෙය වටා දුවපණින දෙපා හඬ මට දැනුත් අැහෙනවා. මගේ දූගේ දෙකම්මුල් සිඹිනා විට, ඔහුගේ සුවඳයි මට දැනුත් දැනෙන්නේ. ඔහුගේ සිරුර මා දැනුත් වෙලා ගන්නවා.

"කොහොම උනත් හරීම හරි පුදුමයි. මගේ දූ නම් ජේසු පුතා ගැන දොඩවන්නේම නැහැ. මට නිකමටයි හිතෙන්නේ අෑට වඩා කැක්කුමක් මගේ හිතේ දැවෙනවා දෝ කියා. එහෙත් අෑ නම් අෑතට අෑතට ඔහේ බලා සිටිනවා පමණයි. එනමුත් මා නොදන්නා දෙයක් අෑ හොඳින් දන්නවා වගෙයි. අෑ කවර දා හෝ මට එය පවසාවි"

-ඛලීල් ජිබ්රාන්-

 

සැකසුම - බැසිල් ෆොන්සේකා

jesustodaysl 2 වන වසර 7 වන සතිය 2018 අප්‍රේල් 22

Comments powered by CComment