ජනතා සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුවේ සමීක්ෂණ අනුව 2016 වර්ෂයට සාපෙක්ෂව 2017 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම දායකත්වය 35% කින් පමණ වැඩි වී ඇත.

මේ වන විට කාන්තාවන් 31 40 000 පමණ ශ්‍රම බලකාය තුළ නියුක්තව සිටින බව ද එම සමීක්ෂණ තව දුරටත් පෙන්වා දෙයි. කාන්තාවන් ශ්‍රම බලකායට අලුතින් එකතුවීම පිරිමින් එකතුවීමට වඩා ඉහළ යමින් තිබේ.

 

මේ තත්වය බැලු බැල්මට ස්ත්‍රී - පුරුෂ සමාජභාවයේ යහපත් දිශාතනියක් බවට නිගමනය කළ හැකිය. නමුත් එහි ගැඹුරට යාම අත්‍යාවශ්‍ය වේ.

පළාත් පාලන මැතිවරණයේදි කාන්තා නියෝජනය 25% ක් කිරීම සමඟ මෙවැනි මතුපිට නිරීක්ෂණයක් දැකිය හැකි විය. එහෙත් ඒ සමඟම අශෝභන සිදුවීම් ගණනාවක් වාර්තා විය. නාම යෝජනා ලබාදීම සඳහා ස්ත්‍රීන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම, අපෙක්ෂකත්වය ලබාගත් ස්ත්‍රීන්ට නින්ද අපහාස කිරීම, බාධා කිරීම, අපෙක්ෂකත්වය ලබා දුන් පසු ලිංගික අල්ලස් ඉල්ලා සිටිම, ඡන්දයෙන් පසු පරාජිත ස්ත්‍රීන්ගේ නිවෙස් වලට රතිඤ්ඤා, ගල් මුල් වීසි කිරිම. ආදි සිදුවීම් රැසක් වාර්තා විය.

ශ්‍රී ලංකාවේ උගත් ස්ත්‍රීන්ගේ විරැකියා ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවැතීම සලකා බැලු විට ස්ත්‍රීන් ශ්‍රම බලකායට එකතු වීම ඒ තත්වය වෙනස් කිරීමට හේතු වන්නේ නම් යහපත්ය. එහෙත් එය සිදුවෙනවාද ? යන්න නැවත විමසා බැලිය යුතුය. අනිත් අතට පිරිමින් රැකියා වල නිරත නොවී ස්ත්‍රීන්ගෙන් හම්බකරන් කන තත්වයකට පත්වීමක් සිදුවීම ස්ත්‍රීන් විෂයෙහි ඇති කරන පීඩනය තීව්ර කරන්නකි.

පසුගිය කාලය තුළ සිදු වු බොහෝ ස්ත්‍රී දිවි නසා ගැනිම් හා පුරුෂයන්ගෙන් පහර කෑමට ලක්වීම් පසුබිමේ ඉහත කී සාධකය බල පැවැත්වුනි. රැකියා කරන ස්ත්‍රීය කෙරෙහි අවිශ්වාසයෙන් පසුවන රැකියා නොකරන ස්වාමි පුරුෂයන්ගේ තාඩන පීඩන එවැනි සිදුවීම් රැසක පසුබිමේ තිබුණි. මේවා ගැන අපේ සමාජ විiඥයින් හෝ ප්‍රතිපත්ති සම්පාදකයින් අවධානය යොමු නොකරන බව පෙනේ.

දෙව් මැදුරු ආශ්‍රීත කාන්තා සමිති සමාගම් වලදීද මේ කරුනු ගැන අවධානය යොමු විය යුතුය. ඉතා යල්පැන ගිය ආකෘතියක සිදුවන එම සමිති සමාගම් වෙත මේ යුගයේ ස්ත්‍රී ගැටුලු හා බැදුනු දැක්මක් නිර්මාණය කර ගැනීමට පහසුකම් සපයා දිය යුතුය.

අපගේ මවද, පියාද වන දෙවියන්ගේ මාතෘක ලක්ෂණ තුළින් ස්ත්‍රීය සතුව පවතින ශක්තිය යහපත් හෙට දවසක් සඳහා යොදා ගැනීමට හැකි වන්නේ ස්ත්‍රීය ද වෙළඳ පොළ ශ්‍රම සපයන්නෙකු බවට පත් කිරිමෙන් පමණක් නොවේ.

jesustoday 51 සතිය 2018 පෙබරවාරි 18