යුද්ධයෙන් අතුරුදහන් වු තම දරුවන් පිළිබඳ පිළිතුරක් ඉල්ලා වව්නියාවේ හා කිලිනොච්චියේ අතුරුදහන් වූවන්ගේ මව්පියන් හා ඥාතින් විසින් ආරම්භ කළ උපවාසයට වසරක් සම්පූර්ණ වී තිබේ.

එහෙත් රාජය නිහඬය. අතුරුදහන් වූවන්ගේ කොමිසම අක්‍රියය. බහුතර සිංහල ආණ්ඩුවට ඇත්තේ ‘බලය’ පිළිබඳ ගැටළුය. ඔවුන්ට උතුරේ අම්මලා දවස් තුන්සිය හැටපහක් ඉක්මවන තෙක් කරන උපවාසය අදාල නැත.

 

මේ මගින් රජය හා සිංහල සමාජය උතුරට දෙන පණිවුඩය කුමක් ද? සැබැවින්ම බහුතරයක් වු පීඩිත ගැහැනුන් පිරිසක් පවත්වාගෙන ගිය සමකාමි කිසිවෙකුටත් බාධා නොවුනු උපවාසය ගැන රජය ඇසක් ඇර බැලුවේ නැත. උපවාසයට දින සියය පිරිනු දා උපවාසකරුවන් මහ මඟ හරස්කොට හර්තාලයක් කළ විට රජය මේ උපවාසය ගැන යාන්තම් අවධානයක් යොමු කළේය.

රජය හා සිංහල බහුතරය මේ මගින් දෙමළ ජනයාට පවසන්නේ භයානක කතාවකි. උතුරේ ජනතාවට සාධාරණය ඉල්ලා සිටිමට රජයට දැනෙන මාර්ග සොයන්නට වී තිබේ. මේ ඊළඟ පරපුර හිංසාවට ගෙනයන ප්‍රතිචාරයකි.

ජේසුස් වහන්සේ පවසන්නේ සැබෑ එfඬිරා අතුරුදහන් වු බැටළුවා සොයා එන්නෙකු බවයි. දකුණේ බහුතරයට කොටියෙකු වු මන්නාරම් ජනතාවට සැබෑ එfඬිරෙකු වු රායප්පු ජෝශප් රදගුරුතුමා විශ්‍රාම යාමෙන් පසු බොහෝ කාලයක් උතුරේ එfඬිරු මේ අතුරුදහන් වු බැටළුවන් ගැන මැදිහත් වීමක් නිසි පරිදි සිදු නොකළ බවයි සත්‍යය.
නමුත් අම්මා තම අතුරුදහන් කල බැටළුවන් ගැන සාධාරණය ඉල්ලන සටනට වසරක් පිරෙද්දී මන්නාරම් රදගුරු තුමා එම මව්රුන්ගේ අරගලයට සහය දෙන බව පවසා තිබේ. මේ ප්‍රකාශය හුදු ව්‍යාජයක් යන්න ඉදිරයේදි දැකගත හැකි වනු ඇත.

දකුණේන් මන්නාරමට ගිය නව රදගුරුතුමාගේ අභිෂේක උළෙල තුල පෙනී ගියේ සිංහල හමුදාවේ මැදිහත්වීමය. පියතුමන්ලාට වඩා උත්සවය ඡායාරූප තුළ හමුදා නිලධාරින් දැකිය හැකි වු අතර සිංහල හමුදාවේ බරපතල මැදිහත්වීමක් උත්සවයේ පුරා තිබුණි. උතුරේ ද්‍රවිඩ කිතුනු ජනයා තුළ ඇති වූයේ පහත් හැගුමක් නොවන බව පෙනී ගියේය. එහෙත් රදගුරුතුමාගේ මෙම ප්‍රකාශය එය මඟ හැරීමට සමත් වනු ඇත්තේද යන්න අනාගතයේදි ඔප්පු වන්නට ඇති දෙයකි.

අතුරුදහන් වූවන් පිළිබඳ 1988-1899 යුගයේ අත්දැකිම් ඇති සියලු දෙනා මේ සටනට සහය දිය යුතුය. එහෙත් සිදුවන්නේ එය නොවේ. කෙසේ වෙතත් සැබැ එfඬිරුන්ට නම් මේ මව්වරුන්ගේ අරගලයට මැදිහත් නොවි සිටිය නොහැකිය.

jesustoday 52 සතිය 2018 පෙබරවාරි 25