ලංකාවේ පිරිමින්ගේ මද සරුභාවය පසුගිය දශකය තුළ 8% - 15% දක්වා පමණ ඉහළ ගිහින්. මද සරු භාවය හෙවත් වඳභාවය ඉහල යාම සඳහා බලපාන ප්‍රධාන හේතු අතර තිබෙන්නේ මොනවාද ? 

තරුණ පෙම් යුවල් "ව්වාහය" ගැන සිහින මවනවා. එ්ක සුන්දර සිහිනයක්. අැත්තටම එ් සුන්දර සිහිනය ඔවුන් ලවා මවන සිහිනයක්.

"බඳින්න ලෑස්ති වෙනවාද ?" එහෙනම් මෙන්න මේ විදිහට බඳින්න. කියන ප්‍රදර්ශන පොත් පත්, සඟරා, ඉසව් කළමනාකරණ අායතන, ඡායාරූප ශිල්පින්, හෝටල් හිමියන්, රූපලාවන්‍ය ශිල්පින් ශිල්පිනියන් තව හුඟාක් දෙනෙක් "වෙඩින් පැකේජ්" අලවියට තබා තිබෙනවා වෙඩින් කියන්නේ තව දුරටත් තරුණ යුවලගේ තේරිමක් නොවෙයි. අර පැකෙජ් මිලදි ගැනීමක්.

මේ කෙටි සටහන එ් ගැන නොවෙයි. තරුණ යුවලකගේ "දරු පැටියෙක්" ගැන සිහිිනය ගැන.

"තාම බබාලා නැද්ද" ? කියන හිත් රිදවන ප්‍රශ්නයට මුහුණ දෙන යුවල් ඉහළ යමින් තිබෙනවා. ඔව් ලංකාව තුළත්.

ලංකාවේ පිරිමින්ගේ මද සරුභාවය පසුගිය දශකය තුළ 8% - 15% දක්වා පමණ ඉහළ ගිහින්. මද සරු භාවය හෙවත් වඳභාවය ඉහල යාම සඳහා බලපාන ප්‍රධාන හේතු අතර තිබෙන්නේ මොනවාද ? 

  • අාතතීය (Stress)
  • කොලොස්ට්‍රරෝල්
  • දියවැඩියාව
  • දුම්පානය හා මත්පැන්
  • පරිසර දූෂණය 

දරු ඵල අවැසිනම්

  • පරිසර සංරක්ෂණයට කැප වෙන්න.
  • අාතතියෙන් මිදුනු මානසික සෞඛ්‍යයෙන් යුතු ජීවිතයක් ගත කරන්න.
  • කට පරිස්සම් කරගෙන දියවැඩියාවෙන් කොලොස්ට්‍රරෝල් වලින් අධි රුධිර පීඩනයෙන් මිදෙන්න.

තරුණ තරුණියනී,

අාදරය, ප්‍රේමය, විවාහය පිළිබඳ කථාබහට එක් විය යුතු මාතෘකා තමයි ඉහත එ්වා. මානසික පීඩනයෙන් අාතතියෙන් මිදෙන්න. ප්‍රේමය භුක්ති විදීමට එය අවශ්‍යයි. වෙඩින් එක නෙවෙයි. විවාහ ජීවිතය සැලසුම් කරන්නත් සිතා බැලිය යුත්තේ එ් ගැනයි. විවාහ උත්සව වගේම විවාහ ජීවිතයක් කැමරාව ඉදිරියේ අායාසයෙන් සිනහා වීමක් වගේ වීම දේව කැමැත්ත නාෙවෙයි.

jesustodaysl 2 වන වසර 23 වන සතිය 2018 අගෝස්තු 12

Comments powered by CComment