ලිංගිකත්වයේ අධ්‍යාත්මිකත්වය සොයා - 2

මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය ලෙස සැලකෙන්නේ විiා විෂයේදි හෝ ශාරීරික අධ්‍යාපනය විෂයේදි ප්‍රජනන පද්ධතිය ගැන ඉගැන්වීමයි. මෙය ස්ත්‍රී පුරුෂ ලිංගික පද්ධතිය ගැන ඉගැන්වීමක් විනා පූර්ණ ලිංගික අධ්‍යාපනයක් නොවේ. ලිංගික අධ්‍යාපනයේ එක් පැති කඩක් පමනි.

ගැටළුව වී තිබෙන්නේ මේ පාඩම පවා නිසි පරිදි බොහෝ ගුරුවරුන් සිදු නොකිරීමයි. පසුගිය කාලය තුළ පලාත් සභා නවයෙන් අටක්ම ලිංගික අධ්‍යාපනය පිලිබඳ පාඩම අවශ්‍ය නැතැයි පවසා තිබීම පවතින අවම ලිංගික අධ්‍යාපනයටවත් අපගේ ඇති අකමැත්ත පෙන්වයි.

පූර්ව විවාහ දැනුවත් කිරිම් බොහෝමයකදි පවා ලිංගික අධ්‍යාපනය ලෙස ඉගැන්වෙන්නේ ස්ත්‍රී පුරුෂ ලිංගික පද්ධතිය හා උපත් පාලනය, ගබ්සාව ආදිය පිළිබඳ පමණි. පෙර දැක් වු ලෙසම එයද ලිංගිකත්වය පිලිබඳ තවත් පැතිකඩක් පමණි. මෙහිදි දැකිය හැකි කරුණක් වන්නේ අප සමාජය තුළ පවතින ලිංගිකත්වය පිළිබඳ ඉතා අල්ප දැනුමෙන් උගන්වන්නන් දැනුවත්ව සිටීම හා තවමත් ලිංගිකත්වය පිළිබඳ විවෘත කථා බහකට ඇති මැලිකමයි.

ලිංගික අධ්‍යාපනය යනු ලිංගිකත්වය පිළිබඳ ශාරීරික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික පැතිකඩ ගණනාවක් ඔස්සේ සිදු කල යුතු අධ්‍යාපනයකි. එවන් අධ්‍යාපනයක් ලබාදීම සඳහා ගැඹුරු අධ්‍යාපනයක් සේම ගැඹුරු ආධ්‍යාත්මිකත්වයක් ද අවශ්‍යය. පොදු කෝවක බාහා කරන ඉගැන්වීමකින් මිදි ස්ත්‍රි පුරුෂ සුවිශේෂිත්වය ද පුද්ගල විවිධත්වය ද පිළිබඳ ගැඹුරු විවෘතභාවයකින් යුතුව එය සිදු විය යුතුය.

ලිංගික ප්‍රශ්නවලට පිළිතුරු ලෙස මල් පත්තර, අසභ්‍ය ප්‍රකාශන වල මෙන්ම පිළිගත් පුවත්පත් වලද විශේෂාංග ඵලවෙයි. පිලිගත් බොහෝ පුවත්පත් වල වෛi ගැටළු තීරයන්ට යොමුවන ප්‍රශ්න අතර ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්න ද සෑහෙන ප්‍රමාණයක් තිබේ. ඒවාට පිළිතුරු දෙන්නේද විශේඥ වෛiවරුය.

එක් පුවත්පත වෛi ගැටළු තිරයට යොමු කල ප්‍රශ්නයක් වූයේ “පාසල් සිසුවියක වන තමාව පෙම්වතා කාමරයට රැගෙන ගිය බවත්, ඔහු තමාව බොහෝ වාරයක් සිපගත් බවත් මේ නිසා තමා ගැබ්නියක විය හැකිද ? යන්නයි.

එයට සුප්‍රසිද්ධ විශේෂඥ වෛiවරයා දී තිබුණු පිළිතුර වූයේ ඔබ වැස්සකවත් පාසල් ගිහින් නැද්ද ? යන්නයි. දරුවාගේ ප්‍රශ්නය මෙන්ම වෛiවරයාගේ පිළිතුරද අපට පෙන්වා දෙන්නේ මෙරට ලිංගික අධ්‍යාපනයේ තරමයි.

නව යොවුන් තරුණ මෙන්ම විවාහකයින් සමඟ ද නිතර ගැටෙන මෙම ලියුම්කරුගේ අදහස වන්නේ ඉහත ප්‍රශ්නය ඇසු සිසුවිය අවංක බවයි. ලිංගිකත්වය ගැන කතා කරන්නන්ගෙන් බහුරතය ඇතැම් කරුනු වලදි නඟන ප්‍රශ්න එම සිසුවිගේ ප්‍රශ්න වැනි ප්‍රශ්න වේ.

මෙම ලියුම්කරුට මෑතකදි ගැබ්නියක වු පාසල් සිසුවියක සිය ප්‍රශ්නයට උපදෙස් ගැනීමේදි යම් මඟ පෙන්වීමක් දීම සඳහා හමු විය. ඇය වයස අවුරුදු 16 ක යෞවනියකි. ගැබිනි බව දැනගත් පසු පෙම්වතා දරු ගැබ නැති කිරිම සඳහා ඇයට පෙති වර්ගයක් ලබා දි තිබුනු අතර ඒ අනුව දරු ගැබ නැති වේ යැයි යන විශ්වාසයෙන් ඇය ඒ පෙති පානය කරමින් තත්වය හංගාගෙන සිටීමට උත්සහ කරමින් සිටියාය. ඒ පෙති වර්ගය කුමක් දැයි සොයා බැලු විට එය උපත් පාලන පෙති වර්ගයකි. මේ නොදැනුවත් බවයි. මෙවැනි සත්‍යය කතා සිය ගණනාවක් අප අවට ඇත.

සැබෑ ලිංගික අධ්‍යාපනය, ප්‍රජනන පද්ධතිය, දරුවන් ලැබීම, උපත් පාලනය, ආදියට සීමාවුවක් නොවේ. එය වඩාත් ප්‍රීතිමත් ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමටද, අනෙකාට ගරු කිරීමට හා පිළිගැනීමට ද ලිංගිකත්වයේ සම්ප්‍රහර්ෂය භුක්ති විඳිමින් ගැඹුරු අධ්‍යාත්මිකත්වයකට ළඟා වීමටද ස්ත්‍රීන් පුරුෂයින් දැනුවත් කිරීමට හා ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට එම අවබෝධාත්මක ජීවිත බෙදා ගැනීම වෙත ගමන් කිරීම මඟ පෙන්වීමටද යොමු වූවකි. එය යුගයේ එඬේරික කාර්යයකි. ඒ කාර්ය ඉටු කිරීම ගබ්සාවන් අවම කර ගැනීමටද වැදගත් වේ.

jesustoday 37 සතිය 2017 නොවැම්බර් 12

 

Comments powered by CComment