“ලිංගිකත්වයේ අධ්‍යාත්මිකත්වය” ගොඩනගා ගත හැක්කේ “ආදරය හා ලිංගිකත්වය ගැන දේව ධර්මය අවබෝධ කර ගැනීම මගින් යැයි න්‍ැිමිඑදා්හික වෙබ් අඩවිය මතු කිරිම තරුණ ප්‍රජාවගේ අවධානය දිනාගෙන තිබෙනවා.

තරුණ හා යොවුන් පිරිස් සමඟ පසුගිය මාසය තුළ එවැනි සාකච්ඡා කීපයක් පැවැත්වීමට අවස්ථාව ලැබීමත් මේ සංවාදය වඩාත් ඵලදායි කිරිමට උපකාරි වුනා.
ලිංගිකත්වය තීරණය වීම පිළිබඳ මේ වන විට විiාත්මකව පැහැදිලි අවසන් කනගාටුවට කරුණ වන්නේ ඒ පිළිබඳ දැනුම අපොස සාමාන්‍ය පෙළ පංතියේ විiාව විෂය යටතේ ඉගැන්වූවත් එය බොහෝ දෙනෙකු හරි හැටි ඉගෙණ ගෙන නැති බව පෙනී යාමයි.


මිනිසාගේ ලිංග තීරණය වන්නේ ස්ත්‍රී ජන්මානු (ඩිම්බ) හා පුරුෂ ජන්මානු (ශුකානු) වල ඇති වර්ණ දේහ එකට එක් වන ආකාරය අනුවයි.
මිනිස් දේහ ශෛලයක වර්ණ දේහ 46 ක් පවතිනවා. ඒ වර්ණ දේහ 46 පවතින්නේ යුගල් 23 ක් වශයෙන්. මේ යුගල් 23 න් 22 ක් අලිංගික වර්ණ දේහ 1 ක් පමණක් ලිංග වර්ණ දේහයක්.
ස්ත්‍රී ලිංග වර්ණ දේහය සැකසි ඇත්තේ ඞ ඞ නැමැති යුගලයකින් පුරුෂ ලිංග වර්ණ දේහය සැකසි ඇත්තේ ඞ ශ යුගලයකින්.


ස්ත්‍රීයක් හා පුරුෂයෙක් ගැබ් ගැනීමක් සිදු නොවන ක්‍රමයකින් තොරව ලිංගික සම්බන්ධතාවයක් පැවැත් වු විට පුරුෂ ලිංගයෙන් පිටවන ශුකානු තරලයේ ශුකානු මිලියන ගණනක් ස්ත්‍රී ඩිම්බයක් සොයාගෙන ස්ත්‍රියගේ ශරීරය තුළට පිහිනා යනවා. ඒ වන විට ගැහැනු සිරුර තුල ස්ත්‍රී බීජයක් (ඩිම්බයක්) හට ගෙන තිබුනොත් සමඟ අර මිලියන ගණනක් වන ශුකානු වලින් එකක් ඒ ඩිම්බය සමඟ එක් වීමෙන් යුක්තානුවන් සෑදෙනවා. එය තමයි ජීවිතයක ඇරඹුම.


මෙහිදි ශුකානුව තුළ පවතින ඞ ඞ වර්ණ දේහ යුගය හා ඩිම්බය තුළ පවතින ඞ ඞ වර්ණ දේහ යුගලය එකතු වන ආකාරය අනුව මවගේ ගැබ තුළ නිර්මාණය වන ජීවියාගේ ගැහැනු බව හෝ පිරිමි බව ඒ වගේම සංක්‍රාන්ති ලිංගික බව හෝ වෙනස් ලිංගික බව තීරණය වෙනවා.


