සෑබෑ ආදරය හදුනා ගත හැක්කේ මිනිස් මහිමය වෙත අවදිවුවන්ට පමණි. තමාව භාණ්ඩයක් කර නොගත් තමා සතු පුජනිය බව විනාශ කර නොගත් අයට පමණි. ආදරයේ පදනම මතු වන්නේ හෘද සාක්ෂියට එකඟව ජිවත්වන මිනිසෙකු තුළය.

ප්‍රේම කිරිම කිතු දහමේ මුලික පනතයි. අඥාවයි. ඒ නිසා ප්‍රේම කිරිම ගැන කිතතු දහම කිසිදු විරිද්ධත්වයක් නොදක්වයි. සපුරා සහය දක්වයි. ප්‍රේමයෙන් තොර කිතු දහමක් නැත.

නමුත් අද තරුණ තරුණියන්ගේ ප්‍රේම සබදතා බොහෝමයක් අවුලෙන් අවුලට පත් වෙමින් තිබේ.

හේතුව කුමක් ද?

ඔවුන් ප්‍රේමය නොහැදිනීමයි. ප්‍රේමය නම් කුමක්ද ? ප්‍රේමය හදුනා ගන්නේ කෙසේද ?

ප්‍රේමය ලොව හැම තැනම ඇති
හුඟ දෙනෙකකුට හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හදුනා ගත් කිසි කෙනෙකු නැති

වත්මන් ප්‍රේමය පිළිබදව සත්‍යය ඉහත ගී කණ්ඩයට සමීපය. බොහෝ දෙනෙකුට ප්‍රේමය මඟ හැරි ඇත. හමුවී නැත.

එය එසේ වී ඇත්තේ ඇයි?

බොහෝ දෙනෙකුට නියම හේතුව සොයා ගැනිමට නොහැකි වී තිබේ. ඒ නිසා එකිනෙකාට චෝදනා කරමින් සිටී.

ප්‍රේමය හදුනා ගැනිමට අද පවතින ප්‍රධාන බධාව වී ඇත්තේ මිනිසුන් දේවල්, භාණ්ඩ , යන්ත්‍ර බවට පත් විමයි. දේවල් දෙකකට එකින් එකාට  ආදරය කළ නොහැකිය. භාණ්ඩ දෙකකට එකිනෙකාට ආදරය කළ නොහැකිය. යන්ත්‍ර දෙකකට එකින් එකාට ආදරය කළ නොහැකිය.

තමාගේ ජීවිතය භෞතික සැප සම්පත් හා ලෝකය තුළ සාර්ථකත්වය ලබාගැනිම සඳහා මුළුමනින් කැප කරනු ලැබු කෙනෙකුට ආදරය කල නොහැකිය. ඔහු යන්ත්‍රයකට සමානය. දෙයකට සමානය. භාණ්ඩයකට සමානය.

එරික් ප්‍රාම් මේ තත්වය පහත පරිදි විස්තර කර තිබේ.

"නුතන මිනිසා භාණ්ඩයක තත්වයට පත්ව තිබේ. ඔහු සැලකිලිමත් වන්නේ පෞරුෂ වෙළද පෙලේ ඔහුට තිබෙන පිළගැනිම හා තත්වය සැලකිල්ලට ගෙන තමා සතු සියලු ශක්තින් උපරිම මට්ටමින් ලාභ ලැබිය හැකි පරිදි අයෝජනය කල හැකි ආකාරය පිලිබදවයි."

"ඔහු අද තමාගෙන් ඔහුගේ සමීපතමයන්ගෙන් හා ස්වභාවධර්මයෙන්ද ඈත් වී සිටි. ඔහුගේ මුලික ආභිලාශය වී තිබෙන්නේ තමා සතු කුසලතා, දැනිම, තමාගේ ආත්මය, පෞරුෂ පැකේජය යන මේ සියල්ල තමා මෙන් ලාභදායි හුවමාරුවකට සුදානම් පාර්ශවයකට ලාභදායි ලෙස අලවි කර ගැනිමටයි."

"මෙසේ තරඟකාරී අරගලයකට මැදිවු මෙවලමක් මෙන් ඉදිරියට ගමන් කිරිම හැර ජීවිතයට වෙනත් ඉලක්කයක් නොමැත. සාධාරණ ඉල්ලුමක් පවත්වා ගැනිම හැර වෙනත් ප්‍රතිපත්තියක් නැත. පරිභෝජනය හැර වෙනත් සතුටක් නැත." (ආදරය කලාවකි. පිටුව 135)

මෙවැනි මිනිසෙකුට ආදරය හමු නොවේ ආදරය හදුනා ගත නොහැකිය.ඔහු තුළ තිබෙන ආදරයේ උල්පත වැසියයි.

සෑබෑ ආදරය හදුනා ගත හැක්කේ මිනිස් මහිමය වෙත අවදිවුවන්ට පමණි. තමාව භාණ්ඩයක් කර නොගත් තමා සතු පුජනිය බව විනාශ කර නොගත් අයට පමණි.

ආදරයේ පදනම මතු වන්නේ හෘද සාක්ෂියට එකඟව ජිවත්වන මිනිසෙකු තුළය.

භාණ්ඩයක් වු මිනිසෙකු තුළින් එය පළා යයි.

තම හෘද සාක්ෂියට එකඟව නිර්ව්‍යාජව සිදුකරන සංවේදනයක් තුළ සැබෑ ආදර සබැදියාවක් ගොඩනැගේ. සැබෑ ආදරයේ ගැඹුරු සම්බන්ධය පවතින්නේ ගනුදෙනුකාර බවින් ඔබ්බේහිය. එය ජීවමාන සබැදියාවකි.

ආදරවන්තයෙකු, ආදරවන්තියක විමට නම් තමා භාණ්ඩයක්, දෙයක්, යන්ත්‍රයක් විමෙන් නිදහස් විය යුතුය. තරුණ තරුණියන් ලෙස අප ප්‍රථමයෙන් මහන්සි විය යුත්තේ මේ සමාජය තුල භාණ්ඩයක්, පැකේජයක් නොවී සිටිමටයි.

Jesustodaysl වන වසර 28 වන සතිය 2018 සැප්තැම්බර් 16

 

Comments powered by CComment