ලිංගිකත්වයේ අධ්‍යාත්මිකත්වය - 1


සාමාන්‍ය ව්‍යවහාරයේ කුණුහරුප කියලා දෙයක් තියෙනවනේ. ලංකාවෙ දක්ෂතම දරුවන් ඉන්නවයි කියන විශ්ව විiාල පද්ධතියේ තාමත් නවකවදය තුළ කුණුහරුප කියවීම සිරා වැඩක් ලෙස සලකනවා. විශ්ව විiාලයේ පමණක් නොවෙයි රටේ දරුවන් අඳුරින් ආලෝකයට ගෙනියන්නට සිටින ගුරුවරු පුහුණු වන ගුරු අභ්‍යාස විiාලවලත් තාමත් කුණුහරූප කියවීම සිරා වැඩක්.

මේ කුණුහරූප කියන ඒවා සියල්ලම පාහේ නිර්මාණය වෙලා තියෙන්නේ ලිංගික ක්‍රියාවන් සම්බන්ධවයි කියන කාරණයට අපිට හඳුනා ගන්න පුළුවන්.

මානව පැවැත්මේ ඉතා වැදගත් ඉතාම අත්‍යාවශ්‍ය ලිංගික ක්‍රියාව කුණුහරූපයක් වී ඇත්තේ ඇයි  කියලා ඔබ හිතලා තියෙනවාද ?

වෙනත් විදිහකින් කිව්වොත් හැම මිනිසෙක් තුළම ගැහැනියක් තුළම ලිංගිකත්වය උදෙසා කැමැත්තක් ආශාවක් නිසඟයෙන් පවතිද්දී අනෙත් පැත්තෙන් අපේ මනස් තුළ ලිංගිකත්වය නරකයි, කැතයි, වැරදියි කියන හැඟීමකුත් ගොඩනැගිලා තිබෙනවා නේද ? කියන කාරණය අපිට හොඳින් හඳුනාගන්න පුළුවන්.

මේ අවුල අපේ ජීවිත මෙන්ම සමාජය ද අවුලට පත් කරලා තිබෙනවා. ජීවිතය වඩා හොඳින් භුක්ති විදින්නන් සමාජය වඩා ආදරණීය සමාජයක් කරන්නත් අවශ්‍ය නම් අපි මේ අවුල ලිහා ගන්න වෙනවා.

කිතු දහම මෙන්ම බුදු දහමත් අපිට පැහැදිලිව කියා දී තිබෙන්නේ ලිංගික ක්‍රියාවේ යෙදීම වරදක් නොවන බවයි. කාමයේ වරදවා හැසිරිම හෙවත් කාම මිථ්‍යාචාරය වරදක් ලෙසයි.

කිතු දහම පැහැදිලිව පවසන්නේ ලිංගික ශක්තිය දෙවියන්ගේ දායාදයක් බවයි. මිනිසුන් ලිංගික සබඳතා පැවැත්වීම දේව අභිමතය. ලිංගික ශක්තිය තමයි පැවැත්මේ සාරය. එය පූජනීය දෙයක්. කුණුහරුපයක් නොවෙයි.

නමුත් වර්ථමානය තුල අපි දකින්නේ කුමක් ද?

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම හා ආත්ම සංතෘප්තිය ලබාදෙන දෙවියන් දුන් උතුම් සම්පත්තියක් වන ලිංගිකත්වය මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මටත් ආත්ම තෘප්තියටත් තර්ජනයක් බවට පත් වී තිබෙන බවයි.

මේ ව්‍යසනකාරිත්වය අප වහාම අහෝසි කළ යුතුයි. ඒ සඳහා මාවත වන්නේ ලිංගිකත්වයේ ආධ්‍යාත්මිකත්වය සොයා පාදා ගැනීමයි. ලිංගික ශක්තිය හා බැදුනු ආධ්‍යාත්මික ශක්තිය අත් විදින නිරෝගී ලිංගික ජීවිතයක් භුක්ති විදීමේ මාර්ගය හඳුනා ගැනීමට ස්ත්‍රින්ට පුරුෂයන්ට මඟ පෙන්වීමයි.

ලිංගිකත්වයේ අධ්‍යාත්මිකත්වය ලිපි පෙළ ලියැවෙන්නේ ඒ සඳහායි.

ස්වභාවික ලිංගිකත්වය ලිංගික විකෘතියක් බවට පත් වු කුහක, අධම, අන්ධ ලිංගික සංස්කෘතියක් මේ වන විට අප රට තුළ පවතිනවා. එය ප්‍රකාශ වන මුහුණුවර තුනක් පිළිබඳව කථා කරමින් මේ ලිපි පෙළ අරඹන්න හිතුවේ පවතින තත්වය හඳුනා ගැනීම තුලින් ඉදිරියට යාම වැදගත් යැයි හැඟෙන නිසා.

ලිංගික උත්තේජන ඖෂධ

පුවත්පත් පිටු පිරා පසුගිය දශක දෙක තුන තුල දැකිය හැකි එක් ජනප්‍රිය දැන්වීම්ව ර්ගයක් වන්නේ ලිංගික උත්තේජන ඖෂධ දැන්වීම්ය. ඒවා බහුතරයක් කිසිදු විශේඥයෙකු විසින් අනුමත කරන ලද ඒවා බව නොපෙනේ.

පැනඩෝල් පවා පුද්ගලයෙකු ලබාගත යුත්තේ වෛi උපදෙස් මතය. නියමිත මාත්‍රා  අනුවය. නමුත් මේ ලිංගික උත්තේජන ඖෂධ කිසිදු වෛi උපදේශයක් නිසි මාත්‍රාවක් නැතිව හිතු මනාපයට ලබාගන්නා පිරිස ලක්ෂ ගණනකි.

