“ඔවුන්ගේ අධ්‍යයනට ලක් වු කාන්තා මිනිමැරිම් 243 කින් 128 කම අපරාධකරුවා එම කාන්තාවගේ නිත්‍යානූකූල සැමියාය. එනම් 50% කට වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් මරණයට පත් වී ඇත්තේ තම නිත්‍යානූකූල සැමියා අතිනි.”

 

රාත්‍රිය වී
නිහඬව නිසල ව ඉන්නම්
බියද දැනේ
දුකද දැනේ
රුදුරු වුනේ ඇයි ? හිමි සඳුනේ

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැනුනි ඝන කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කතාවක කෙළවර
අසන් හිමියනේ,
කාට කියන්නද මේ දුක
ඔබ හැර

මේ දීපිකා ප්‍රියදර්ශනි ගයන ගීයක පදවැල් කොටසකි. අතිශය ජනප්‍රිය මේ ගීතය තුළ සිත්තම් ව ඇත්තේ ගෘහ ජීවිතය තුළ හිංසාවට පීඩාවට පත් බිරිඳකගේ කඳුළු කතාවකි. සැමියා රුදුරු වී ඇත. එහෙත් ඒ ගැන කියන්නට සිටින්නේද ඒ සැමියා ම පමණි. බිය ද දුක ද ඒ සියල්ලම ඈ දරා සිටි.

මාර්තු 08 දිනට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් වෙළඳුන් බොහෝ දේ සූදානම් කළ අතර කාන්තාවගේ සැබෑ ප්‍රශ්න කොතැනකවත් සාකච්ඡා නොවුණි. කාන්තා දිනයට සමගාමිව “ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ අස්වභාවික මරණ වැලැක්වීම හා යුක්තිය ඉටු කිරීම” මැයෙන් වාර්තාවක් ඉදිරිපත් විය.

මෙම වාර්තාව සකස් කර ඇත්තේ එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල හා කැළණිය විශ්ව විiාලය එක්ව සිදු කර ලද අධ්‍යනයකිනි.

මෙම වාර්තාවේ දැක්වෙන කරුණු කියවද්දීය. මෙම ලිපිය ආරම්භයේදි සඳහන් කළ ගීතය අප මතකයට ආවේ.

ඔවුන්ගේ අධ්‍යයනට ලක් වු කාන්තා මිනිමැරිම් 243 කින් 128 කම අපරාධකරුවා එම කාන්තාවගේ නිත්‍යානූකූල සැමියාය. එනම් 50% කට වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් මරණයට පත් වී ඇත්තේ තම නිත්‍යානූකූල සැමියා අතිනි.

ගැහැනියක් පතා පැමිණි සුර පුරය අපායක් පමණක් නොව ඝාතනාගාරය බවට පත් වන බව නොවේද මෙයින් පෙන්වන්නේ. තම ජීවිතයේ බිය ද දුක ද දුරලිය යුතු තැනැත්තාම එසේත් නැත්නම් තමාගේ ප්‍රේමනීය රැකවලාම ඝාතකයා වීම කොයිතරම් ඛේදවාචකයක්ද ?

එසේම මෙම අධ්‍යයනය පෙන්වා දී තිබුණේ මෙම සිදුවීම් වාර්තාකරණය විශේෂයෙන් සිංහල පුවත්පත්වලදි ඉතා නරක ස්වභාවයක් ගන්නා බවයි. සිදුවීම්වලින් 69% ක්ම නිසි පරිදි වාර්තා නොවන බව හඳුනාගෙන තිබුණි.

ප්‍රචණ්ඩත්වයට ලක්වන වින්දිත කාන්තාවන් සඳහා රැකවරණය, සෞඛ්‍ය ආරක්ෂාව හා යුක්තිය ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව තුළ තවමත් නිසි අවධානයක් හා අධ්‍යාපනයක් නැති බව ද මෙම වාර්තා පෙන්වා දී තිබෙනවා.

කිතුනුවන් වශයෙන් මෙම අමිහිරි, කුරිරු තත්වය වෙනස් කිරීම සඳහා කරන්නේ කුමක්ද ? කළ හැක්කේ කුමක්ද ? යන්න ගැන අප ගැඹුරු සංවාදයක් ඇති කර ගත යුතුයි. විශේෂයෙන් පැවිදි කාන්තාවන් අතර මෙන්ම ගිහි පැවිදි පූජක පිරිමින් අතරද ඒ සාකච්ඡාව ආරම්භ විය යුතුය.

ස්ත්‍රී හිංසනය හා මරිය බැතිය යන තේමාව යටතේ න්‍ැිමිඑචා්හික වෙබ් අඩවිය විටින් විට මතු කරන ලද අදහස් එවැනි සංවාදයකට පදනම් කර ගත හැකිය.

 

    6cac3e4af71ab8dda6dba234a97e4887දෙව්දි හිරන්යා

jesustodaysl 2 වන වසර 2 වන සතිය 2018 මාර්තු 18