අවි දරන පුරුෂ ත්‍රස්ථවාදින් මේ නිරායුධ යොවුන් යුවතියට කොරතම් බයද කියලා ඉන් ප්‍රකාශ වෙනවා. ගැහැනියක් සතු ශක්තිය. ඉදිරියේ දුරවල වෙත පිරිමි ගැහැනියට යටපත් කරන්න හඳන්නේ බාහු බලයෙන් ආයුධ බලයෙන්. ස්තී‍්‍රයක් ලෙස සාමය උදෙසා කොයිතරම් මෙහෙවරක් කළ හැකිද යන්න ඇය ලොවට කියා දෙනවා.

ගැහැණියයි ශක්තිමත් පිරිමියාට වඩා කියන ඇත්ත. මුළු ලෝකෙම දන්න හැබැයි නොදන්නවා වගේ ඉන්න කාරණයක්. අපි චතාරික කාලයේ jesustdoaysl හි ජේසුගේ කුරුස ගමනේදි ස්ත්‍රීන් දැක් වු ධෛර්යවන්ත දායකත්ව ගැන කථා කළා ඔබ මතක ඇති. ශුද්ධ වු සතිය තුළ ලෝක අවධානය දිනාගත් පුවතක් සමඟ කුරුස ගමනේ ස්ත්‍රීන්  මෙන් අපේ කාලය තුළ ධෛර්යවන්තව මරණයට නොබියව තම ජීවිත මෙහෙවර ඉටු කළ යොවුන් දියණියක ගැන මතකය අවදි වුණා.

ඇය තමයි මලාලා යූෂුෆ්සායි. මලලා ගැන කියැවුනු පුවත තමයි වසර හයකට පසු මලාලා යලි තම මව්රට වු පකිස්ථානයට පැමිණිම.

මෙතෙක් කල් ඇය සිටියේ කොහේද ?

ඇයි පකිස්තානයෙන් ඇය පිටවුනේ.

ඇත්තටම මලාලා කියන්නේ කව්ද ?

ඈ ගැන නොදන්නනා කෙනෙක් එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. නමුත්  මෑත ඉතිහාසයේ ලෝකයේ වැඞීම අවධානයක් දිනාගත් යනව්වනිය ඇයයි. මලාලා යූෂුෆ්සායි කියන්නේ පකිස්ථානයේ ස්වැට් නිම්න  ප්‍රදේශයේ වින්ගෝරා නගරයේ පාසල් සිසුවියක්. ස්වැට් නිම්නය තලේබාන් ත්‍රස්ථවාදින් යටත් කරගන්නවා. ඉන්පස්සේ බාලිකා පාසල් පුපුරුවා හරිනවා. බාලිකාවන්ට පාසල් යාම තහනම් කරනවා.

තවත් දේවල් තහනම් කරනවා. ඔවුන්ගේ නියෝග කඩ කරන අයව වෙඩි තියලා මරනවා. ඒ භීෂණය රජ වෙන කොට ඇයට අවුරුදු 13 යි. ඉගෙනීට මහත් ආශාවක් දක්වන ඇය මේ තත්වය ගැන කම්පාවට පත්වෙනවා. ගුරුවරුයෙකු වු ඇගේ පියා ඇයට යෝජනා කරනවා පවතින තත්වය බී. බී. සී. යේ උර්දු සේවයට ලියන්න. ඇය තම දින සටහන් මගින් තලේබාන්වරුන් කරන හිංසාව විශේෂයෙන් කාන්තා අධ්‍යාපනයට කරන බාධා ලෝකයට කියාපානවා. ඒ සමඟ තලෙබාන්වරුන්ට එරෙහිව ලෝක ජනමතයක් ඇති වෙනවා. තලේබාන්වරු මේ ලියන්නිය කව්ද කියලා හඳුන ගන්නවා.

2012 ඔක්තෝම්බර් 09 වෙනිදා ඇය පාසල ඇරි ගෙදර එමින් සිටින බස්රථයට ගොඩවන තලේබාන්වරු මළලා කියන්නේ කව්ද ? යනුවෙන් විමසා වෙඩි තබනවා. හිසට වැදුනු වෙඩි පහර නිසා ජීවිතයත් මරණයත් අතර සටහනක නිරත වන ඇයව වැඩි දුර ප්‍රතිකාර සඳහා පකිස්ථාන රජය බි‍්‍රතාන්‍යයට පිටත් කර යවනවා. එහිදි සුපවත් වන ඇය නැවතත් ළමා හා බාලිකා අධ්‍යාපනය ගැන හඬ නගනවා. බි‍්‍රතාන්‍ය ඇයට එහි ජීවත්වීමට ඉඩ දෙනවා. 2014 වසරේදි ඇය නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ ලොව ලාබාලතම නොබෙල් ත්‍යාගලාභිනීය ලෙස වර්ථමානයේදි බි‍්‍රතාන්‍ය මක්ස්ෆර්ච් විශ්ව විද්‍යාලයේ සිසුවියක වන ඇය බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නඟන එක්සත් ජාතින්ගේ විශ්ව නියෝජිතවරියක ලෙස ද කටයුතු කරනවා.

1997 ජූලි 12, වනදා උපත ලද තවමත් 20 වන වියේ පසුවන ඇය වසර 6 කට පසුව තම මව් රටට පැමිණි විට දැනුනු හැඟිම් ප්‍රකාශ කර තිබුණේ මේ විදිහට.

”මම සාමානයෙන් අඬන්නේ නෑ. මට තාම අවුරුදු 20 යි. ඒත් මම මේ ජීවිත කාලය තුළ හුඟාක් දේ අත්දැකලා තිබෙනවා. නැවත මාගේ රටට පැමිණි මේ දිනය මගේ ජීවිතේ සතුටුදායක දිනයයි. මට තාම හිතා ගන්න බෑ. මම ආපසු පකිස්ථානයට ආවා කියලා”

තවමත් තලේබාන්වරුන්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහලින්ම මලාලා සිටිනවා.

ඒ නිසා ඇයට දැඩි ආරක්ෂාව සපයා තිබුණා. අවි දරන පුරුෂ ත්‍රස්ථවාදින් මේ නිරායුධ යොවුන් යුවතියට කොරතම් බයද කියලා ඉන් ප්‍රකාශ වෙනවා. ගැහැනියක් සතු ශක්තිය. ඉදිරියේ දුරවල වෙත පිරිමි ගැහැනියට යටපත් කරන්න හඳන්නේ බාහු බලයෙන් ආයුධ බලයෙන්. ස්තී‍්‍රයක් ලෙස සාමය උදෙසා කොයිතරම් මෙහෙවරක් කළ හැකිද යන්න ඇය ලොවට කියා දෙනවා. පුංචි පුංචි සුන්දර සිහිනවල සැරිසරන ජිවිතේ අරමුණ. ෆෝන් එකක්. ඇඳුමක් රත්තරන් බඩුවක් ලබා ගැනීම බවට පත් කරගත් බහුතර යව්වනියන්ට ඇයගෙන් ඉගෙන ගන්න තිබෙන දෑ බොහොමයි.

jesustodaysl 2 වන වසර 5 වන සතිය 2018 අප්‍රේල් 08

Comments powered by CComment