පරණ අවුරුද්ද ගෙවෙන දවසේ තරුණ අපිට ජෙරුසලම අමතක කරන්න බෑ කියලා මම කියන්නේ. “යකෝ මේ රට ඇතුලේ අනන්ත ප්‍රශ්න තියෙද්දී කොහේවත් තිබෙන ජෙරුසලම අදාළ ම නෑ නේ ” කියලා කියන්න එපා. විශේෂයෙන් කිතුනු තරුණයන් ලෙස ‘අද ජේසුව’ හඳුනාගත්දී ජෙරුසලම අදාළයි.

ඉතියෝපියානු නපුංසකයා හා සංක්‍රාන්ති ලිංගිකයින් - 5

ගිය සතියේ න්‍ැිමිඑදා්හික වෙඞ් අඩවියට ශෙනු පෙරේරා “සංක්‍රාන්ති ලිංගික අසල්වැසියන් පිළිබඳ මතක” ගැන ලියු සටහන අපි එක් කළේ මේ සාකච්ඡාවට ඉදිරියට ගෙනියන්න එය උපකාරි වනු නිසාමයි.

කිතු හද ගැස්ම - 2

පස්වරු 2.30 දුම්රිය එනතුරු කටුකුරුන්ද දුම්රිය පොළට වී සිටියෙමු. කළුතර සිට දකුණු පයාගල දක්වා දෙවන දුම්රිය මාර්ගය විවෘත කිරිම සඳහා වැඩ කරන සේවයකියින්ගේ දිවා විවේකය තවමත් නිමා වී නැත.

රංජන් රාමනායක යනු මා ප්‍රියකරන නළුවෙක් නොවේ. නමුත් "මායා" හී ඔහුගේ රංගනය කුමක් හෝ හේතුවකට ඔහු ගැන යහපත් හැඟීමක් මා තුළ ඇති කරයි. "කාංචනා" මා නරඹා තිබුනද කාංචනාගේ අඳෝනාව මායාගේ මට හුරු බසින් ඇසෙන විට මගේ ජීවිත කාලයක් පුරාවට මා දුටු එවන් වූ මිනිසුන්ගේ විලාපය මගේ හඳවත අවුලුවාලයි.

කිතු හද ගැස්ම

අපි රාවතාවත්ත දේවස්ථානයේ ජාතිවාදය පිළිබඳ දේව ධර්මය ගැන කථාබහ කරමින් සිටියෙමු. ඔව් හු ගිංතොට ජාතිවාදයෙන් ගිනිබරක් කරමින් සිටියෝය.

අපි අපට කිසිදු වරදක් නොකළ මිනිසෙකු මරා දැමීමට අපව යොමු කරවන අප තුළ ඇති අවිඥානික ජාතිවාදි අගතින් හඳුනා ගන්නැයි සමිදුන් කරන ඇරයුම ගැන සංවාදයේ යෙදමින් සිටියෙමු.