ඒ හේතුවෙන් මිය යන පිරිස් ද සිටිති. ඒවා ජනමාධ්‍ය තුල ඉස්මතු නොවේ. මෑතකදි එක් ඇමතිවරයෙකුගේ මරණයටද තවත් වියෝවෘද්ධ ඇමතිවරයෙකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමටද හේතු වුයේ මේ ඖෂධ ගැනීම බව රටම දනී. ඒවා වාර්තා වන්නේ ඔවුන් ජනප්‍රිය නිසාය. නමුත් තව එවැනි සිදුවීම් විශාල සංඛ්‍යාවක් දිනපතා සිදු වේ.

වෛi උපදෙස් මත ලිංගික උත්තේජන ඖෂධ ගැනීම හෝ ඇතැම් විට ලිංගිකමය බෙලහීනතා හා දුෂ්කරතා සඳහා වෛi උපදෙස් බෙහෙත් හේත් ගැනීම කිසිදු ප්‍රශ්නයක් නොවේ. එය කල යුතු දෙයකි. ඒ වෛi උපදෙස් අනුවය.

නමුත් අද සිදුවන්නේ දැවැන්ත ලිංගික ඖෂධ හා උපත් පාලන ඖෂධ වෙලඳපොලක් වෙනුවෙන් කෘතිමව ඇති කරන ලද තත්වයක ගොඳුරු බවට ජනතාව පත් වීමය.

නිල් චිත්‍රපටි

ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා නිසි විiාත්මක හා අධ්‍යාත්මික දැනුම සම්ප්‍රේෂණය සඳහා චිත්‍රපටි හෝ පොත්පත් ප්‍රකාශයට පත් කිරිම අත්‍යවශ්‍යය. එය සිදුකල යුතුමය. එහෙත් අද සිදුවන්නේ පෙර සඳහන් කල දැවැන්ත වෙළඳපොලක අවශ්‍යතාවය සඳහා අසභ්‍ය චිත්‍රපටි, පොත් පත් වෙළඳපොළට නිකුත් කිරිමයි.

ඕවා නරඹන බොහෝ දෙනා ලිංගික විකෘතිතා වලින් හා අසහනයෙන් පෙලෙන අතර ඊට විසදුම් ලෙස ලිංගික උත්තේජන ඖෂධ අලවිය සීඝ්‍රයෙන් ඉහල යයි. අද ශ්‍රී ලංකාව තුල පැනඩෝල් තරමටම ලිංගික උත්තේජන ඖෂධ අලවි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ශ්‍රී ලංකාවේ පිරිමි හා ගැහැණු මේ තරම් ලිංගික බෙලහීනයක් වී ඇත්තේ ඇයි ? එය කෘතිමව ඇති කරන ලද තත්වයකි.

මේ චිත්‍රපටි හා ප්‍රකාශන වැඩි හරියක තිබෙන කරුණු සත්‍ය නොවේ. ඒවා මගින් ඇති කරන විකෘති හා වැරදි හැඟීම් හා යොමු කිරිම් අවසානයේ පාර කපන්නේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, ලිංගිකව සම්ප්‍රේණය වන රෝග, හා මානසික රෝගී තත්වයක් කරාය.

HIV

ශ්‍රී ලංකාව තුල එච්. අයි. වී. හා ඒඞ්ස් පිළිබඳ ඇති ප්‍රවනතාවය කෙරෙහිද මේ තත්වය බලපා ඇති බවක් පෙනී යයි. ලෝකයේ බොහෝ රටවල එච්. අයි. වී. ආසාදියන් පහල යෑමක් දැකිය හැකි අතර ශ්‍රී ලංකාවේ ඇත්තේ ඊට ප්‍රතිපක්ෂ තත්වයකි.

දැන් සතියකට ්‍යෂඪ ආසාදිතයන් හතර දෙනෙකු වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව සතියකට නම දෙනෙකුවත් වන බවට ගණන් බලා ඇත.

2015 වසර තුල HIV ආසාදිතයන් වු අවුරුදු 23 ට අඩු ප්‍රමාණය 27 දෙනෙකි. ඉතා අඩු මුදලට ලිංගික සේවා සපයන ජීවිතය යාන්තම් ගැටගසා ගන්නන් සොයා පාසල් සිසුන් යාමද මේ සඳහා හේතු වී ඇත. HIV ආසාදිතයන් වන තරුණ හා යොවුන් පිරිස ඉහල යාම ශ්‍රී ලංකාවේ නව ප්‍රවනතාවයක් වී ඇති අතර HIV ආසාදිතයන් වන සමලිංගිකයන්ගේ ප්‍රමාණයද ශ්‍රී ලංකාව තුල සීඝ්‍රයෙන් ඉහල යන බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.

මේ වනාහි තරුණ පිරිස හෝ අද පරපුර පෙර පරපුරට වඩා නරුමයන් වී ඇතැයි කියා දෝෂාරෝපනය කර සිටිය හැකි තත්වයක් නොවේ. ඊට හේතු සොයා නිසි ලිංගික අධ්‍යාපනයක් නව යොවුන් වියේ සිටම ලබාදීමේ හා යහපත් යුක්තිගරුක සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීමට කැපවීමට කාලයේ සලකුණක් ලෙස සැලකිය යුතු තත්වයකි.

 

jesustoday 36 සතිය 2017 නොවැම්බර් 05

Comments powered by CComment