සංක්‍රාන්ති ලිංගිකයින් මනුෂ්‍යයින් ලෙස පිළිගැනීම දේව නියමය බව Jesustodaysl හී අපි දිගින් දිගටම අවධාරණය කළා. ඉතිං ඒ නිසා ඔවුන්ගේ හිමිකම් ස්ථාපිත කිරීමට ක්‍රියා කිරීම යුගයේ ධර්මදූතික මෙහෙවරක් බව කිතුනුවන් සියල්ලන් අවධාරණය කරගත යුතුයි.

සංක්‍රාන්ති ලිංගිකයා - 6

මේ කතාව ජන මාධ්‍ය විෂය කරගත්තේ නෑ. සාමාන්‍ය ගමක සාමන්‍ය පවුලක හුදකලා දරුවෙක්ගේ කථාවක්. මේ දරුවා ඉපදෙන්නේ අග හිඟකම් පිරුණු ගැමි පවුලක දරුවන් හතර දෙනෙකුගේ එක් අයෙකු ලෙස හැදී වැඩෙන්නේ සහෝදරියෝ තුන් දෙනෙක් එක්ක. ටිකෙන් ටික ලොකු වෙද්දි “මුන් කෙල්ලෙක් වගේ” කියන ප්‍රතිචාරය ලැබෙනවා. අක්කලා විවාහ වෙනවා. තාත්තා මැරෙනවා. දුප්පත් ජීවිත. නරගයේ වගේ සංක්‍රාන්ති ලිංගික අනන්‍යතා සහිත සංවිධානගත පිරිසක් මූණගැසෙන්නේ නෑ. හුදකලාව දුක් විඳිනවා.

සුපුරුදු පරිදි පිරිමි කීප දෙනෙක්ම ඔහුව පාවිච්චි කරනවා. රස්සාවක් සොයාගන්න දුක් විඳිනවා. අධ්‍යාපනය හයවෙනි පංතියෙන් නවතින්නේ උසුල විසිළු මැද්දේ අවසානයේ ජීවිතය නැති කරගන්නවා. දරුනුම පීඩාවකදී පොලිසියට ගියත් ඔහුට ලැබෙන්නේ සමච්චලය විතරයි.

“අර ගෑනි වගේ කොල්ලා වහ බීලා මැරිලා. ගම් කථාව ඒ වගේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව “වස බීමෙන් සිදු වූ මරණයක්” ලෙස කථාව අවසන් කරනවා.

2018.07.27.12
සංක්‍රාන්ති ලිංගිකයින් මුහුණ දෙන ඛේදවාචකය ගැන මේ කථාවේ විශාල දෙයක් සැඟවි තිබෙනවා.

  1. ලිංගිකත්වය වෙනස් වීම පිළිගන්න සමාජයක් නෑ.
  2. උප්පැන්නයේ ස්ත්‍රී පුරුෂභාවය ඔවුන් තුළ වන වෙනසට ගැලපෙන්නේ නෑ.
  3. පොලිසිය දක්වන ආකල්පය අන්තිම ප්‍රාථමිකයි. දුෂ්ඨයි. බොහෝ විට සිදු වන අත් අඩංගුවට ගැනීම අසාධාරණයි.
  4. රැකියා ලබාගැනීමේදි ඔවුන්ව නොසලකා හැරෙනවා.
  5. අධ්‍යාපන මට්ටම අඩු මව්පියන්ට ඔවුන්ගේ ලිංගික විපර්යාසයට අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට ඔවුන් යොමු කිරීමට දැනුමක් හෝ මුදල් නැ. ඒ වගේම ඔවුන්ව මානසික ගොඩනගන්න දැනුම නෑ.
  6. පවුල් තුල සිටින අනෙක් සහෝදර සහෝදරියන්ට ආර්ථික පීඩනය සමඟ මෙවැනි සහෝදරියකට, සහෝදරයෙකුට උපකාර කරන්න හැකියාව නෑ.
  7. ආගමික සංවිධාන, ආයතන ආදිය මෙවැනි අය ගැන අවධානයක් නෑ.

ඒ කරුනු එසේ වූවත් පසුගිය කාලය තුල 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඇති කළ මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීම සමඟ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ අයිතින් මානව අයිතින් තුල පිහිටා ලබා ගන්න යම් යම් සාධනීය පියවර තබා තිබෙනවා. ඉන් එකක් තමයි නව උප්පැන්න සහතිකයක් ලිංගිකත්වය වෙනස් කොට ලබා ගැනීමට ඉඩ සලසා තිබීම. මේ නිසා තම හැදුනුම්පත. ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍රය ආදිය නැවත සකස් කරගන්න හැකි වී තිබෙනවා.

සංක්‍රාන්ති ලිංගිකයින් මනුෂ්‍යයින් ලෙස පිළිගැනීම දේව නියමය බව Jesustodaysl හී අපි දිගින් දිගටම අවධාරණය කළා. ඉතිං ඒ නිසා ඔවුන්ගේ හිමිකම් ස්ථාපිත කිරීමට ක්‍රියා කිරීම යුගයේ ධර්මදූතික මෙහෙවරක් බව කිතුනුවන් සියල්ලන් අවධාරණය කරගත යුතුයි. ලිංගික අනන්‍යතාවය නොසලකා සියලුම මිනිසුන්ට මානව හිමිකම් සහතික කළ යුතුයි කියනවටත් වඩා ඉදිරියට ගිහින් කිතුනුවන් මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි. මන්ද සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව පීඩිත ජන කොටසක් සේ ජීවත්වන නිසා. ඒ පීඩිතයා ගැන ක්‍රියා කිරීම දෙවියන් තුළ ප්‍රමුඛතාවයක් නිසා.

අපි දැන් ලිපිය මුලට ගියොත් ඒ දිවිනසා ගැනීම ගැන නිගමනය දිය යුත්තේ කොහොමද ? සංක්‍රාන්ති ලිංගිකයාව මිනිසෙක් ලෙස භාර නොගන්නා සමාජයක් විසින් දිවි නසා ගැනීමට බල කරනු ලැබීමෙන් වූ මරණයක් ඔව්. එය ඝාතනයක්.

 

jesustodaysl 2 වන වසර 21 වන සතිය 2018 ජූලි 29

Comments powered by CComment