සුරාසොඩ සැමියාව මරාද දැමු
බිරියගේ ඛේදවාචකය
මිනිය බාරගත් වැඩිමල් පුතාට
පෙට්ටියක් ගන්නවත් සල්ලි නෑ.

 

මේ පසුගිය දවසක පුවත්පතක පළවූ වාර්තාවකි. සුරාසොඬ සැමියන් මරාදැමු බිරියන් පිළිබඳ ලංකාවේ වාර්තා වු පළමු පුවත මෙය නොවේ.

මත්පැන් භාවිතය විශේෂයෙන් අප රටේ දුගී දුප්පත් පවුල් වලට අත්කර දී ඇති ඛේදවාචකය මේ පුවත එළිදරව් කරයි.

ඉතා සරලව කිව්වොත් දුප්පත් පවුල්වල බිරින්දෑවරු වැඩි වශයෙන් හිංසාවට ලක්වීමටද දරුවන් වැඩි වශයෙන් කුසගින්නට, හිංසාවට ලක්වීමද ස්වාමිපුරුෂයන් තාත්තලා වැඩි වශයෙන් ශාරීරිකව අබල දුබලව මිය යාමටද පවුලේ ආර්ථීකය දුර්වල වීමටද බීමත්කම බලපායි. ඒ ආර්ථික ක්‍රමය ඇති කර ඇති දුප්පත්කම නැමැති විෂම චක්‍රය තීව්ර කරන සාධකයක් වශයෙන් මිස ප්‍රධාන හේතුව වශයෙන් නොවේ. නමුත් ප්‍රධාන හේතුවක් වශයෙනි.

මත්පැන් පානය පිළිබඳ සම්භාව්‍ය සංස්කෘතිය දුප්පත් මිනිසුන්ගේ ජීවිත සමඟ බද්ද වී නැත. ඒ නිසා ක්‍රියාත්මක වන යථාර්ථය ඉහත දැක් වු පරිදි වේ.

මේ අතර ස්ත්‍රීන්ට මත්පැන් මිලදි ගැනීම, මත්පැන් අලවි කිරීම පිළිබඳ පනවා තිබු තහංචි ඉවත් කිරීමත් නැවත ඒ තහංචි පැනවීමත් යන කාරණා දෙකම රට තුළ මහත් සංවාදයට ලක් වී තිබේ. ඒ සංවාදය අවබෝධ කරගත යුත්තේ සීරු මාරුවටය.

ස්ත්‍රීයක් වීම නිසා මත්පැන් භාවිතායේදි හා ඒ ආශ්‍රීත රැකියා වලදි ස්ත්‍රීයට විශේෂ තහංචි පැනවීම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රශ්නයකි. එහිදි අප එකී පුරුෂ ආධිපත්‍ය තීන්දුවට විරුද්ධ විය යුතුය.

වරක් බීමතින් රිය පදවු කාන්තාවකට පුරුෂයෙකුට ඒ සඳහා දෙන දඩයට වඩා කීප ගුණයක දඩයක් ලබාදුන්නේ විනිසුරුවරියකි. එහිදි විනිසුරුවරිය හේතුව ලෙස දැක්වුයේ රියදුරු ස්ත්‍රීයක් වීමයි. මෙය හෙලා දැකිය යුතු අතර නීතිය ඉදිරියේ සියලු දෙනා සාමානයන් නොවීම යන නරක තත්වය පෙන්වීමක්.

ගැහැනු පිරිමි බේදයකින් තොරව මත්පැන් අවභාවිතයෙන් මිදීම මගින් බොහෝ යහපත් දැ ජීවිතයට එකතුකරගත හැකි අතර බොහෝ අයහපත් දැ වලින් වැලැකීමේ ඉඩකඩ ලැබේ.

මද්‍ය පානය කේලාම්කරුවෙකි.
සුරාපානය කළහකරුවෙකි
බීමතින් මුළාවන්නා මෝඩයෙකි

(ශුද්ද වු බයිබලය)

දුක කාටද
කාල කණ්නිකම කාටද
අඩදබර කාටද
නිකරුනේ තුවාල කාටද
රතු ඇස් කාටද
බීම බෝතලය ළඟ පමා වන
මිනිසාවටය
තව තවත් බොන්ට යන
මිනිසාටය.

(ශූද්ධ වු බයිබලය)

jesustoday 49 සතිය 2018 පෙබරවාරි 04

 

Comments powered by CComment