කිතු හද ගැස්ම - 2

පස්වරු 2.30 දුම්රිය එනතුරු කටුකුරුන්ද දුම්රිය පොළට වී සිටියෙමු. කළුතර සිට දකුණු පයාගල දක්වා දෙවන දුම්රිය මාර්ගය විවෘත කිරිම සඳහා වැඩ කරන සේවයකියින්ගේ දිවා විවේකය තවමත් නිමා වී නැත.

රංජන් රාමනායක යනු මා ප්‍රියකරන නළුවෙක් නොවේ. නමුත් "මායා" හී ඔහුගේ රංගනය කුමක් හෝ හේතුවකට ඔහු ගැන යහපත් හැඟීමක් මා තුළ ඇති කරයි. "කාංචනා" මා නරඹා තිබුනද කාංචනාගේ අඳෝනාව මායාගේ මට හුරු බසින් ඇසෙන විට මගේ ජීවිත කාලයක් පුරාවට මා දුටු එවන් වූ මිනිසුන්ගේ විලාපය මගේ හඳවත අවුලුවාලයි.

කිතු හද ගැස්ම

අපි රාවතාවත්ත දේවස්ථානයේ ජාතිවාදය පිළිබඳ දේව ධර්මය ගැන කථාබහ කරමින් සිටියෙමු. ඔව් හු ගිංතොට ජාතිවාදයෙන් ගිනිබරක් කරමින් සිටියෝය.

අපි අපට කිසිදු වරදක් නොකළ මිනිසෙකු මරා දැමීමට අපව යොමු කරවන අප තුළ ඇති අවිඥානික ජාතිවාදි අගතින් හඳුනා ගන්නැයි සමිදුන් කරන ඇරයුම ගැන සංවාදයේ යෙදමින් සිටියෙමු.

සංක්‍රාන්ති ලිංගිකයින් හා ඉතියෝපියානු නපුංසකයා - 4

පළමු කතාව

ශ්‍රී ලංකාවේ කතෝලික පිරිමි පාසලකි. ගැහැණු ළමයෙකු පාසලේ කාර්යාලයට පැමිණේ.. ඇය තම පාසල් හැර යාමේ සහතිකය ඉල්ලා සිටින්නීය.

ලිංගිකත්වයේ අධ්‍යාත්මිකත්වය - 3

ලිංගිකත්වයේ අධ්‍යාත්මිකත්වය වෙත යොමු වීමට විශ්වාසයේ දෑසින් ඉතා මුලික සරල ප්‍රශ්නයක් අපි නඟමු.
දෙවියන් වහන්සේ මිනිසාට ලිංගිකත්වය, ලිංගික ආශාව දානය කළේ ඇයි ?

ඉතා ජනප්‍රිය පිළිතුර තම වර්ගයා බෝ කිරීමට යන්නයි. නිසැකවම මිනිසාගේ ලිංගික පද්ධතිය ප්‍රධාන කොට සැකසි ඇත්තේ ඒ උදෙසාය. නමුත් ලිංගිකත්වයට පැවැරි ඇති එකම කාර්යය එය නොවේ. එය මිනිසාගේ ආත්ම සංතෘප්තිය ද අරමුණු කරයි. කායික මානසික සුවය අරමුනු කරයි