ශ්‍රී ලංකාවේ කිතුනු තරුණ හා යොවුන් ව්‍යාපාර විසින් ද ලිංගිකත්වයේ ආධ්‍යාත්මිකත්වය හඳුන්වා දීමට, ගොඩනැගීමට කටයුතු කරන බවක් නොපෙනේ. එය වත්මන් යොවුන් හා තරුණ දූත මෙහෙවරේ පැහැර හැරීය නොහැකි වගකීමකි.

ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා පසුගියදා පහත කරුණු අනාවරණය කරන ලදී.

දිවයින පුරා ලිංගාශ්‍රීත රෝග පිළිබඳ සායන වලට පසුගිය වසරේ පැමිණි පිරිසෙන්,

4 % ක් අවුරුදු 18 ට අඩු අයයි.
10 % ක් අවුරුදු 24 ට අඩු අයයි.

වයස අවුරුදු 15-24 ත් අතර වයසේ HIV ආසාධිත වූවන් ගණන 25 කි. එය ඒ වසරේ HIV රෝගින්ගෙන් 25% කි.

 අවුරුදු 15-24 ත් අතර බොහෝ දෙනෙකු මෙකි රෝග වලට ගොදුරු වී ඇත්තේ සමලිංගික සම්බන්ධතා නිසාය.
 ග්‍රාමිය සිසු-සිසුවියන් ලිංගාශ්‍රීත රෝග වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩීය.

ඉහත සංඛ්‍යා දත්ත අපට පෙන්වා දෙන්නේ ඉතා භයානක තත්වයක් නොවේද? තරුණ හා නව යොවුන් ඔබ මොහොතක් නැවති සිතන්න.

ඔබ මේ තත්වය වෙත ඇදී යා හැකි අවධානමක සිටින්නෙක්ද?

ලිංගාශ්‍රිත හැඟීම්, ආශාවන්, උද්දීපනය කරන, ඒ සඳහා ඔබව පොළඹවන මාර්ග වලට ඔබ යොමු වී සිටිනවාද?

ඔබ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගන්නවාද? ඒ ප්‍රේම සම්බන්ධයේදි ශාරීරික සම්බන්ධතා පැවැත්වීමට යොමුවකින්, ආශාවකින් ඔබ පෙළෙනවාද? ඔබ දෙදෙනා හුදකලා ස්ථාන වෙත යාමට කටයුතු කරනවාද?

ලිංගිකාස්වාදය ලබාදෙන පොත පත, වීඩියෝ දර්ශන, චිත්‍රපටි ඔබ බලනවාද?

එසේ නම් ඔබත් අවධානම් සහිත කලාපයට ඇතුල්වෙමින් සිටි. ස්වභාවික හැඟීමක්, පෙළඹවීමක් වන ලිංගිකත්වය විකෘතියක් බවටත්, ජීවිතය අවධානමේ දමන වරදවා හැසිරීමක් බවටත් පත්වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ නිසි විද්‍යාත්මක හා අධ්‍යාත්මික ලිංගික අධ්‍යාපනයක් නොමැති වීමයි.

ඉහත තොරතුරු අනාවරණය කරනු ලැබු වෛiවරයා පහත කරුණුද පෙන්වා දෙන ලදී.

 විෂය නිර්දේශයේ තිබෙන ප්‍රජනන සෞඛ්‍ය පාඩම බහුතරයක් ගුරුවරු මඟ හැර ඇත.

 ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහන් වල විදුහල්පතිවරු බහුතරයක් සහයෝගය ලබා නොදේ.

මෙවැනි විදුහල්පතිවරු ගුරුවරු සිටින රටක තාරුණ්‍යයට ඉහත දැක් වු ආකාරයේ ඉරණමක් උදා වීම පුදුමයක් නොවේ.

ශ්‍රී ලංකාවේ කිතුනු තරුණ හා යොවුන් ව්‍යාපාර විසින් ද ලිංගිකත්වයේ ආධ්‍යාත්මිකත්වය හඳුන්වා දීමට, ගොඩනැගීමට කටයුතු කරන බවක් නොපෙනේ. එය වත්මන් යොවුන් හා තරුණ දූත මෙහෙවරේ පැහැර හැරීය නොහැකි වගකීමකි.

අපගේ සොයා බැලිම් විසින් අපට හඳුනාගත හැකිව තිබෙන්නේ එකී වගකිම පැහැර හැරෙන බවකි. විශේෂයෙන් ග්‍රාමිය දිළිඳු ප්‍රදෙශවල යොවුන් හා තරුණ පිරිස් වෙත යොමුවු එවැනි වැඩ ටසහන් සිදු නොවන තරම්ය.

ප්‍රේමයේ හා ලිංගිකත්වයේ අධ්‍යාත්මය.
තරුණ, තරුණියන් සඳහා විශේෂ වැඩ සටහන

මෙහෙයවීම
කිතුසර කණ්ඩායම
දේව ධාර්මික පදනමක් මත මෙහෙයවන වැඩ සටහනකි.
ගීත හා වීඩියෝ දර්ශන ඇසුරින් ඉදිරිපත් කරයි.
විමසීම - 034 2224079 (මහින්ද නාමල්)

 

Jesustodaysl 2 වන වසර 35 වන සතිය 2018 නොවැම්බර් 11 

 

Comments powered by CComment