1 මවගේ x වර්ණ දේහයක් හා පියාගේ x වර්ණ දේහයක් එක් වු විට නාදුනන ගැහැනු දරුවෙකු ඇති වෙනවා.
2 මවගේ x වර්ණ දේහයක් හා පිරිමියෙකුගේ y වර්ණ දේහයක් එක් වු යුක්තානුවකින් පිරිමි දරුවෙකු ඇති වෙනවා.
වැඩි වශයෙන් දැක ගත හැක්කේ ඉහත කී දෙවර්ගයේ එක් වීම්ය. ඒ නිසා අප දකින්නේ ලිංග ස්වරූප ඇත්තේ දෙකක් බවයි එනම් ගැහැණු හා පිරිමි ලිංග ස්වරූපයි. නමුත් ඉහත දැක් වු ආකාරයට වඩා වෙනස් ස්වරූපයේ ආකාරයේ වර්ණ දේහ එක්වීම්ද සිදු වේ. ඒ තුළිනි් වෙනස් ලිග ස්වරූපය බිහි වේ.
3 x ලිංග වර්ණ දේහ එකක් පමණක් පිහිටි යුක්තානුවක් බිහිවීමෙන් ස්ත්‍රීයක් නිර්මාණය වේ. නමුත් ඇය වැඩෙද්දී ලිංගික පරිණතියක් ඇති නොවන අතර මානසික ව දුර්වල තත්වයක් පෙන්වයි.
4 x x y ලෙස ලිංග වර්ණ දේහ තුනක් පිහිටීමෙන් පුරුෂයෙක් බිහි වේ. එහෙත් ඔහු ස්ත්‍රීී ලක්ෂණ පෙන්නුම් කරයි. බොහෝ විට නිසරු පුද්ගලයෙකු වේ.
5 x x x  ලෙස ලිංග න්‍ර්ණ දේහ තුනක් පිහිටිමෙන් ස්ත්‍රීයක් බිහි වේ. ඇය සුධි අස්ත්‍රී ලක්ෂණ පෙන්නුම් කරයි.
6 යුක්තානුව තුළ ස්ත්‍රි හෝ පුරුෂ බව නිශ්චිතවම ස්ථාවර නොවී ඉපදී වැඩෙද්දී ලිංගික බව ස්ථාවර වීමේ තත්වයක්ද ඉතා කලාතුරකින් දැකිය හැකිය. පිරිමියෙකු ලෙස හා ගැහැනියක ලෙස ඉපදීමේදි පෙනි ගියත් පසු කාලිනව ලිංග විපර්යාසයකට බදුන් වන්නේ එවැනි අයයි.
මේ අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ ගැහැනු බව පිරිමි බව හෝ ඊට වෙනස් ලිංග ස්වභාවය යන කිසිවකට එය දරන්නා වගකිව යුතු නැති බවයි. එය ඔහුට හෝ ඇයට උරුම වන්නකි.
කිතුනුවන් වශයෙන් කළලය දෙවියන් විසින් නිර්මාණය කරන බව අපි විශ්වාසය කරන්නේ නම් මේ සියලු ආකාරයේ ලිංග ස්වභාවයන් අපි පිළිගත යුතුය. ඔවුන් දේව දරුවන් ලෙස භාරගත යුතුය. ඔවුන් සහෝදර සහෝදරයක් ලෙස බාරගත යුතුය.
ගබ්සාවට අප විරුද්ධ වන ආකාරයටම වෙනස් ලිංගිකයින්ට වෙනස් කොට සැලකීමටද අප විරුද්ධ විය යුතුය.
ශුද්ධ වු බයිබලය අනුව මිනිස් ජීවිතයක් ඇරඹෙන්නේ ගර්භාෂයේ සිටම බව පෙන්වා දෙයි.

බ මගේ ඇතුලාන්තය
මැවු සේක
මාගේ මව් කුසයෙහි මා
තැනු සේක
මම ඔබට තුති පුදමි
මන්ද මා ඔබට ගරු බිය දැක් විය යුතුය.
ඔබේ සියළු ක්‍රියා අසිරිමත්ය
ඔබේ තරයේ මා දන්නා සේක
මාගේ ඇටකටු සෑදෙන විට
මවු කුසයෙහි මා වැඩෙන විට
රහසිගතව මා තැනෙන විට
මා එහි වු බව ඔබ
දැන සිටි සේක
මා බිහි වන්නට පෙර
ඔබ මා දුටු සේක

(ගීතාවලිය 139 / 13-16)

සංක්‍රාන්ති ලිංගිකයා, වෙනස් ලිංගිකයා ගොඩනැගෙන බව සමිදුන් දැන සිටි සේකැයි අපි පිළිගත යුතුය.
එසේ නම් සංක්‍රාන්ති ලිංගිකයා, වෙනස් ලිංගිකයා අසිරිමත් මැවිල්ලක් ලෙස අප බාරගත යුතුය.
දරු ඵලය දේව මැවිල්ලක් සේම ත්‍යාගයක් බවත් දරු සම්පත දේවාශිර්වාදයක් බවත් ශුද්ධ බයිබලය තව දුරටත් පෙන්වා දෙයි.

දරු සම්පත

සමිදාණන්ගෙන් ලැබෙන දායදයකි.

ඒ සම්පත

එතුමාගෙන් ලැබෙන ඉමහත් 

ආශිර්වාදයකි.


(ගීතාවලිය 127/3)


සංක්‍රාන්ති ලිංගිකයාද වෙනස් ලිංගිකයාද දරු සම්පතකි. ඔවුන්වද මුළු මහත් සමාජයම ත්‍යාගයක් ලෙස බාර ගත යුතුය. ඔවුන්ට ආශිර්වාදයක් ලෙස බාරගත යුතුය.

jesustoday 35 සතිය 2017 ඔක්තෝම්බර් 29

 

Comments powered by CComment